leader s

05 වන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම (ජුලි 21) සමත් විය. ඒ ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 09 කින් පරාජය කරමිනි.


කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහ තරගය නැරඹීම සඳහා 27,000 කට අධික ප්‍රේක්ෂකයින් පිරිසක් එක්ව සිටියහ.

තරගයේ පළමු ඉනිම අවසන් වීමෙන් පසු පැවති විවේක කාලයේදී ඩ්‍රෝන 500ක් යොදා ගනිමින් විශේෂ ඩ්‍රෝන සංදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

තරගයේ පළමු ඉනිම අවසන් වීමෙන් පසු පැවති විවේක කාලයේදී ඩ්‍රෝන 500ක් යොදා ගනිමින් විශේෂ ඩ්‍රෝන සංදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

dronaතරගයේ පළමු ඉනිම අවසන් වීමෙන් පසු පැවති විශේෂ ඩ්‍රෝන සංදර්ශනය
කාසියේ වාසිය සහ සාර්ථක නොවූ ආරම්භය

කාසියේ වාසිය දිනු ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක චරිත් අසලංක ගෝල් මාර්වල්ස් කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

පලමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ගෝල් මාර්වල්ස් කණ්ඩායමට ඊයේ (21) තරගයේදී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය.

 
ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 05 කට සහ ඇලෙක්ස් හෙල්ස් ලකුණු 06 කට දවා ගැනීමට ජැෆ්නා කිංග්ස් පන්දු යවන්නෝ සමත් වුහ.

මෙවර LPL තරගාවලියේ පවර් ප්ලේ අවස්ථාවේදී වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව ගෝල් මාර්වල්ස් කණ්ඩායම විසින් වාර්තා කරන ලදී.

එහිදී ගෝල් මාර්වල්ස් කණ්ඩායම සිය පළමු පන්දු වාර 06 දී රැස් කිරීමට සමත් වුයේ කඩුලු 02ක් දැවි ලකුණු 21ක් පමණි.

ගෝල් මාර්වල්ස් කණ්ඩායමට ලකුණු 50 රැස් කිරීමට පන්දු 61ක් ගතවීමද විශේෂත්වයකි. ඒවන විට ඔවුන්ගේ කඩුලු තුනක් දැවී ගොස් තිබුණි.
 
 
20240719 020948 LPL තරගාවලියේ පවර් ප්ලේ අවස්ථාවේදී වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව ගෝල් මාර්වල්ස් කණ්ඩායම විසින් වාර්තා කරන ලදී.
තරගය කණපිට හැරවූ භානුක - සයිෆර්ට්

ලකුණු 24 කට කඩුලු 03ක් දැවී ගොස් තිබු ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ කඩා වැටුණු ඉනිමට සවියක් දුන් භානුක රාජපක්ෂ සහ ටිම් සයිෆර්ට් 04 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

ලකුණු 47ක් රැස් කර ගෙන සිටි ටීම් සයිෆර්ට් දැවී ගියත් එතැන් සිට භානුක රාජපක්ෂ පිටිය සිසාරා ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත විය.

චරිත් අසලංක විසින් යවනු ලැබූ මාර්වල්ස් ඉනිමේ 16 වන පන්දු වාරයේදී භානුක රාජපක්ෂ විසින් හයේ පහරවල් 04ක් සමගින් ලකුණු 28ක් රැස් කිරීමට සමත් විය.

භානුක රාජපක්ෂ පන්දු 34 කදී රැස් කළ වේගවත් ලකුණු 82කට හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් 06ක් ඇතුළත් වුණි.

භානුක ගේ දක්ෂතාවය හේතුවෙන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 184ක් රැස් කිරීමට සමත් විය.

භානුක රාජපක්ෂ පන්දු 34 කදී රැස් කළ වේගවත් ලකුණු 82කට හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් 06ක් ඇතුළත් වුණි.


Banuka rajapakshaභානුක රාජපක්ෂ පන්දු 34 කදී රැස් කළ වේගවත් ලකුණු 82කට හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් 6ක් ඇතුළත් විය

කිංග්ස් කණ්ඩායමේ ලකුණු හඹා යෑම

ලකුණු 185ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක පළමු පන්දුවෙන්ම දැවී ගියේ ය.

ඔහුගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි රයිලී රුසෝව් කුසල් මෙන්ඩිස් සමග එක්ව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉහළම ලකුණු සබඳතාවයේ වාර්තාව තමන් සතු කර ගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට සිව්වන වරටත් LPL ශුරතාවය හිමිකර දෙමිනි.

