leader s

ලකුණු 77ක් ලබා ගත් දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරය වන විට ශ්‍රී

ලංකාව පළමු ඉනිමේ කඩුලු 3 ක් බිඳ වැටී ලකුණු 177 ක් රැස්කර ගෙන සිටියා.

දිමුත් කරුණාරත්න ලකුණු 77ක් ලබා ගෙන දැවී ගොස් සිටි අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 29ක්ද, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 15ක්ද ලබා ගෙන සිටියා.

පෙර දින තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 80ක් ලබා ගෙන සිටි ශ්‍රී ලංකාව අද උදය වරුවේදී ඔ්වර 23 ක් ඇතුළත ලකුණු 97 ක් රැස්කර ගත්තේ කඩුලු 3 ක් අහිමි කරගෙන.

කරුණාරත්න ට අමතරව අද දිවා ආහාරයට පෙර දැවී ගිය පිතිකරුවන් වූයේ ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක හා කුසල් මෙන්ඩිස්.

දෙවැනි දින තරගයේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් දිමුත් කරුණාරත්න ඔහුගේ 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා. ඊළඟ ඕවරයේ දෙවැනි පන්දුවේදී දිමුත් සහ නිශාන්ත මදුෂ්කගේ ලකුණු 93 ආරම්භක කඩුලු සබඳතාව අවසන් වුනා.

SCK 2024.01.03නවීඩ් සඩ්රාන් සිය සගයන් සමග ප්‍රීතිවන්නේ නිශාන් මදුෂ්කගේ කඩුල්ල ලබා ගැනීම

පන්දු 98ක මේ සබඳතාව බිඳ වැටුනේ නවීඩ් සඩ්රාන්ගේ පන්දුවකට මදුෂ්ක දුන් උඩ පන්දුවක් ‘ලෙග් ස්ලිප්’ හි සිට නූර් අලි සඩ්රාන් ප්‍රදර්ශනය කළ දක්ෂ පන්දු රැකීමකින්. මෙය නවීඩ් සඩ්රාන්ගේ පළමු ටෙස්ට් ක්‍රිකට් කඩුල්ල වුනා.

පන්දු 53කට මුහුණ දුන් නිශාන් මදුෂ්ක හතරේ පහර 6ක් සමග ලකුණු 37ක් වාර්තා කළා.

ඊළඟට කඩුල්ලට පිවිසියේ ඊයේ සිය 29 වැනි උපන්දිනය සැමරූ කුසල් මෙන්ඩිස්. කෙසේ වෙතත් වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාවක් නොතිබුනු ඔහු නජිට් මසූඩ්ගේ පන්දුවට ‘ලෝං ලෙග්’ හි පන්දු රකිමින් සිටි සියා උර් රෙහමාන් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 10කට දැවී ගියා. පන්දු 22කට මුහුණ දුන් කුසල් දැවී යාමට පෙර එක් හතරේ පහරක් එල්ල කර තිබුනා.

මේ අනුව ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල මුළු ලකුණු 115දී බිඳ වැටුනේ ඊයේ තරගයේ 8 වැනි ඔ්වරයේ. එය ශ්‍රී ලංකා ඉනිමේ 22 වැනි ඕවරය වී තිබුනා.

ශ්‍රී ලංකා තෙවැනි කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු සංඛ්‍යාව 148ක්ව තිබියදී.

ශතකයක් කරා යනු ඇතැයි අපේක්ෂා කෙරුනු දිමුත් කරුණාරත්න 30 වැනි ඕවරයේදී කයිස් අහමඩ්ගේ පන්දුවට ‘ෂෝට් මිඩ් විකට්’ හි ඉබ්‍රහිම් සඩ්රාන් අතට උඩ පන්දුවක් ලබා දීම හේතුවෙන් ලකුණු 77කට දැවී ගියා. පන්දු 72ක දිමුත්ගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත්ව තිබුනා.


warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

සබැඳි පුවත් :

ඇෆ්ගන් ඉනිම ලකුණු 198කින් නවතී - ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 80 යි

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන් මංගල ටෙස්ට් ගැටුම: සවස තේ පානයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 168 යි

මංගල ටෙස්ට් ගැටුමේ දිවා ආහාරයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 2 ට ලකුණු 90 යි

මංගල ටෙස්ට් ගැටුමට අලුත් නායකයෙක්

සුදු පන්දුවේ පෙරලිකාරයෝ හෙට පළමු වතාවට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග බිමේ


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්