leader s

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අවම වශයෙන් සමරිසි  LGBTQ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 144 දෙනෙක් සහභාගි වන බවට වාර්තා වනවා.
තමා සමරිසි පුද්ගලයකු බවට අනාවරණය කළ පිරිමි තරගකරුවන් වාර්තාගත සංඛ්‍යාවක් මොවුන් අතර සිටීම විශේෂත්වයක්.

2021 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවති පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලට, තමා LGBTQ පුද්ගලයෙකු බවට ප්‍රසිද්ධියේ පිළිගත් තරගකරුවන් අවම වශයෙන් 186 දෙනෙක් සහභාගි වුනා. එහෙත් මේ ලැයිස්තුව මුලින් ආරම්භ වී තිබුනේ පුද්ගලයන් 121 දෙනෙකුගෙන්. සමරිසි බවට ප්‍රසිද්ධියේ පිළිගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග ලැයිස්තුව වෙනස් වුනා.

එලෙසින් ම 2024 ලැයිස්තුව ද ඉදිරියේදී ඉහළ යාමට ඉඩ තිබෙන බව පැවසෙනවා.
team lgbtq olympians cover new

මේ වසරේදී, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩකයන්ගෙන් අවම වශයෙන් 18 දෙනෙක් තමා සමලිංගිකයන් බවට ප්‍රසිද්ධියේ අනාවරණය කළ පුද්ගලයන්. මේ ප්‍රජාව තරග කරන ප්‍රධාන ක්‍රීඩාවක් බවට පත්ව තිබෙන්නේ LGBTQ ක්‍රීඩකයන් අට දෙනෙකු සහභාගි වන අශ්වාරෝහක ක්‍රීඩාව.

සමරිසි  ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ වැඩි ප්‍රමාණයක් හිමිකර ගෙන සිටින්නේ කාන්තාවන්. එම සංඛ්‍යාව 120කට වැඩියි. පැරිස් තරග බිමට පිවිසෙන කණ්ඩායම් දෙකක අවම වශයෙන් අඩක් නියෝජනය කරන්නේ මේ ක්‍රීඩිකාවන්. අමෙරිකා කාන්තා බාස්කට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාගෙන් 6 දෙනෙකු ම සමලිංගකයින් බවට ප්‍රසිද්ධියේ පිළිගෙන සිටින අය වන අතර ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායමේ සිටින ක්‍රීඩිකාවන් 18 දෙනාගෙන් අවම වශයෙන් 9 දෙනෙක් සමලිංගකයන් බවට අනාවරණය කළ අය.
Rainbow flag, pride and portrait of a woman outdoor after winning a race, marathon or competition. Happy, smile and lesbian female athlete with lgbtq fabric for gay rights, equality or celebration.
කාන්තාවන්ගේ සුපිරි මට්ටමේ ක්‍රීඩාවේදී දක්නට ලැබෙන සමරිසි ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව දෙස බලන විට, එය පිරිමි ක්‍රීඩා ක්ෂේත්‍රයට වඩා සාදරයෙන් පිළිගනු ලබන ස්ථානයක් බවට පත්ව තිබෙන්නේ බොහෝ කලක පටන්. ඒ, විශේෂයෙන් බටහිර සංස්කෘතියේ සුපිරි තලයේ ක්‍රීඩා තරග බිමේ තිබෙන කාන්තා ක්‍රීඩාවන්හි විශාල ප්‍රතිශතයක් LGBTQ වන බැවින්.

කෙසේ වෙතත්, අතීතයේදී සමරිසි පුදගලයන් බවට ප්‍රසිද්ධියේ පිළිගනිමින් ඉදිරියට ඒමට අකමැති වන තත්ත්වයක් තිබූ පිරිමි ක්‍රීඩා ලෝකයේ දැන් ඔවුන් වැඩි ප්‍රමාණයක් විවෘතව ඉදිරියට එමින් සිටින ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. කණ්ඩායම් සගයන් මේ ක්‍රීඩකයන් පිළිගැනීම ද පෙරට වඩා වැඩි වී තිබෙනවා.
TOMඑංගලන්ත කිමිදුම් ක්‍රීඩකTom Daley
මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිටින ඉහළ ම පෙලේ සමරිසි  ක්‍රීඩකයන් අතර එංගලන්ත කිමිදුම් ක්‍රීඩකTom Daley, ජවන ක්‍රීඩිකා Sha’Carri Richardson හා ලිංගභේදයක් නැති සංක්‍රාන්ති ලිංගික දිවිමේ ක්‍රීඩිකා නිකී හෙල්ට්ස් (Nikki Hiltz) සිටිනවා.

