නයිජීරියානු චෙස් ශූරයා වන ටුන්ඩෙ ඔ්නකෝයා (Tunde Onakoya) නොනැවතී පැය 60ක් ක්‍රීඩා කරමින් දීර්ඝතම චෙස්

මැරතන් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

නිව්යෝක් නගරයේ සුප්‍රසිද්ධ ටයිම්ස් චතුරස්‍රයේ දීප්තිමත් අලෝකය යට මේ අසාමාන්‍ය හපන්කම පෑ ඔ්නකෝයා ළමා අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු ද වනවා.

ඔහුගේ උත්සාහය ගිනස් ලෝක වාර්තා සංවිධානය විසින් තවමත් ස්ථිර කර නැති අතර මේ සඳහා සමහර අවස්ථාවන්හිදී සති ගණනක් ගත වන බව පැවසෙනවා.

ksjdfdf
නමුත් බොහෝ නයිජීරියානුවන්ට, 29 හැවිරිදි මේ චෙස් ශූරයා දැනටමත් ජාතික ශූරයෙක්.

අප්‍රිකාව හරහා සිටින දරුවන්ගේ අධ්‍යාපනයට ආධාර කරන පුණ්‍යායතනයකට ඩොලර් මිලියනයක් රැස් කිරීමට ඔ්නකෝයා උත්සාහ කරමින් සිටිනවා.

ඔහු පැය 58ක් නොනවත්වා ක්‍රීඩා කිරීමට ඉලක්ක කරගෙන සිටියත් පැය 60ක් සම්පූර්ණ වන තුරුම ක්‍රීඩා කළේ මීට කළින් නෝවේ රටේ Hallvard Haug Flatebo සහ Sjur Ferkingstad විසින් පිහිටුවා තිබූ පැය 56යි මිනිත්තු 9යි තත්පර 37ක වාර්තාව මකා දැමීම සඳහා.

Chess in Slums Africa

Chess in Slums Africa - අප්‍රිකානු මුඩුක්කුවේ චෙස් - යන පුණ්‍යායතනය ටුන්ඩෙ ඔන්කෝයා 2018 වසරේදී පිහිටුවූයේ අප්‍රිකානු මහාද්වීපය හරහා සිටින මුඩුක්කු ප්‍රජාවන්ගේ මිලියනයක දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට උපකාරී වීම ඉලක්ක කරගෙන.

ඔ්නකෝයා ක්‍රීඩා කළේ අමෙරිකාවේ චෙස් ශූරයෙකු වන ෂෝන් මාටීනස් (Shawn Martinez) ට එරෙහිව. ඔවුන් ක්‍රීඩා කළේ, කළින් වාර්තාව බිඳ දැමීමේ ඔ්නෑම උත්සායකදී  ක්‍රීඩකයන් දෙදෙනෙක් තරගය පවතින කාලය පුරා නොනවත්වා ක්‍රීඩා කළ යුතුය යන ගිනස් ලෝක වාර්තා නිර්ණායකයන්ට අනුව.

sdwewe
හාල්, තක්කාලි, ලූනු, ගම්මිරිස් හා අනෙකුත් කුළුබඩු ආදියෙන් පිසින ලද Jollof නමැති ඉතා රසවත් නයිජීරියානු බත, ජනප්‍රිය බටහිර අප්‍රිකානු Afrobeats සංගීතය හා ලෝකය වටෙන් ලැබෙන සහයෝගය දැක්වෙන පණිවිඩවලින් ප්‍රාණවත්ව සිටි ඔ්නකෝයා, මාටීනස් ට එරෙහි සෑම තරගයක් ම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ඔහුට ‘චියර්’ කිරීම සඳහා මෑන්හැටන් නුවරට පැමිණ සිටි අය අතර Afrobeats ගායන තරු වන Davido සහ Adekunle Gold ද සිටියා.

ඔ්නකෝයා ට මාර්ග ගත සුභපැතුම් එවූ පිරිස අතර සිටි නයිජීරියාවේ ජනාධිපති Bola Tinubu, නව ලෝක චෙස් වාර්තාවක් පිහිටුවීම සහ නයිජීරියාවේ ප්‍රකෘති තත්ත්වයට පිවිසීම, ආත්ම විශ්වාසය හා නිර්මාණාත්මක දක්ෂතාවේ සීනුව ගෝලීය ගෞරවාදරයට පත් චතුරස්‍රයක නාද කිරීම පිළිබඳව ඔහුට ප්‍රශංසා කළා.


Bola Tinubu“මේ නයිජීරියානු චෙස් ශූරයා සහ Chess in Slums Africa නිර්මාතෘවරයාගේ මේ විරල ක්‍රියාව ගැන මම ඔහුට සුභ පතනවා. ඊටත් වඩා මම ඔහුට ප්‍රශංසා කරන්නේ, චෙස් ක්‍රීඩාව ඉගෙන ගනිමින් ඒ හරහා ප්‍රයෝජනවත් අධ්‍යාපන අවස්ථාවන් සොයා ගැනීම පිණිස අප්‍රිකානු දරුවන්ට මඟ පාදන අරමුදලක් වෙනුවෙන් මුදල් රැස් කිරීමේ ඔහුගේ මේ අගනා මෙහෙවරටයි” ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.


මේ තරගය නයිජීරියාව තුළ සැලකිය යුතු අවධානයක් දිනා ගත් අතර එය රටේ විශාලතම නගරය වන ලේගෝස් හි විවිධ ස්ථාන සිසාර විකාශය කෙරුනා.

අඩු වරප්‍රසාද ලත් ප්‍රජාවන්ගේ ළමයින් බලගැන්වීම සඳහා ඔ්නකෝයා ‘අප්‍රිකානු මුඩුක්කුවේ චෙස්’ පදනම ලේගෝස් නුවර පිහිටුවූයේ තීරණාත්මකව සිතීම හා ප්‍රශ්න විසඳීමේ හැකියාවන් ප්‍රගුණ කිරීම සඳහා චෙස් ක්‍රීඩාව යොදා ගැනීමේ අරමුණින්.


මේ වසරේ පෙබරවාරියේදී මේ චෙස් මාස්ටර් ගෝලීය චෙස් ප්‍රජාව සිය ග්‍රහණයට හසුකර ගත්තේ බර්ලිං නුවර පැවති Digital-Life – Design Conference තරගාවලියේදී පෙන්නුම් කළ ඔහු ජනප්‍රියත්වයට පත්වූ ක්‍රීඩාවකින්. වීසා බලපත්‍ර ලබා ගැනීමේ අභියෝග ජය ගැනීමෙන් පසුව ඔහු කීර්තිමත් බල්ගේරියානු විද්‍යාඥ හා දේශපාලනඥ Solomon Passy ඇතුළු ක්‍රීඩකයන් දස දෙනෙකුට එරෙහිව එකවර තරග ක්‍රීඩා කරමින් ඒවා ජයග්‍රහණය කර ඔහුගේ දක්ෂතාව ලොවට ප්‍රදර්ශනය කළා.

අමෙරිකානු චෙස් පුහුණුකරුවකු වන Russell Makofsky විසින් ආරම්භ කරන ලද The Gift of Chess පදනමේ පාලක මණ්ඩලයේ ද ටුන්ඩෙ ඔ්නකෝයා අසුන් ගන්නවා. වසර 2030 වන විට ලොව පුරා ප්‍රජාවන්ට චෙස් ක්‍රීඩා කට්ටල මිලියනයක් බෙදා දීමට මේ පදනම බලාපොරොත්තු වනවා. 



සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්