(වමේ සිට): ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Naoki Alex Miyaji, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, ශ්‍රී ලංකාවේ සිටින ජපාන නියෝජ්‍ය තානාපති Kotaro Katsuki,

ජපාන ක්‍රිකට් සංගමය විසින් පත්කරන ලද ජපන් ක්‍රිකට් සංවර්ධන Goodwill තානාපති ප්‍රියන්ත කාරියප්පෙරුම.

 

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත්ව සිටිනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සහයෝගිත්වය, හුවමාරු කිරීම් මෙන්ම විශාරද දැනුම ලබා දීම සඳහා වන MOU එකඟත්වයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ජපාන ක්‍රිකට් සංගමය සමග අත්සන් කළා.

 

මේ එකඟත්වයට අනුව ජපන් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා ක්‍රීඩකයන්, කණ්ඩායම්, පුහුණුකරුවන් හා තණතීරු සකස් කරන්නන් එරට ට යවමින් ජපානය ට උපකාර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනවා.

ජපානයේ විස්සයි20 තරග ක්‍රීඩා කිරීම පිණිස කණ්ඩායම් යවන ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවට පැමිණෙන ජපන් ක්‍රිකට් කණ්ඩායම් සඳහා සත්කාරකත්වය ලබා දෙනු ඇත්තේ එම ක්‍රීඩකයන්ට ලංකා ප්‍රිමිය ලීග් - LPL - සංචිත සමග පුහුණු වීමට ද අවස්ථාව ලබා දෙමින්.

 

මෙය, ජගත් ක්‍රිකට් කවුන්සලයට අනුබද්ධිත සාමාජික රටවලට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙන යනු ලබන වැඩසටහනේ අලුත් ම පියවර යි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා හා ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී නාඔකි ඇලෙක්ස් මියාජි අතර මේ MOU ගිවිසුම අත්සන් කෙරුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image