ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සහ ලිඅනල් මෙසී යනු එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක්.


වාර්තා හා කීර්තියෙන් පිරුණු මේ දෙදෙනාගේ අතිවිශිෂ්ට ක්‍රීඩා දිවියට සමුදීමට පෙර දෙදෙනා එක් අවසන් වතාවකට එකිනෙකාට එරෙහිව තරග කරනු දැකීම පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ මහත් අශාවක් බවට සැකයක් නැහැ.

අමෙරිකාවේ ‘ඉන්ට මයාමි’ සමාජ කණ්ඩායමට ක්‍රීඩා කරන මෙසී මේ සතියේදී 37 වැනි වියට පා තැබූ අතර සෞදි අරාබියේ ‘අල් නසර්’ සමාජ කණ්ඩායමට ක්‍රීඩා කරන රොනාල්ඩෝගේ වයස අවුරුදු 39ක්.

 

අමෙරිකාවේ ‘ඉන්ට මයාමි’ සමාජ කණ්ඩායමට ක්‍රීඩා කරන මෙසී මේ සතියේදී 37 වැනි වියට පා තැබූ

මේ සුපිරි පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනා කිහිප වතාවකම ඔවුන්ගේ විශ්‍රාම යාම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. අවශ්‍ය තරමට වඩා වැඩි කාලයක් තමා ක්‍රීඩා නොකරණ බව මෙසී පවසා තිබෙනවා. මීළඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට තමා ක්‍රීඩා නොකරණ බවක් රොනාල්ඩෝ අඟවා තිබෙනවා.

මෙසී අමෙරිකාවේ ප්‍රධාන පාපන්දු ලීගයේ ක්‍රීඩා කරන අතර රොනාල්ඩෝ ක්‍රීඩා කරන්නේ සෞදි අරාබියේ වෘත්තීය පාපන්දු ලීගයේ. මේ දෙදෙනා එකිනෙකට වෙනස් ලීගයන්හි ක්‍රීඩා කළ ද ඔවුන් අතර තවත් එක් අවසාන නර්තනයකට ඉඩ තිබෙනවා.

මේ දෙදෙනා ජාත්‍යන්තර පාපන්දු වේදිකාවේ අවසාන වතාවට එකිනෙකාට එරෙහිව තරග කළ හැකි එක් අවසන් අවස්ථාවක් තවමත් ඉතිරිව තිබෙනවා.

 

messi මේ තරගාවලියන් දෙකේ ජයග්‍රාහකයන් වුවහොත් පමණක් මේ සුපිරි පාපන්දු තරු දෙක Finalissima 2025 තරගාවලියේ ක්‍රීඩා කරනු දැක ගැනීමට පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට අනගි අවස්ථාවක්

නමුත් එය සිදුවීමට නම් මේ දෙදෙනා මේ දිනවල ක්‍රීඩා කරමින් සිටින තරගාවලියන්හි ශූරයින් විය යුතුයි. රොනාල්ඩෝගේ පෘතුගාලය යුරෝපීය රටවල ජාතික පාපන්දු කණ්ඩායම් අතර පැවැත්වෙන Euro 2024 තරගාවලිය ජය ගත යුතු වන අතර මෙසීගේ ආජන්ටිනාව දකුණු අමෙරිකානු රටවල ජාතික පාපන්දු කණ්ඩායම් අතර පැවැත්වෙන Copa America 2024 තරගාවලිය ජයග්‍රහණයෙන් අවසන් කළ යුතු වනවා.


ආජන්ටිනාව හා පෘතුගාලය ඔවුනොවුන්ගේ මේ තරගාවලියන් දෙකේ ජයග්‍රාහකයන් වුවහොත් පමණක් මේ සුපිරි පාපන්දු තරු දෙක Finalissima 2025 තරගාවලියේ ක්‍රීඩා කරනු දැක ගැනීමට පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට අනගි අවස්ථාවක් ලැබෙනවා.

Finalissima යනු අලුතින් හඳුන්වා දුන් තරගාවලියක්. එය ක්‍රීඩා කෙරෙන්නේ Copa America හා Euros ජයග්‍රාහකයන් අතර.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.වර්නන් ගුණසේකර

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්