චාමික ගුණසේකර එස්.සී.සී. ක්‍රීඩාංගණයේ සිට අද රෝහලට රැගෙන ගියා. ඒ, පන්දුව හිස ආවරණයේ වැදීම නිසා හටගත් කම්පනය හේතුවෙන්.
අද තෙවැනි දින තරගයේ උදය වරුවේදී නවීඩ් සඩ්රාන්ගේ වේග පන්දුවක් චාමිකගේ හිසේ වැදුනේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ 107 වැනි ඔ්වරයේදී. නවීඩ්ගේ බවුන්සරයට චාමික හිස පහත් කළද ඔහු බලාපොරොත්තු වූ පරිදි පන්දුව ඉහළ නැංගේ නැහැ. එය කෙළින් ම වැදුනේ චාමිකගේ හිස ආවරණයේ.
ඉන්පසුවත් චාමික පිතිකරණයේ යෙදෙමින් හතරේ පහරක් පවා එල්ල කළ ද 110 වැනි ඔ්වරය වන විට ඔහු යම් අපහසුතාවකින් පෙළෙමින් හිස අල්ලා ගන්නා අයුරු දිස්වුනා.
චාමික පරීක්ෂා කිරීම සඳහා පිටියට පිවිසි කණ්ඩායමේ වෛද්‍ය මණ්ඩලය සමග ඔහු පිටියෙන් ඉවත් ගියේ ආපසු නොඑන්න.
ක්‍රීඩකයෙකු මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් විට Concussion Substitute ලෙස ආදේශ ක්‍රීඩකයෙකු යෙදවීමේ හැකියාව තිබෙන අතර ඒ අනුව කසුන් රාජිත කණ්ඩායමට එක්වුනා.
24 හැවිරිදි චාමික ගුණසේකර වහාම රෝහලට ගෙන ගොස් තිබෙන්නේ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට බව වාර්තා වෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
සබැඳි පුවත් :
ශ්‍රී ලංකාව 439ක් රැස්කර ගෙන ලකුණු 241ක් ඉදිරියෙන් - දිවා ආහාරයේදී ඇෆ්ගනිස්තානය කිසිවෙකු නොදැවී ලකුණු 35 යි
මැතිව්ස් හා චන්දිමාල් ශතකලාභීන්ගෙන් වාර්තාගත සබඳතාවක්
ශ්‍රී ලංකාව සවස තේ පානයේදී කඩුලු 3 ට ලකුණු 287




