ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය හෙට පෙබරවාරි 2 වැනිදා කොළඹ එස්.එස්.සී. තරග බිමට

පිවිසෙන්නේ දෙරට අතර මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය ඉතිහාසගත කරමින්.

සුදු පන්දුවෙන් පෙරලිකාර ක්‍රිකට් ක්‍රීඩාවක යෙදෙමින් විස්සයි20 හා එක්දින තරග බිමේ නමක් දිනා ගනිමින් සිටින ඇෆ්ගනිස්තානය ට රතු පන්දුවෙන් ක්‍රීඩා කරන පස් දින ටෙස්ට් ක්‍රිකට් පිටියේ පෙලහර පාන්නට වැඩි අවස්ථාවක් මෙතෙක් ලැබී නැහැ. ඔවුන්ට ටෙස්ට් වරම් ලැබුනේ මෑතකදී. 2018 වසරේදී ලොව 12 වැනි ටෙස්ට් කණ්ඩායම බවට පත්වූ ඇෆ්ගනිස්තානය ටෙස්ට් ක්‍රිකට් ලෝකයට පිවිසි තැන් පටන්‌ මේ දක්වා ක්‍රීඩා කර තිබෙන්නේ තරග 7කට පමණ යි.

dfs4e5345
ඇෆ්ගනිස්තානය හෙට ආරම්භ කරන්නේ ඔවුන්ගේ 8 වැනි ටෙස්ට් තරගය මෙන්ම ශ්‍රී ලංකාව ට එරෙහි ප්‍රථම ටෙස්ට් තරගය යි. මෙයින් තරග 3ක් ජය ගැනීමට සමත් වූ ඇෆ්ගනිස්තානය අනෙක් තරග 4න් පරාජයට පත්වුනා. මේ අනුව ඔවුන් සාමාන්‍ය වශයෙන් සියයට 43ක ජයග්‍රාහී ප්‍රතිශයක් වාර්තා කර තිබෙන අතර ටෙස්ට් ක්‍රිකට් කෝඩුකාරයන් ලෙස එය සැලකිය යුතු මට්ටමේ ක්‍රීඩාවක්.


2018 වසරේ ඉන්දියාවේ පැවති සිය මංගල ටෙස්ට් තරගයෙන් පරාජය වූ ඇෆ්ගනිස්තානය එම වසර අගදී ඉන්දියාවේදී ම අයර්ලන්තය ට එරෙහිව ඔවුන්ගේ මංගල ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළා. ඉන්පසු වසරේදී බංග්ලාදේශය ඔවුන්ගේ රටේදී ම පරාජය කිරීමට ඇෆ්ගන් ක්‍රීඩකයන් සමත් වුනේ බංගලි ක්‍රීඩා ලෝලීන් අන්දමන්ද කරවමින්.

2019/20 වකවානුවේ ඉන්දියාවේ පැවති බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ටෙස්ට් තරගයෙන් පරාජය වූ ඇෆ්ගන් කණ්ඩායම 20220/21 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති සිම්බාබ්වේ සමග පැවති ද්විත්ව ටෙස්ට් තරගමාලාව 1-1ක් ලෙස ජය පැරදුමින් තොරව අවසන් කර ගත්තේ පළමු තරගය පරාජය වී දෙවැනි තරගය ජය ගනිමින්.

ඇෆ්ගනිස්තානය අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ පසුගිය වසරේ ජූනි මාසයේ. මිර්පූර් හි පැවති එම තරගයේදී ඔවුන් බංග්ලාදේශය හමුවේ ලකුණු 546ක දැවැන්ත පරාජයක් ලැබුවා.

fgdfg4r
ප්‍රතිවාදී පිතිකරුවන් වශී කරන සුරයක් බඳු රෂිඩ් ඛාන් අහිමි වීම ඇෆ්ගනිස්තාන කණ්ඩායමට විශාල පාඩුවක්. 25 හැවිරිදි මේ පා දඟ පන්දු යවන්නා කොන්දේ ශල්‍යකර්මයකින් පසුව තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නැහැ. ඇෆ්ගනිස්තානය මේ දක්වා ක්‍රීඩා කර තිබෙන ටෙස්ට් තරග හතෙන් පහකට සහභාගි වී ඇති මේ සුපිරි දඟ පන්දු යවන්නා කඩුලු 34ක් ලබා ගැනීමට සමත් වුනා.

