ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පැමිණීම ආරම්භ වීමත් සමග පැරිස් අගනුවර මැද කොටසේ විශාල ප්‍රදේශ වසා දැමීම ප්‍රංශ ආරක්ෂක හමුදාවන් විසින් දැන් ආරම්භ කර තිබෙනවා.

මීට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ලබන සතියේ සෙන් ගංගාවේ පැවැත්වෙන ඉතාමත් සංකීර්ණ ඔලිම්පික් සමාරම්භක උත්සවය යි.
සෙන් නදියේ කිලෝ මීටර් හයක පමණ (සැතපුම් හතරක්) දුරක පැවැත්වෙන සමාරම්භක උත්සව පෙරෙට්ටුව නිසා ගඟ පසෙකින් වන මධ්‍යම දිස්ත්‍රික්ක බ්‍රහස්පතින්දා බොහෝ වාහනවලට වසා දැමුනේ පෙරවරු 5.00 සිට.
නිවැසියන් හෝ හෝටල කාමර වෙන්කරවා ගෙන සිටින සංචාරකයන් වැනි ඕනෑම කෙනෙක් සෙන් ගංගා ඉවුරු දිගේ තිබෙන අධිකතම ආරක්ෂිත ‘අළු කලාපය’ට ඇතුළු වීමට නම් ඔවුන්ට QR කේතයකින් යුත් අවසර පත්‍රයක් අවශ්‍ය වනවා.
ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා නරඹන්නන් මිලියන දහයක් පමණ පැමිණීමට පෙර ‘ආලෝකයේ නගරයේ’ පෙනුම වෙනස් වෙමින් තිබෙනවා.
නගරයේ ජනප්‍රිය ස්ථානවල තාවකාලික ක්‍රීඩාංගණ ඉදිකර තිබෙන අතර වාහන තදබදයේ අලුත් ම එකතු කිරීම වී තිබෙන්නේ ඔලිම්පික් VIP මං තීරුව.
උත්සවය වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් 45,000ක් පමණ යොදවා තිබෙන අතර සොල්දාදුවන් හා පෞද්ගලික ආරක්ෂක ඒජන්තයින් දහස් ගණනකගේ සහාය ද ඔවුන්ට ලැබෙනවා.
පැරිස් මේට්රෝවේ බොහෝ දුම්රිය ස්ථාන බ්‍රහස්පතින්දා සිට ඔලිම්පික් සමාරම්භක උත්සවයට පසු දිනය වන තෙක් වසා දමා තිබෙනවා. ජූලි 26 උත්සවය වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් 45,000ක් පමණ යොදවා තිබෙන අතර සොල්දාදුවන් හා පෞද්ගලික ආරක්ෂක ඒජන්තයින් දහස් ගණනකගේ සහාය ද ඔවුන්ට ලැබෙනවා.
මේ අතර, ඔලිම්පික් ගම්මානයේ පළමු ක්‍රීඩක පිරිස බ්‍රහස්පතින්දා පැමිණීමට නියමිතව තිබුනා.
නිවාස සංකීර්ණ 40කින් පමණ සමන්විත මේ ඔලිම්පික් ගම්මානය
අඩු කාබන් කොන්ක්‍රීට්වලින් නිවාස ඉදි කිරීමේ තාක්ෂණය ප්‍රදර්ශනය කරමින් වැඩි උසක් නැති නිවාස සංකීර්ණ 40කින් පමණ සමන්විත මේ ඔලිම්පික් ගම්මානය වායු සමනයෙන් තොර ප්‍රදේශයක් බවට පත් කිරීම අරමුණ වී තිබුන ද නොයෙකුත් රටවල ඔලිම්පික් නියෝජිතයන් ඔවුන්ගේ ක්‍රීඩකයන් වෙනුවෙන් පහසුවෙන් ගෙන යා හැකි වායු සමීකරණ යන්ත්‍ර 2,500ක් ඇනවුම් කර තිබෙන්නේ අධික උෂ්ණත්වය ඔවුන්ගේ ක්‍රීඩා දස්කම්වලට බලපානු ඇතැයි යන බියෙන්.
මහා බ්‍රිතාන්‍ය, අමෙරිකා එක්සත් ජනපදය, නවසිලන්තය, බ්‍රසීලය, ස්විට්සලන්තය යන ප්‍රධාන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළමු දිනයේදී ඔලිම්පික් ගම්මානයට පැමිණීමට නියමිතයි. ඔලිම්පික් ගම්මානය සම්පූර්ණයෙන් පිරුණු පසුව එය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9,000ක් ඇතුළුව පුද්ගලයින් 14,500කට සත්කාරකත්වය දක්වනු ඇති.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