රයිලි රූසෝව් සහ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 185ක සබඳතාවයක් එක් කිරීමට සමත් වුණි.

රයිලි රුසෝව් ඊයේ තරගයේ දී පන්දු 53 කදී නොදැවී ලකුණු 106ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් 07ක් සහ හතරේ පහරවල් 09ක් ඇතුළත් විය.

රයිලි රූසෝව් LPL අවසන් මහ තරගයක දී ශතකයක් මෙන්ම තරගාවලියේ දී ශතක දෙකක් රැස් කළ පළමු පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එක්වුණි.

ඊයේ තරගයේ දී කුසල් මෙන්ඩිස් පන්දු 40කදී නොදැවී ලකුණු 72ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 08ක් ඇතුළත් වුණි.

kusal mendisරයිලි රූසෝව් සහ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 185ක සබඳතාවයක් එක් කිරීම

වැඩිම අවධානයක් හිමිවූ යොවුන් ක්‍රීඩකයා කවුද ?

මෙවර තරගාවලියේදී වැඩිම අවධානයක් හිමිවූ නවක ක්‍රීඩකයා වුයේ චමිදු වික්‍රමසිංහ යි.

21ක් හැවිරිදි වියේ පසුවන චමිදු වික්‍රමසිංහ LPL තරගාවලියේ දී තරග 8 කදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 186ක් ලබා ගත් අතර ඔහු කඩුලු 07ක්ද දවා ගැනීමට සමත් විය.

දඹුල්ල කණ්ඩායමේ නායක මොහොමඩ් නබි ද ඉකුත් දා පැවති මාධ්‍ය හමුවකදී චමිදු වික්‍රමසිංහ පිළිබඳ අදහස් දැක්විය.

"ඔහු ශ්‍රී ලාංකිකයෙක් කියලා කිව්වට පෙනුමෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් වගේ."

"ඔහු තරුණ ක්‍රීඩකයෙක් දක්ෂතා වලින් පිරුණු. ඔහු අවස්ථා දෙකකදී කණ්ඩායම වෙනුවෙන් හොද ලකුණු සංඛ්‍යාවක් ගෙනෙන්න කටයුතු කළා. ඔහු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ මීළඟ බලාපොරොත්තුව වෙයි." ඔහු පැවසීය.
 
chamiduමෙවර තරගාවලියේදී වැඩිම අවධානයක් හිමිවූ නවක ක්‍රීඩකයා වුයේ චමිදු වික්‍රමසිංහ යි.
මෙවර LPL තරගාවලියේ ශතකලාභින්

මෙවර LPL තරගාවලියේ දී පිතිකරුවන් පස් දෙනෙකු ශතක 06ක් වාර්තා කිරීමට සමත් විය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ රයිලි රුසෝව් මෙවර තරගාවලියේදී ශතක දෙකක් වාර්තා කිරීමට සමත් විය.

LPL තරගාවලියකදී ශතක දෙකක් වාර්තාකළ පළමු පිතිකරුවා මෙන්ම අවසන් මහ තරගයකදී ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක් වුණි.

ප්‍රහාරත්මක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා මෙවර LPL ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගත් නමුත් ඔහුට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමිවිය.

එහිදී ඔහු ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී නොදැවී ලකුණු 102ක් රැස් කිරීමට සමත් වූ අතර එය T20 තරගයකදී ඔහු විසින් රැස් කළ පළමු ශතකය විය.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී පළමු වටයේදී කිසිම කණ්ඩායමක් මිලදී නොගෙන පසුව පැවති දෙවන වටයේ ක්‍රිඩක වෙන්දේසියේ දී ඩොලර් 40,000 කට අලෙවි වූ පැතුම් නිස්සංක පළමු වරට විස්සයි 20 ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

එහිදී පැතුම් නිස්සංක, කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 119ක් රැස් කිරීමට සමත් විය.

මෙවර LPL තරගාවලියේ ආරම්භයේදී ලකුණු අතර නොසිටි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් ද සිය පළමු T20 ශතකය මෙවර තරගාවලියේ දී වාර්තා කිරීමට සමත් විය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 105ක් රැස් කළේය.

මීට අමතරව ගෝල් මාර්වල්ස් කණ්ඩායම නියෝජනය කළ ටිම් සෙයිෆර්ට් ද මෙවර LPL තරගාවලියේදී ශතක වාර්තා කිරීමට සමත් වුණි.


