leader s

පැරිස් ඔලිම්පික් ගිනිසිළුව ප්‍රථම වතාවට ඉරිදා ප්‍රංශ අගනුවරට පිවිසියේ නගරයේ විවේචනාත්මක නිවැසියන් අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙල පිළිබඳව උනන්දුවක් ඇති

කිරීමට සංවිධායකයින් අපේක්ෂා කරමින් සිටි අවස්ථාවක.

ගිනිසිළුවේ දසුනක් පළමුව දිස්වූයේ වාර්ෂිකව පවත්වනු ලබන ජූලි 14 ජාතික නිවාඩු දින සාම්ප්‍රදායික හමුදා පෙළපාළියේ. ඉක්බිති එය ප්‍රංශ අගනුවර වඩාත්ම ජනප්‍රිය මාවත වන ෂොන්ස් එලීසේ (Champs-Elysees) සිට නගරය වටා සංචාරය ඇරඹුවා.

ඒ මාවතේ පැවති ගිනිසිළුව රැගෙන යාමේ පළමු අදියරේ ගෞරවය හිමිවූයේ ලෝක කුසලාන පාපන්දු ජයග්‍රාහී ප්‍රංශ ක්‍රීඩක මෙන්ම ප්‍රංශ අවුරුදු 23න් පහළ ඔලිම්පික් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ද වන ටීඑරී ඔන්රී (Thierry Henry) ට. අනතුරුව එය පාර්ලිමේන්තුව හා නොට්රි ඩාම් (Notre-Dame) දේවස්ථානය ඇතුළු නගරයේ විශේෂ ස්ථාන කරා රැගෙන ගියා.

 

ඒ මාවතේ පැවති ගිනිසිළුව රැගෙන යාමේ පළමු අදියරේ ගෞරවය හිමිවූයේ ලෝක කුසලාන පාපන්දු ජයග්‍රාහී ප්‍රංශ ක්‍රීඩක මෙන්ම ප්‍රංශ අවුරුදු 23න් පහළ ඔලිම්පික් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ද වන ටීඑරී ඔන්රී (Thierry Henry) ට
2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම දක්වා වූ ගොඩනැගීම එහි ප්‍රධාන සංවිධායක ටෝනි එස්ටොන්ගේ (Tony Estanguet) විසින් හඳුන්වන “ඔලිම්පික්-විවේචනයෙන්” සලකුණු වී තිබුනේ එම උළෙල හා නගරය අවුල් කිරීමේ දැඩි විවේචකයන් බවට පැරිස්වාසීන් පත්ව සිටින නිසා.

ධනවත් දිස්ත්‍රික්කයන්හි ජීවත් වන බොහෝ පවුල්, දීර්ඝ කෙරුනු ගිම්හාන නිවාඩුව සඳහා දැනටමත් අගනුවරින් පිටව ගොස් තිබෙන්නේ ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල උවමනාවෙන් ම මගහරිමින්.

සංචාරකයින් වැඩියෙන්ම ආකර්ෂණය වන අයිෆල් කුළුන (Eiffel Tower), ඇන්විලීඩ් (Invalides) හා ප්ලාස් ඩි ලා කොන්කෝඩ් (Place de la Concorde) වැනි ස්ථානයන් හි තාවකාලික  ක්‍රීඩාංගණ ඉදිකරමින් ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ ‘ආලෝකයේ නගරය’ හදවතේ.

atractive palce in parisසංචාරකයින් වැඩියෙන්ම ආකර්ෂණය වන අයිෆල් කුළුන (Eiffel Tower), ඇන්විලීඩ් (Invalides) හා ප්ලාස් ඩි ලා කොන්කෝඩ් (Place de la Concorde) වැනි ස්ථානයන්


නගරයේ කීර්තිමත් වීදි සහ සෙන් ගංගාව පසුබිමක් ලෙස උපයෝගී කර ගැනීමෙන් සකේතාත්මක ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සහතික වනු ඇතැයි සංවිධායකයින් පැවසුවද, මේ නිසා නගර මධ්‍යයේ විශාල පෙදෙසක් වසා දමා ප්‍රවාහන ජාල හිරවුමක් ඇති වී තිබෙනවා.

පැරිස් නගරයට සිදුව තිබෙන අලුත් ම වෙනස වනුයේ ජූලි 26 වැනිදා දර්ශනීය සමාරම්භක උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන සෙන් ගංගාව වටා යකඩ වැටවල් 44,000ක් පමණ ඉදිකර තිබෙන දර්ශනය.

“සමහර පදිංචිකරුවන් ඔවුන්ගේ විස්මය මෙන්ම තම නිවෙස් අතහැර යාමේ ශාරීරික අපහසුතාව ගැනත් අප සමග කතා කර තිබෙනවා” යනුවෙන් පැරිසියේ 7 වැනි දිස්ත්‍රික්කයේ පුරපති Jean-Pierre Lecoq පවසනවා.

