පරාවලයික කැඩපතක ඇතුළට හිරුගේ කිරණ කේන්ද්‍ර කොට ඔලිම්පික් ගිනිසිළුව නිපදවීමේ සාම්ප්‍රදායික ක්‍රමයට ඊයේ වළාකුළුවලින් පිරුණු අහස

හරස් වූ බැවින් ඒ සඳහා අතිරේක ගිනිදැල්ලක් පාවිච්චි කිරීමට සිදුවුනා.

ක්‍රිස්තු පූර්ව 776දී පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවති ග්‍රීසියේ පෞරාණික Olympia කුඩා නගරයේදී අඟහරුවාදා පැවති නාට්‍යාකාර උත්සවයකදී උතුම් පූජකවරියගේ චරිතය රඟපාමින් ග්‍රීක නිළි Mary Mina ගිනිසිළුව දැල්වීමත් සමග 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යන ඔලිම්පික් ගිනිසිළුවේ ඉතා දීර්ඝ සංචාරය ඇරඹුනා.

 

උතුම් පූජකවරියගේ චරිතය රඟපාමින් ග්‍රීක නිළි Mary Mina

 

ග්‍රීක නිළිය විසින් ඔලිම්පික් පන්දම ග්‍රීසියේ ඔලිම්පික් ඔරු පැදීමේ ශූරයා වන Stefanos Ntouskos ට බාර දෙනු ලැබූ අතර ඔහු ආරම්භ කළේ ග්‍රීසිය හරහා ගොස් නැවකින් මධ්‍යධරණී මුහුදෙන් මාරුවෙන් මාරුවට යන ඔලිම්පික් ගිනිසිළුවක ගමනක්. ඉක්බිති එය ප්‍රංශයේ භූමිය හරහා යමින් ප්‍රංශය ට අයත් විදෙස් ප්‍රදේශ ඔස්සේ ගමන් කිරීමෙන් පසුව ජූලි 26 වැනිදා පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භක උත්සවය සඳහා පැරිසියට පැමිණීමට නියමිතයි.

 

olympic Stefanos Ntouskos ආරම්භ කළේ ග්‍රීසිය හරහා ගොස් නැවකින් මධ්‍යධරණී මුහුදෙන් මාරුවෙන් මාරුවට යන ඔලිම්පික් ගිනිසිළුවක ගමනක්

 

පුරාතන ග්‍රීසියේ සංගීතය ශබ්ද වුනේ කිනම් අයුරින්ද කියා හෝ එදා නළඟනන් චලනය වූයේ කොයි ආකාරයෙන්ද කියා හෝ කව්රුත් දන්නේ නැහැ. නමුත් සෑම දෙවසරකට වරක් මේ පැරණි රඟ දැක්වීමට ලැබෙන අලුත් නිරූපණයකට ගෝලීය දර්ශනයක් ලැබෙනවා. එය සිදුවන්නේ බොහෝ දෙනා තවමත් පූජනීය ලෙස සළකන දකුණු ග්‍රීසියේ ස්ථානයක...ඔලිම්පික් ක්‍රීඩා උළෙල උපන් ස්ථානයේ.


oly1පැරණි තරුණියන්ගේ රූපවලට සමාන පෙනුමැති නළඟනන් හතළිස් අට දෙනෙක් ඊයේ පැවති පැරිස් ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව දැල්වීමේ මිනිත්තු තිහක උත්සවයට සහභාගි වුනා


තවමත් සුරක්ෂිතව තිබෙන පිළිම හා අනෙකුත් චිත්‍රවල තිබෙන පැරණි තරුණියන්ගේ රූපවලට සමාන පෙනුමැති නළඟනන් හතළිස් අට දෙනෙක් ඊයේ පැවති පැරිස් ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව දැල්වීමේ මිනිත්තු තිහක උත්සවයට සහභාගි වුනා.

 

olympic flame 1200 jpg 1713289467260 1713289469229 600x338

 පූජකවරියන් ලෙස සැරසුනු කාන්තාවන් හදවත කොට ගත්‌ මේ ඔලිම්පික් ගිනිසිළුව දැල්වීමේ උත්සවය

 

Olympia නමැති කුඩා නගරයේදී සෑම දෙවසරකට වරක් ම මේ උත්සවය පැවැත්වෙන්නේ ශීත හා ග්‍රීෂ්ම සෘතු ඔලිම්පික් උළෙල වෙනුවෙන්. පූජකවරියන් ලෙස සැරසුනු කාන්තාවන් හදවත කොට ගත්‌ මේ ඔලිම්පික් ගිනිසිළුව දැල්වීමේ උත්සවය ප්‍රථම වතාවට පැවැත්වුනේ 1936 බර්ලින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා යි.

 


සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

 

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්