Kandy Falcons vs Galle Marvels | Match 24  | FINALS | LPL 2024 | 21th July 2024ක්‍රීඩක වෙන්දේසියේදී පළමු වටයේදී කිසිම කණ්ඩායමක් මිලදී නොගෙන පසුව පැවති දෙවන වටයේ ක්‍රිඩක වෙන්දේසියේ දී ඩොලර් 40,000 කට අලෙවි වූ පැතුම් නිස්සංක පළමු වරට විස්සයි 20 ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
ප්‍රහාරාත්මක ලාංකික පිතිකරුවන් කවුද?

මෙවර තරගාවලියේදී දස්කම් දැක්වූ දිනේෂ් චන්දිමාල් සහ කුසල් ජනිත් පෙරේරා ගැන ද බොහෝ දෙනා ගේ අවධානය යොමු විය. ඒ ඔවුන් දෙදෙනා දියත් කළ ප්‍රහාරාත්මක පිති හරඹය හේතුවෙනි.

මෑත කාලයේ දී විස්සයි 20 හෝ එක්දින තරග නියෝජනය කිරීමට අවස්ථාව හිමි නොවූ මෙම ක්‍රීඩකයින් දෙදෙනා LPL තරගාවලියේ දී ලකුණු අතරට පැමිණීමට සමත් විය.

කුසල් ජනිත් පෙරේරා මෙවර LPL තරගාවලියේ දී තරග 08 කදී ලකුණු 296ක් රැස් කිරීමට සමත් වූ අතර ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ඇතුලත් විය.

කුසල් ජනිත් ගේ ලකුණු ලබා ගැනීමේ ප්‍රහාරාත්මක වේගය 169.14ක් ලෙස සටහන් විය.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් තරග 10 කදී ලකුණු 287ක් රැස් කළේය.

ඔහු මෙවර තරගාවලියේදී අර්ධ ශතක දෙකක් රැස් කළ අතර ලකුණු ලබා ගැනීමේ වේගය 168.82ක් ලෙස සටහන් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ද තරග 10 කදී ලකුණු 286ක් රැස් කළ අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 157.14ක් ලෙස සටහන් විය.

මේ අතර භානුක රාජපක්ෂ ද තරග 10 කදී ලකුණු 236ක් රැස් කළේ ලකුණු ලබා ගැනීමේ වේගය 163.88ක් ලෙස රඳවා ගනිමිනි.
 
 
Kandy Falcons vs Galle Marvels | Match 24  | FINALS | LPL 2024 | 21th July 2024 LPL තරගාවලියේ දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වුයේ ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ ටීම් සයිෆර්ට් ය
මේ අතර මෙවර LPL තරගාවලියේ දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වුයේ ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ ටීම් සයිෆර්ට් ය. තරග 10 කදී ලකුණු 400ක් රැස් කළ ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 135.13ක් ලෙස සටහන් විය.
වැඩිම ලකුණු ලාභින් අතර දෙවන තැන හිමිකර ගත්තේ රයිලි රූසෝව් වන අතර ඔහු ඉනිම් 11 කදී ලකුණු 389ක් රැස් කිරීමට සමත් වුයේ ප්‍රහාරාත්මක වේගය 173.66ක් ලෙස රඳවා ගනිමිනි.

දක්ෂතම පන්දු යවන්නන්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වාර්තා වූ එකම කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කරන පකිස්ථාන ක්‍රීඩක ෂඩාබ් ඛාන් සමත් විය.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී ෂඩාබ් ඛාන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වූ අතර මෙවර LPL තරගාවලියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා වන්නේද ඔහුය.

Kandy Falcons vs Galle Marvels | Match 24  | FINALS | LPL 2024 | 21th July 2024මතිෂ පතිරණ සහ වනිදු හසරංග කඩුලු 15 බැගින්ද, ඉසුරු උදාන කඩුලු 14ක් ද, බිනුර ප්‍රනාන්දු සහ දසුන් ශානක කඩුලු 13 බැගින් දවා ගැනීමට සමත් වූහ.
 
ෂඩාබ් ඛාන් තරග 09 කදී කඩුලු 17ක් දවා ගනු ලැබූ අතර ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 6.46ක් ලෙස සටහන් විය.

මෙවර තරගාවලියේ අවස්ථා තුනකදී කඩුලු 04 බැගින් දවා ගැනීමට ෂඩාබ් ඛාන් සමත් විය.

මෙවර තරගාවලියේ දී පිළිවෙලින් මතිෂ පතිරණ සහ වනිදු හසරංග කඩුලු 15 බැගින්ද, ඉසුරු උදාන කඩුලු 14ක් ද, බිනුර ප්‍රනාන්දු සහ දසුන් ශානක කඩුලු 13 බැගින් දවා ගැනීමට සමත් වූහ.

(BBC සිංහල සේවය)



 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්