ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ නායකයා වූ බන්දුල වර්ණපුර අනුස්මරණය කරමින් ‘බන්දුල වර්ණපුර කුසලානය’

සඳහා වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ ප්‍රවීනයන්ගේ කණ්ඩායම (MCA Veterans) හා සර් හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රීඩා පදනම (SHSOSF) කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 8කින් ජය ගැනීමට වෙළඳ සේවා ක්‍රිකට් ප්‍රවීනයන්ගේ කණ්ඩායම සමත් වුනා.

jkhdf
දෙපිල අතර ‌තෙවැනි වතාවටත් MCA ක්‍රීඩාංගණයේදී පැවති මේ වාර්ෂික ඕවර 20/20 ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන රෝහණ දිසානායකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ප්‍රථම වතාවට හිමිකර ගත්තේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසින් මෙහෙයවනු ලැබූ ඕල්කට් පදනම කණ්ඩායම පරාජය කරමින්.

MCA කණ්ඩායමට ජයග්‍රහණය අත්කර දුන් ක්‍රීඩකයන් වූයේ ආරම්භක පිතිකරු වසන්තලාල් ප්‍රනාන්දු සහ පිට දඟ පන්දු යවන අනුෂ් පෙරේරා. පන්දු 43කට මුහුණ දෙමින් නොදැවී ක්‍රීඩා කළ වසන්තලාල් ප්‍රනාන්දු හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 56ක් වාර්තා කළ අතර අනුෂ් පෙරේරා ලකුණු 18කට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් ඕල්කට් පදනම කණ්ඩායම මඳ වේග පන්දු යවන දුමින්ද පින්ටො (20/1) හා දඟ පන්දු යවන්නන් වන අනුෂ් පෙරේරා හා පුණ්‍යකාන්ත අබේගුණසේකර (27/1) හමුවේ අසරණ වෙමින් රැස් කළේ මේ තරගමාලාවේ ඔවුන්ගේ අඩු ම මුළු ලකුණු ප්‍රමාණය වූ කඩුලු 5කට ලකුණු 115ක්.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය MCA කණ්ඩායමට වසන්තලාල් ප්‍රනාන්දු හා විදාර අබේවර්ධන (හතරේ 3ක් සහ හයේ පහරක් සමග පන්දු 36කින් ලකුණු 27) ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 63කින් ලකුණු 66ක් රැස් කරමින්.

බන්දුල වර්ණපුරගේ පවුලේ සාමාජිකයන්, බිරිඳ හේමමාලි (බිරිඳ), මාධව (පුතා) සහ උපාලි (සොහොයුරා) විසින් ‘බන්දුල වර්ණපුර අනුස්මරණ කුසලානය’ MCA ප්‍රවීනයන්ගේ කණ්ඩායමේ නායක රෝහණ දිසානායක ට පිරිනැමුවා.

hvjjh
ලකුණු විස්තරය:

SHSOSF - කඩුලු 5 ට ලකුණු 115 යි (ඕවර 20)
තිලාන් විජේසිංහ 23, සුදර්ශන් ගුරුගේ 13, දුමින්ද වික්‍රමසිංහ නොදැවී 20, දුමින්ද සෝමවීර නොදැවී 20 (අනුෂ් පෙරේරා 3/18)

MCA Veterans - කඩුලු 2 ට ලකුණු 119 (ඕවර 16.5)
වසන්තලාල් ප්‍රනාන්දු නොදැවී 56, විදාර අබේවර්ධන 27, සන්ජය අත්තනායක නොදැවී 18)

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image