පසුගිය මාසයේ පැවති අමෙරිකානු ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී හෙල්ට්ස් පැරිස් ඔලිම්පික් වරම් හිමිකර ගත්තේ කාන්තා මීටර් 1,500 ඉසව්වේ මෙතෙක් දෙවැනියට වේගවත්ම කාලය වාර්තා කරමින්.

එම තරගයට පසුව 29 හැවිරිදි මේ ක්‍රීඩිකාව කියා සිටියේ තරග වාර්තාව පිහිටුවීමට එහා ගිය විශේෂත්වයක් එම තරගයේ තිබූ බව.

221108234618 20221108 nikki hiltz pride 5k gfxක්‍රීඩිකා නිකී හෙල්ට්ස් (Nikki Hiltz)
 “මෙය මට වඩා එහාට ගිය ලොකු දෙයක්...මට මේ තරගයේ දුවන්න ඔ්න වුනේ මගේ ප්‍රජාව වෙනුවෙන්. තරගයේ මගේ අන්තිම මීටර් සීයෙදී මාව අවසන් රේඛාවට ගෙන ආවේ LGBTQ ජනතාව. මට ඔබලාගේ ආදරය හා සහයෝගය දැනුනා” යනුවෙන් ඇය කියා සිටියා.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ලිංගභේදයක් නැති සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ගෙන් අවම වශයෙන් තිදෙනෙකුගෙන් කෙනෙකි නිකී හෙල්ට්ස්. ඇය සමග එක්වන අනෙක් දෙදෙනා වන්නේ අමෙරිකා කාන්තා රග්බි ක්‍රීඩිකා Kris Thomas හා ඔලිම්පික් පදක්කමක් ලබා ගත් පළමු විවෘත සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වෙමින් කැනඩාව ට ටෝකියෝ නුවරදී රන් පදක්කම දිනා ගැනීමට දායක වූ පාපන්දු ක්‍රීඩිකා Quinn.

සමහර ක්‍රීඩාවන්හි කාන්තා අංශයේ තරග කිරීම සඳහා සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට පනවා තිබෙන තහනම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන LGBTQ සංඛ්‍යාව ඉහළ යාමට හේතුව බවට සමහරු විශ්වාස කරනවා.
gay games main
සමරිසි තරගකරුවන්ගේ ලැයිස්තුවේ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ තිබුනද, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සිදුකර තිබෙන සමහර වෙනස්කම් නිසා LGBTQ තරගකරුවන් ගණන අඩු වී තිබෙනවා. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී LGBTQ ක්‍රීඩිකාවන් අට දෙනෙකු සිටි සැහැල්ලු පන්දු ක්‍රීඩාව පැරිස් ඔලිම්පික් උළෙලින් ඉවත් කිරීම මේ අඩු වීමට උදාහරණයක්.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට විස්මිත අයුරින් සුදුසුකම් නොලැබූ ස්වීඩනයේ කාන්තා පාපන්දු කණ්ඩායම LGBTQ ක්‍රීඩිකාවන් හතර දෙනෙක් සමග ටෝකියෝ හි ක්‍රීඩා කළා.

මේ වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන සියළුම රටවල් අතරින් වඩාත්ම සමලිංගිකයින් ඇතුළත් ක්‍රීඩාව බවට පත්ව තිබෙන්නේ කාන්තා පාපන්දුව. සමරිසි පුද්ගලයන් බවට ප්‍රසිද්ධියේ පිළිගත් ක්‍රීඩිකාවන් අට දෙනෙක් බ්‍රසීල කණ්ඩායමේ සිටින අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම සතුව නව දෙනෙක් සිටින්නේ එදා මෙදා තුර ඔලිම්පික් කණ්ඩායමක සිටි වැඩිම LGBTQ පුද්ගලයන් සංඛ්‍යාව වාර්තා වෙමින්.



warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්