leader s

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (16) පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනීමට

සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් රැස් කළේය.

චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 69 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 66ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 174කි.

සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 06ක් දැවී තිබියදී ලකුණු 178ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබුණි.

තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ය.

සිම්බාබ්වේ පිල වෙනුවෙන ක්‍රේග් එර්වින් පන්දු 54කදී ලකුණු 70ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේය.

ඒ අනුව කණ්ඩායම් දෙකම තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලිය තරග 1ට 1ක් ලෙස ජයගෙන සිටී.

දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා (18) පැවැත් වීමට නියමිතය.

419589586 772818111549974 4778810891365853392 n

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්