The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සවස තේ පානයේදී ඇෆ්ගනිස්තානය කිසිවෙකු නොදැවී 97යි

T

The Leader Desk

February 4, 2024 • 10:24 AM

සවස තේ පානයේදී ඇෆ්ගනිස්තානය කිසිවෙකු නොදැවී 97යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉබ්‍රහිම් සඩ්රාන්
  • ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දින සවස තේ පානය වන විට ඇෆ්ගනිස්තානය දෙවැනි ඉනිමේ කිසිවෙකු නොදැවී ලකුණු 97ක් රැස්කර ගෙන සිටියා.
  • ඉබ්‍රහිම් සඩ්රාන් පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමග ලකුණු 52ක් ද, නූර් අලි සඩ්රාන් පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමග ලකුණු 42ක් ද ලබා ගෙන සිටියා.
  • ඉබ්‍රහිම් වාර්තා කර සිටියේ ඔහුගේ 4 වැනි ටෙස්ට් අර්ධ ශතකය.  මේ ආරම්භක පිතිකරු යුගලයේ විශේෂත්වයක් තිබෙන්නේ නූර් අලි යනු ඉබ්‍රහිම්ගේ බාප්පා වීම නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දින සවස තේ පානය වන විට ඇෆ්ගනිස්තානය දෙවැනි ඉනිමේ කිසිවෙකු නොදැවී ලකුණු 97ක් රැස්කර ගෙන සිටියා.

ඉබ්‍රහිම් සඩ්රාන් පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමග ලකුණු 52ක් ද, නූර් අලි සඩ්රාන් පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමග ලකුණු 42ක් ද ලබා ගෙන සිටියා.

ඉබ්‍රහිම් වාර්තා කර සිටියේ ඔහුගේ 4 වැනි ටෙස්ට් අර්ධ ශතකය. 

මේ ආරම්භක පිතිකරු යුගලයේ විශේෂත්වයක් තිබෙන්නේ නූර් අලි යනු ඉබ්‍රහිම්ගේ බාප්පා වීම නිසා. නූර් අලි සඩ්රාන්, ඉබ්‍රහිම් සඩ්රාන්ගේ පියාගේ සහෝදරයා. ඉබ්‍රහිම් කුඩා අවදියේ සිට පුහුණුව ලැබුවේ නූර් අලි ගෙන්.

දිවා ආහාරය සහ සවස තේ පානය අතර කාලය තුළ කිසිවෙකු නොදැවී ලකුණු 62ක් ඇෆ්ගන් ලකුණු පුවරුවට එක් කිරීමට මේ පිතිකරුවන් දෙදෙනා සමත්ව සිටියා.

තරගයේ තෙවැනි දිනයේදී චාමික ගුණසේකර අංක 8 පිතිකරුවා ලෙස කඩුල්ලට පිවිස මංගල ටෙස්ට් ඉනිම ආරම්භ කළේ ඔහු මුහුණ දුන් දෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින්.

කඩුලු 6 ට ලකුණු 410 සිට තෙවැනි දින තරගය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ 7 වැනි කඩුල්ල ලකුණු පුවරුවට තවත් ලකුණු 17ක් එක්වෙද්දී බිඳ වැටුනා. පස්වැනි ඕවරයේදී (ඉනිමේ 107 ඕවරය ) ලකුණු 27කට දැවී ගියේ සදීර සමරවික්‍රම. 

දෙවැනි දින තරගය නතර කරන විට ලකුණු 21ක් රැස්කර ගෙන නොදැවී සිටි සදීර තවත් ලබා ගත්තේ ලකුණු 6ක් පමණයි. නවීඩ් සඩ්රාන්ගේ පන්දුවට ‘ගලී’ හි පන්දු රකිමින් සිටි රහමට් ෂා වෙත උඩ පන්දුවක් ලබා දෙමින් සදීර දැවී යන විට ලබා ගෙන සිටියේ ලකුණු 27ක්. පන්දු 33ක ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් ඇතුළත්ව තිබුනා.

චාමික ගුණසේකර ලකුණු 16ක් ලබා ගෙන සිටියදී ආබාධයක් මත පිටියෙන් ඉවත් වුනා. භෞතචිකිත්සක සමග ඔහු පිටියෙන් නික්ම ගියේ ඕවර තුනකට පෙර නවීඩ් සඩ්රාන්ගේ පන්දුවක් හිස ආවරණයේ වැදීමෙන් ඇතිවූ කම්පනය හේතුවෙන්. චාමික වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට ආදේශ කෙරුනා.

ශ්‍රී ලංකා අවසන් කඩුලු 3 ලකුණු 12කට බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 439කට (ඕවර 109.2) අවසන් වුනේ ඔවුන්ට තරගයේ පළමු ඉනිමේ ලකුණු 241ක වාසියක් ලබා දෙමින්. 

නවීඩ් සඩ්රාන් ලකුණු 83කට කඩුලු 4ක් ලබා ගත් අතර නිජාට් මසූඩ් හා කයිස් අහමඩ් කඩුලු 2 බැගින් ලබා ගත්තා.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඇෆ්ගනිස්තානය දෙවැනි ඉනිමේ කිසිවෙකු නොදැවී ලකුණු 35ක් රැස්කර ගෙන සිටියා.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
      
සබැඳි පුවත් :

චාමික ගුණසේකර : මංගල ටෙස්ට් තරගයෙන් රෝහලට

 

ශ්‍රී ලංකාව 439ක් රැස්කර ගෙන ලකුණු 241ක් ඉදිරියෙන් - දිවා ආහාරයේදී ඇෆ්ගනිස්තානය කිසිවෙකු නොදැවී ලකුණු 35 යි

 

මැතිව්ස් හා චන්දිමාල් ශතකලාභීන්ගෙන් වාර්තාගත සබඳතාවක් 

ශ්‍රී ලංකාව සවස තේ පානයේදී කඩුලු 3 ට ලකුණු 287

 
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...