leader s

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකකට එකක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය. 


ඒ ඊයේ (17) දිනයේ අවසන් වු තෙවන එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමත් සමගය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 301ක් ලබා ගැනීමට සමත් වුණි.

 

1b2128bbc99142b68351bd0b7db8af9aඑම ඉනිම වෙනුවෙන් ලෝරා වොල්වාඩ් නොදැවී ලකුණු 184ක් ලබාගත්තාය.
එම ඉනිම වෙනුවෙන් ලෝරා වොල්වාඩ් නොදැවී ලකුණු 184ක් ලබාගත්තාය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 305ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළහ.

එහිදි කාන්තා කණ්ඩායමක් එක්දින තරගාවලියක ඉහළ ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය වාර්තා කිරීමේ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් ලබාගත් අතර ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 26ක් ඇතුළත්ය.

 

GLY9c6uakAEjFuYචමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් ලබාගත් අතර ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 26ක් ඇතුළත්

ඒ අනුව එක්දින ක්‍රිකට් තරගාවලියක කාන්තා ක්‍රීඩිකාවක් ලබාගත් ඉහළම තෙවැනි ලකුණු සංඛ්‍යාව මෙය වනු ඇත.

එය සැළකුණේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එක් දින පිටියේ රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් පන්දු වාර 21ක් තුළ ලකුණු 126කට බිඳ වැටී තිබූ අවස්ථාවේ නිලක්ෂිකා ද සිල්වා සමග එක්ව චමරි අතපත්තු පස් වන කඩුල්ල සඳහා ලකුණු 179ක සබඳතාවක් ගොඩනැඟිය.


එය සැළකුණේ කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පස් වන කඩුල්ල සඳහා වාර්තා වූ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. 

තරගයේ වීරයා සම්මානය චමරි අතපත්තු විසින් හිමිකර ගත්තාය.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්