leader s

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සිකුරාදා ඇරඹෙන ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය

සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පැවරී තිබෙන්නේ මැද පෙල පිතිකරුවෙකු මෙන්ම ප්‍රයෝජනවත් පිට දඟ පන්දු යවන්නෙකු ද වන ධනංජය ද සිල්වා ට. ධනංජය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට පිවිසෙන්නේ ප්‍රථම වතාවට.

sl af

මේ ‌ඵෙතිහාසික ටෙස්ට් තරගය සඳහා නවක ක්‍රීඩකයන් තිදෙනෙකු ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබෙනවා. ආරම්භක පිතිකරුවෙකු වන ලහිරු උදාර සහ වේග පන්දු යවන්නන් වන චාමික ගුණසේකර හා මිලාන් රත්නායක එම ක්‍රීඩකයන්.

පළපුරුදු ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් ද සංචිතයට ඇතුළත් කර තිබෙන්නේ ඇෆ්ගන් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තාරුණ්‍යය සමග පළපුරුද්ද මිශ්‍ර කරමින්.

මෙය උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගත් පළමු ටෙස්ට් ක්‍රිකට් සංචිතය යි.

cfhdhr5
පැතුම් නිස්සංක, ඩිල්ෂාන් මධුෂංක හා කුසල් ජනිත් පෙරේරා යන ක්‍රීඩකයන් මෙවර සංචිතයට ඇතුළත් කර නැහැ.

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය දැරූ දිමුත් කරුණාරත්න හා නිශාන් මදුෂ්ක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට ඉඩ තිබෙනවා.

ප්‍රතිවාදී ඉනිම ආරම්භ කරන එක් පිතිකරුවෙකු වන ඉබ්‍රහිම් සඩ්රාන් අභියෝගයක් වීමට පෙර දවා ගත යුත්තේ ඔහුට සුදු පන්දුවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවේදී චමත්කාරජනක අතීතයක් තිබෙන බැවින්. ඔහු මෙතෙක් ලබා ගෙන සිටින ඔහුගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශතක පහෙන් දෙකක් ම වාර්තා කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දී.

ආබාධයකට ලක්වීම හේතුවෙන් සිම්බාබ්වේ සමග පසුගියදා පැවති තරගවලට සහභාගි නොවූ වේග පන්දු යවන කසුන් රාජිත යළි සංචිතයට එක්ව සිටිනවා. ශ්‍රී ලංකා වේග පන්දු ප්‍රහාරය තෝරා ගැනෙනු ඇත්තේ කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු හා අසිත ප්‍රනාන්දුගෙන්.

දඟ පන්දුවේදී රමේෂ් මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය ප්‍රධාන තැනක් ගනු ඇතැයි අපේක්ෂා‌ කෙරෙනවා.

dfhdfh
චාමික ගුණසේකර සහ ලහිරු උදාර සංචිතයට ඇතුළත් කර තිබෙන්නේ ජාතික සුපර් ලීගයේ ඔවුන් මෙතෙක් ප්‍රදර්ශනය කර ඇති දස්කම් හේතුවෙන්. මිලාන් රත්නායක නම් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන.

හෙට ඇරඹෙන තරගය ඇෆ්ගනිස්තානයේ 8 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය වූවත් ශ්‍රී ලංකාව මේ වන විට ටෙස්ට් 300කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් පසුගිය ඔක්තෝබරයේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ම ක්‍රීඩා කළ ඔවුන්ගේ අවසාන ටෙස්ට් තරගයේදී පාකිස්තානය වෙතින් ලැබුවේ ඉනිමක හා ලකුණු 222ක ලජ්ජාසහගත පරාජයක්. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව සිටින්නේ අන්තිම ස්ථානයේ.

ඇෆ්ගනිස්තානය ට එරෙහි ටෙස්ට් තරගය ධනංජය ද සිල්වාගේ නායකත්ව හැකියාවන් මෙන්ම නව තේරීම් කමිටුවේ නිරවද්‍ය බව ද උරගා බැලෙන තීරණාත්මක තරගයක්.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්වා ප්‍රනාන්දු, කසුන් රාජිත, කමිඳු මෙන්ඩිස්, ප්‍රබාත් ජයසූරිය, ලහිරු උදාර, චාමික ගුණසේකර, මිලාන් රත්නායක.

 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්