වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ මංගල T10 තරගාවලියේ ශූරයන් වීමට Citizens Development Business Finance (CDB)

කණ්ඩායම සමත් වුනා.

වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී සෙලාන් බැංකුව කණ්ඩායමට එරෙහිව පැවති අවසාන මහා තරගයේදී ෂෙවොන් ඩැනියල් පන්දු 27කට මුහුණ දෙමින් හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 65ක් ද, මුදිත ලක්ෂාන් පිට පිට කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් ලකුණු 3කට කඩුලු 4ක් ද ලබා ගනිමින් CDB කණ්ඩායම ලකුණු 74ක පහසු ජයග්‍රහණයක් කරා ගෙන ගියා.

පළමුව පන්දුවට පහර දීම සඳහා කැඳවනු ලැබූ CDB Finance කණ්ඩායම ෂෙවොන් ඩැනියල් හා ඩිලාන් ජයලත් (ලකුණු 25) වාර්තා කළ පන්දු 38කින් ලකුණු 85ක ආරම්භක කඩුලු සබඳතාව මත ඔවුන්ගේ ඔ්වර 10 ඉනිම අවසන් කළේ කඩුලු 4කට මුළු ලකුණු 127කින්.

පිළිතුරු වශයෙන් සෙලාන් බැංකුව කණ්ඩායමට ඔවුන්ගේ‌ ඔ්වර 10 අවසානයේ රැස්කර ගත හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 53ක් පමණ යි. මෙහිදී මුදිත ලක්ෂාන් ට අමතරව තවත් විශේෂ පන්දු යැවීමක නිරත වූ තරිඳු රත්නායක ලකුණු 13කට කඩුලු 3ක් බිඳ හෙලුවා.

CDB කණ්ඩායම අවසාන තරගයට පිවිසියේ අවසන් පූර්ව තරගයේදී LOLC කණ්ඩායම කඩුලු 9කින් පරදවමින්. සෙලාන් බැංකුව කඩුලු 4කින් HNB පිල පරාජය කරමින් අවසාන තරගයට සුදුසුකම් ලැබුවා.

ප්‍රථම වතාවට පැවති මේ T10 ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රහය දැක්වූයේ Assetline Insurance Brokers Ltd. ආයතනය.

ජයග්‍රාහී කුසලානය ප්‍රදානය කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා අතින්. ‌මේ අවස්ථාවට David Pieris Leisure (pvt) Ltd. අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ග්‍රිබ්සන් හපුකොටුව, Assetline Insurance Brokers (pvt) Ltd. මෙහෙයුම් ප්‍රධානී අනුරාධ හෙට්ටිගේ, වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස් හා වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලි කමිටුවේ සභාපති ලක්මාල් ද සිල්වා යන මහත්වරුද සහභාගි වුනා.


තරගාවලියේ පිරිනැමුනු විශේෂ තිළිණ:

*හොඳම පන්දු යවන්නා - CDB Finance මුදිත ලක්ෂාන් (තරග 6, ලකුණු 53, කඩුලු 16)

*හොඳම පිතිකරු - CDB ෂෙවොන් ඩැනියල් (තරග 6, අර්ධ ශතක 2ක් සමග ලකුණු 183)

*තරගාවලියේ වීරයා - සෙලාන් බැංකුවේ ලසිඳු නිම්සර (තරග 6, ලකුණු 151, කඩුලු 6, උඩ පන්දු 6)

*අවසාන තරගයේ වීරයා - CDB මුදිත ලක්ෂාන්
 
iudfiud
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්