 

                               “සමහර පදිංචිකරුවන් ඔවුන්ගේ විස්මය මෙන්ම තම නිවෙස් අතහැර යාමේ ශාරීරික අපහසුතාව ගැනත් අප සමග කතා කර තිබෙනවා”
සර්ව අශුභවාදීන් පිටුපසට තල්ලු කිරීම තමාගේ වඩාත්ම අපහසු කාර්යය වී ඇතැයි ටෝනි එස්ටොන්ගේ කියනවා.

“මගේ කාර්යභාරය වී තිබෙන්නේ ඔලිම්පික් ගැන විශ්වාස නොකරණ, එය සාර්ථක වනු දැකීමෙන් සතුටු නොවන, අපව විවේචනය කරන අයගෙන් අපේ දැක්ම ආරක්ෂා කිරීම යි” ඔහු සඳහන් කරනවා.

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාම ජාතික වශයෙන් අතිසාර්ථක වූ බවත් මැයි 8 වැනිදා එය ආරම්භ වූ තැන් පටන් මේ දක්වා මිලියන පහක පමණ ජනතාවක් එය නැරඹීමට එක්වූ බවත්  ඔහු කියනවා.

korean actrerඔලිම්පික් ගිනිසිළුව ඉරිදා හා සඳුදා පැරිසිය වටා ගෙන යද්දී සිය ගණන් ජනතාව එම ගිනිසිළුව රැගෙන යාමට සහභාගි වුනා. මේ අය අතර K-pop කොරියානු ජනප්‍රිය සංගීත තරුවක් ද සිටීම විශේෂත්වයක්.

 

ඔලිම්පික් ගිනිසිළුව ඉරිදා හා සඳුදා පැරිසිය වටා ගෙන යද්දී සිය ගණන් ජනතාව එම ගිනිසිළුව රැගෙන යාමට සහභාගි වුනා. පැරිසියේ ධනවතුන් වෙසෙන දිස්ත්‍රික්කවල සිට වැඩකරන ජනතාව සිටින ප්‍රදේශ හරහා ගිය ඔලිම්පික් ගිනිසිළුවට සිය ගණන් ජනයා අතගැසුවේ උස් පහත් භේදයකින් තොරව. මේ අය අතර කැළි කසළ එකතු කරන්නෙක්, BMX පාපැදි ලෝක ශූරයෙක් හා K-pop කොරියානු ජනප්‍රිය සංගීත තරුවක් ද සිටීම විශේෂත්වයක්.


ප්‍රංශයේ නගර හා ගම්මාන 450ක් හරහා ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාම කිසිම ආරක්ෂක ගැටළුවකින් තොරව සිදුවීම ඉතා වැදගත් ලෙස සංවිධායකයින් සලකන්නේ එය අතිවිශාල සංඛ්‍යාවක පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යෙදවීමේ හා පරිස්සමින් සිදු කළ සැලසුම්වල සාක්ෂියක් ලෙස දකිමින්.

ආරක්ෂක හමුදාවන්‌ගේ සාමාජිකයන් 200 දෙනෙකු පමණ ඔලිම්පික් ගිනිසිළුව වටා ස්ථිරව මුරකාවලේ යොදා තිබෙන අතර ත්‍රස්ත- විරෝධී SWAT කණ්ඩායමක් සහ ඩ්‍රෝන-විරෝධී මෙහෙයුම් ක්‍රියා කරවන්නන් ද මීට ඇතුළත්.

 

Relais de la flamme, Panthéonආරක්ෂක හමුදාවන්‌ගේ සාමාජිකයන් 200 දෙනෙකු පමණ ඔලිම්පික් ගිනිසිළුව වටා ස්ථිරව මුරකාවලේ යොදා තිබෙන අතර
මේ අතර, ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගමන ඉලක්ක කර ගෙන සිටි බවට සැක කරනු ලබන නාසි හිතවාදියෙකු යැයි කියන පුද්ගලයෙක් ප්‍රංශ ත්‍රස්ත විරෝධී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැගෙනහිර ප්‍රංශයේ පදිංචිකරුවකු වන මේ පුද්ගලයා බදාදා ඔහුගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

‘ප්‍රංශ ආර්ය අංශය’ – French Aryan Division - නමින් කණ්ඩායමක් මේ පුද්ගලයා විසින් සමාජ මාධ්‍ය චැනලයක් වන ‘ටෙලිග්‍රෑම්’හි පවත්වා ගෙන යන බවත් මරණීය තර්ජන, කුපිත කරවන දේශනා හා ඔහු විසින් තබනු ලැබුවේ යැයි කියන අනෙකුත් පෝස්ටු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මේ පුද්ගලයා රඳවා ගෙන සිටින බවත් පැරිස් පැමිණිලි කාර්යාලය පවසනවා.


මේ සැකකරු ‘නාසි හිතවාදී’ලෙසින් හැඳින්විය හැකි අධි දක්ෂිණාංශික අදහස් පළ කරන්නෙකු ලෙස කලක් තිස්සේ පොලිසියේ අවධානයට ලක්ව සිටි පුද්ගලයෙකු බව එම කාර්යාලය සඳහන් කරනවා.

 



සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්