ආක්‍රමණශීලී පිතිකරණයේ දිගින් දිග ට ම දස්කම් දක්වමින් සිටින ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වල්

ක්‍රිකට් ලෝක වාර්තාවක් සම කර තිබෙනවා. ඒ, ඉන්දියාව ට එරෙහිව විස්සයි20 ශතකයක් ලබා ගනිමින්.

මැක්ස්වල් විසින් සම කර තිබෙන්නේ ඉන්දියාවේ රෝහිත් ෂර්මාගේ ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරග බිමේ වැඩිම ශතක වාර්තාව. දැන් මේ දෙදෙනා ම ශතක හතර බැගින් ලබා ගෙන සමතත්ත්වයේ සිටිනවා.

xxsfge4rt
ඉන්දියාව සමග ගුවහාටි නගරයේ ඊයේ පැවති තෙවැනි විස්සයි20 තරගයේදී මැක්ස්වල් අතිවිශිෂ්ට නොදැවුනු ශතකයක් වාර්තා කරමින් අවසාන පන්දුවේදී ඔස්ට්‍රේලියාව ට කඩුලු පහක ජයග්‍රහණයක් හිමිකර දීමට සමත් වුනේ ආශ්චර්යජනක අයුරින්.

මැක්ස්වල් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මේ තියුණු ජයග්‍රහණය ලබා දුන්නේ හුදෙකලා සටනක නිරතවෙමින්. බාසපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දියාව වාර්තා කළ කඩුලු 3 ට ලකුණු 222 ඉලක්කය හඹා යාමේදී ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ඉනිම පුරා ම සිටියේ පිටුපසින්. එහෙත් කළු වලාවකින් මතුවූ රිදී රේඛාවක් ලෙසින් ග්ලෙන් මැක්ස්වල් නොදැවී ලබා ගත් ලකුණු 104 හා නායක මැතිව් වේඩ් නොදැවී රැස්කර ගත් ලකුණු 28 ආධාරයෙන් ඔස්ට්‍රේලියාව තරග පහකින් සමන්විත විස්සයි20 තරගමාලාවේ පළමු ජයග්‍රහණය අත්කර ගත්තේ ඉන්දියාවේ පෙරමුණ 2-1 ට අඩු කරමින්.

ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය ට එරෙහිව විස්මිත ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට මේ වේගවත් පිතිකරුවා සමත් වී වැඩි කාලයක් ගතවී නැහැ.

ප්‍රසිධ් ක්‍රිෂ්නා යැවූ 20 වැනි ඔ්වරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 21ක් අවශ්‍යව තිබියදී වේඩ් හතරේ පහරක් හා එක ලකුණක් ලබා ගැනීමෙන් පසුව මැක්ස්වල් අවසාන පන්දු හතරේ දී හයේ පහරක් සහ හතරේ පහර 3ක් එල්ල කරමින් තරගය ජයග්‍රාහීව අවසන් කළේ ඔහුගේ සිවුවැනි විස්සයි20 ශතකය පන්දු 47කින් ලබා ගනිමින්. මේ අනුව ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වේගවත්ම විස්සයි20 ශතකලාභීන් වන ඒරන් ෆින්ච් හා ජොෂ් ඉන්ග්ලිස් සමග සමාන වී සිටිනවා. 

සබැඳි පුවත් :
ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ගෙන් ග්ලෙන් මැක්ස්වල්ගේ බිරිඳට නින්දාසහගත දොස්

 

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්