ඩුබායි දේශයේදී දෙසැම්බරයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට්

තරගාවලිය ලබන ජනවාරියේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වන කණ්ඩායම්වලට වටිනා පෙරහුරුවක්.

රටවල් අටක සහභාගිත්වයෙන් දෙසැම්බර් 8 සිට 17 දක්වා පැවැත්වෙන ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකාව අයත්ව සිටින්නේ ‘බී’ කොටස ට. බංග්ලාදේශය, ජපානය හා සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම කොටසේ අනෙක් රටවල්.

‘ඒ’ කොටස ට අයත්ව සිටින රටවල් වනුයේ වර්තමාන ශූරයින් වන ඉන්දියාව, පාකිස්තානය, නේපාලය හා ඇෆ්ගනිස්තානය.

ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා නේපාලය තරගාවලියට පිවිසෙන්නේ ආසියානු ක්‍රිකට් සම්මේලනයේ නිත්‍ය සාමාජිකයින්ගෙන් පිට සුදුසුකම් ලැබීමේ කණ්ඩායම් අතර පැවති තරගාවලියේදී ඉහළ ම ශ්‍රේණි ත්‍රිත්වය ලබා ගැනීම මත.

සමස්ත තරගාවලියට අයත් තරග 15 ක්‍රීඩා කිරීම පිණිස ඩුබායි හි ස්ථාන තුනක් වෙන්කර තිබෙන අතර එම ක්‍රීඩාංගණ වනුයේ ICC ඇකඩමි ඔ්වල්-1, ICC ඇකඩමි ඔ්වල්-2 හා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය.

අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය දෙසැම්බර් 8 වැනිදා පැවැත්වෙන්නේ ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය අතර. තරගාවලියේ දෙවැනි තරගය පාකිස්තානය හා නේපාලය අතර පැවැත්වීමටයි නියමිත.

zxcfvsdfe
කොළඹ රාජකීය විදුහලේ වමත් පිතිකරුවෙකු මෙන්ම දකුණතින් පිට දඟ පන්දු යවන සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නේවාසික පුහුණුවක ඉතාමත් සාර්ථකව යෙදී සිටින බව මේ අතර වාර්තා වෙනවා. ලබන 30 වැනිදා නැවත කොළඹ පැමිණීමට නියමිත කණ්ඩායම දෙසැම්බර් 4 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජෙහාන් මුබාරක් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන අතර කළමනාකරු ලෙස නැවත වරක් පත්ව සිටින්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ජයන්ත සෙනවිරත්න.

සම්පත් පෙරේරා සහාය පුහුණුකරු ලෙසත්, චමිල ගමගේ වේග පන්දු පුහුණුකරු ලෙසත්, සචිත්‍ පතිරණ දඟ පන්දු පුහුණුකරු ලෙසත්, ගයාන් විජේකෝන් පන්දු රැකීමේ පුහුණුකරු ලෙසත් කටයුතු කරනවා.

zxcvsdfwe
ශ්‍රී ලංකා සංචිතය: සිනෙත් ජයවර්ධන (නායක), පුලිඳු පෙරේරා, රුසාද ගමගේ, රවීශාන් නෙත්සර, සරුජාන් ෂන්මුගනාදන් (කඩුලු රකින්නා), දිනුර කළුපහන, විශ්වා ලහිරු, ගාරුක සන්කෙත්, විශේන් හලඹගේ, රුවිශාන් පෙරේරා, මල්ෂ තරුපති (උපනායක), විහස් තෙව්මික, දුවිඳු රණතුංග, හිරුන් කපුරුබණ්ඩාර (කඩුලු රකින්නා), දිනුක තෙන්නකෝන්.

අතිරේක ක්‍රීඩකයන් - ජනිත් ප්‍රනාන්දු, සුපුන් වඩුගේ.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්