මේ වසරේ ප්‍රංශ සවාරිය - Tour de France - මහා පාපැදි තරගය ජය ගත් ටඩේ පොගාචාර් (Tadej Pogacar) 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා
උළෙලේදී ස්ලොවේනියාව නියෝජනය කරමින් තරග වදිනු ඇතැයි කළින් අපේක්ෂා කෙරුනද අධික වෙහෙස නිසා ඔහු සහභාගි නොකරවන බව ස්ලොවේනියානු ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.
සති තුනක් තිස්සේ පැවති ප්‍රංශ සවාරිය අවසන් වූයේ ඉරිදා. තෙහෙට්ටුව නිසා ඔහු ලබන සිකුරාදා ඇරඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තෝරා නොගත් බව කමිටුව නිවේදනයකින් කියා තිබෙනවා.
විසිපස් හැවිරිදි පොගාචාර් මෙවර ප්‍රංශ සවාරිය මහා පාපැදි තරගය ජයග්‍රහණය කළේ තෙවැනි වතාවට.
විසිපස් හැවිරිදි පොගාචාර් මෙවර ප්‍රංශ සවාරිය මහා පාපැදි තරගය ජයග්‍රහණය කළේ තෙවැනි වතාවට. අගෝස්තු 3 වැනිදා පැවැත්වීමට නියමිත ඔලිම්පික් මාර්ග ධාවන පාපැදි තරගය ජය ගැනීමේ ජනප්‍රිය ක්‍රීඩකයන්ව සිටියේ නෙදර්ලන්තයේ Mathieu van der Poel හා පොගාචාර්. එහෙත් ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව පොගාචාර් ට අහිමි වී තිබෙන්නේ දැවැන්ත ප්‍රංශ සවාරියේ අධික විඩාව නිසා ඔහුව දින කිහිපයක් ඇතුළත තවත් දුෂ්කර තරගයකට ඉදිරිපත් කිරීමේ අවදානම නොගැනීමට ස්ලොවේනියානු පාපැදි බලධාරීන් තීරණය කර ඇති බැවින්.
“මේ වසරේ පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ තරග කරන පාපැදිකරුවන්ගේ නම් පිරිමි පාපැදි කණ්ඩායමේ ජාතික පුහුණුකරු විසින් අනාවරණය කර තිබෙනවා. අධික මහන්සිය නිසා ටඩේ පොගාචාර්ගේ නම ඒ අය අතර නැහැ” යනුවෙන් ස්ලොවේනියානු ඔලිම්පික් කමිටුව සඳහන් කළා.
ඔලිම්පික් තරගයේදී පොගාචාර් වෙනුවට පාපැදිය හසුරුවනු ලබන්නේ ඔහුගේ ජාතික කණ්ඩායමේ සගයා වන Domen Novak.
Domen Novak
“ප්‍රංශය හරහා පැවති ලෝකයේ වඩාත්ම ගෞරවනීය පාපැදි තරගය තෙවැනි වරටත් ජයග්‍රහණය කළ පොගාචාර් ට අපි සුභ පතනවා. 2028 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔහු ස්ලොවේනියානු වර්ණ නියෝජනය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා” යැයි කමිටුව පවසනවා.
1998 වසරෙන් පසුව Giro d’Italia සහ Tour de France යන ලොව ප්‍රධානතම පාපැදි තරග දෙක එක ම වසරේදී විජයග්‍රහණය කළ පළමු පාපැදිකරුවා බවට පොගාචාර් පසුගිය ඉරිදා පත්වුනා.
ප්‍රධාන පෙලේ එක් දින පාපැදි තරග තුන ම පොගාචාර් ජය ගෙන තිබෙනවා.
ප්‍රංශ අගනුවර තුළ හා ඉන් වටා කිලෝමීටර් 225ක අතිශය වෙහෙසකර මාර්ගයක පැවැත්වෙන පැරිස් ඔලිම්පික් මාර්ග ධාවන පාපැදි තරගයේ පොගාචාර් ප්‍රබලතම තරගකරුවකු ලෙසින් සලකනු ලැබුවේ ප්‍රපාතාකාර කඳු නැගීම්වලින් යුත් එක් දින තරගවලදී දස්කම් පෑමට ඔහු සතුව තිබෙන හැකියාව නිසා.
Tour of Flanders, Giro di Lombardia හා Liege-Bastogne-Liege යන ප්‍රධාන පෙලේ එක් දින පාපැදි තරග තුන ම පොගාචාර් ජය ගෙන තිබෙනවා.
පොගාචාර් සිය තෙවැනි ප්‍රංශ සවාරිය කිරුළ ඉරිදා සංකේතවත් කළේ එම තරගයේ අවසන් අදියර වන කාලය මැනීමේ තරගය ද ජයග්‍රහණය කරමින්.
මෙවර ප්‍රංශ සවාරියේ අදියර හයක් ජයග්‍රහණය කිරීමට පොගාචාර් සමත් වූ අතර එය 2009 වසරෙන් පසුව තරගකරුවෙකු ලබා ගත් වැඩිම අදියර ජයග්‍රහණයි. අවසානයේ ඔහු සමස්ත තරගය ප්‍රථමයෙන් අවසන් කළේ ඩෙන්මාර්කයේ Jonas Vingegaard ට වඩා මිනිත්තු 6යි තත්පර 17ක් ඉදිරියෙන්.
පොගාචාර් සිය තෙවැනි ප්‍රංශ සවාරිය කිරුළ ඉරිදා සංකේතවත් කළේ එම තරගයේ අවසන් අදියර වන කාලය මැනීමේ තරගය ද ජයග්‍රහණය කරමින්.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