රෂිඩ් ඛාන් වෙනුවට ඇෆ්ගන් සංචිතයට කැඳවා තිබෙන විකල්ප පා දඟ පන්දු යවන්නා වනුයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ද වන කායිස් අහමඩ්  (Qais Ahmed). මේ ක්‍රීඩකයා ප්‍රථම වතාවට ජාත්‍යන්තර තරග බිමට පිවිස තිබෙන්නේ 2022 වසරේ දී.


ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකුම අවිය සහ ශක්තිය වී තිබෙන්නේ ඔවුන්ගේ දඟ පන්දු ප්‍රහාරය. මංගල ටෙස්ට් ගැටුම දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙස සැලකෙන ගාල්ල ක්‍රිකට් පිටියේ නොපැවත්වීමට සත්කාරක ශ්‍රී ලංකාව තීරණය කළේ මේ හේතුව නිසා යැයි කෙනෙකුට අනුමාන කරන්න පුළුවන්.


දඟ පන්දු යවන නූර් අලි සඩ්රාන්, වේග පන්දු යවන නවීඩ් සඩ්රාන් හා කඩුලු රකින-පිතිකරු මොහමඩ් ඉෂාක් ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින අතර නවීඩ් සඩ්රාන් හා මොහමඩ් ඉෂාක් ඇෆ්ගනිස්තාන ටෙස්ට් සංචිතයට නම් කර තිබෙන්නේ ප්‍රථම වතාවට. නූර් අලි සඩ්රාන් (Noor Ali Zadran) ඇෆ්ගන් ජ්‍යෙෂ්ට කණ්ඩායමට ඇතුළත්ව සිටින්නේ දේශීය තරග බිමේ ඔහු ප්‍රදර්ශනය කළ දස්කම් හේතුවෙන් වන අතර ඔහු බොහෝ විට හෙට මංගල ටෙස්ට් වරම් ලබනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
xfgrt4
නවීඩ් සහ ඉෂාක් සංචිතයට ඇතුළත්ව සිටින්නේ පසුගිය වසරේ පැවති අහමඩ් ෂා අබ්ඩාලි පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ සහ මෑතකදී පැවති ගාසි අමනුල්ලා ඛාන් කලාපීය ‘ඒ’ තරගාවලියේ දැක්වූ දස්කම් තේරීම් නිලධාරීන්ගේ අවධානයට යොමු වූ බැවින්. පසුගිය ඔක්තෝබරයේ පැවති ඇෆ්ගනිස්තාන් ‘ඒ’ කණ්ඩායමේ ඔ්මාන් සංචාරයේ දක්ෂතා ද මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා.

හෙට ඇරඹෙන ඇෆ්ගනිස්තාන් ශ්‍රී ලංකා සංචාරයේ එක ම ටෙස්ට් තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමට නායකත්වය දෙන්නේ ද්විත්ව ටෙස්ට් ශතකයක් වාර්තා කළ පළමු ඇෆ්ගන් ක්‍රීඩකයා බවට පත්ව සිටින හෂ්මතුල්ලා ෂහිඩි (Hashmatullah Shahidi). 2021 මාර්තුවේදී ඔහු සිම්බාබ්වේ ට එරෙහිව ලකුණු 200ක් ලබා ගත්තේ නොදැවී ක්‍රීඩා කරමින්.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව ට පැමිණ සිටින්නේ සිය රටේ සති දෙකක පුහුණු කඳවුරක් හා අබුඩාබි හි දින දහයක තරග සූදානම් වීමේ කඳවුරකින් පසුව.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්