leader s

මාර්තු මාසයේදී තනතුරෙන් ඉවත්ව යන ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තොමස් බාහ් (Thomas Bach)ගේ පුටුවේ අසුන් ගෙන වසර 130ක ඉතිහාසයේ එම තනතුරට පත්වන ළාබලතම නිලධාරියා,

පළමු කාන්තාව හා අප්‍රිකානුවා ලෙස ඉතිහාසය අලුතින් ලිවීමට හිටපු සිම්බාබ්වේ පිහිනුම් ක්‍රීඩිකාවක වන කර්ස්ටී කවෙන්ට්‍රි (Kirsty Coventry) අපේක්ෂා කරනවා.

 

bach

41 හැවිරිදි ඇය 2004 ඇතන්ස් හා 2008 බෙයිජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලන්හි රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ අප්‍රිකාවේ වැඩිම පදක්කම්ලාභිනිය බවට පත්වෙමින්. දැන් සිම්බාබ්වේ රටේ තරුණ, ක්‍රීඩා, කලා සහ විනෝදාංශ ඇමතිවරිය ලෙස කටයුතු කරන කවෙන්ට්‍රි වර්තමානයේ ‘ඩකා 2026’ තරුණ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ ‘බ්‍රිස්බන් 2032’ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කටයුතුවල ප්‍රගතිය අධීක්ෂණය කරමින් සිටිය ද මාර්තු මාසයේ පැවැත්වෙන ජගත් ඔලිම්පික් කමිටු (IOC) නිලවරණයේදී අනෙකුත් සභාපති ධූර අපේක්ෂකයන් පස් දෙනාට එරෙහිව තරග කිරීමට නියමිතයි.

 IOCCandidates

සිම්බාබ්වේ හි මේ ‘රත්තරං කෙල්ල’ගේ ‌ඔලිම්පික් මුල් පුටුව සඳහා වන ඓතිහාසික උත්සාහයේදී ඇගේ ගමන් මඟ හරස්කර ගෙන සිටින්නේ එසේ මෙසේ පුද්ගලයන් නෙවෙයි. ලෝක මලල ක්‍රීඩා සභාපති එංගලන්තයේ සෙබැස්ටියන් කෝ (Sebastian Coe), ජාත්‍යන්තර පාපැදි සංගමය සහ ප්‍රංශ ජාතික ඔලිම්පික් හා ක්‍රීඩා කමිටුවේ සභාපති ඩේවිඩ් ලැප්පාටියන් (David Lappartient), ජාත්‍යන්තර ජිම්නාස්ටික් සම්මේලනයේ සභාපති ජපානයේ මොරිනාරි වාටිනාබේ (Morinari Watanabe), ජාත්‍යන්තර ස්කී සම්මේලනයේ ප්‍රධානී ස්වීඩන්-බ්‍රිතාන්‍ය ජාතික ජොහාන් ලුවයිස්ක් (Johan Eliasch) සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ වර්තමාන උපසභාපති වන ස්පාඤ්ඤයේ හුවාන් අන්තෝනියෝ සමරෑන් කණිෂ්ඨ (Juan Antonio Samaranch Jr.) යන පුද්ගලයන් ද ක්‍රීඩාවේ තිබෙන මේ වඩාත්ම වටිනා තනතුර හිමිකර ගැනීමට මාන බලමින් සිටිනවා.

 



ඔලිම්පික් ක්‍රීඩාවේ පවතින තත්ත්වයට අභියෝග කිරීම, නව තාක්ෂණය අනුගමනය කිරීම හා කාන්තා ක්‍රීඩිකාවන් බලගැන්වීම සම්බන්ධයෙන් සිය අරමුණු පිළිබඳව කවෙන්ට්‍රි BBC Sport Africa සමග පසුගියදා සාකච්ඡා කළා.

“මට අවශ්‍ය වන්නේ අප්‍රිකාව හා ලෝකය පුරා සිටින ජනතාව හා කාන්තාවන්ට මෙසේ කියන්නයි: “කිසිම දෙයකට බය වෙන්න එපා. ඔබ යමක් ගැන විශ්වාස කරමින් යම් සංවිධානයකට නායකත්වය දිය හැකි බව ඔබ දන්නවා නම්, ඒක කරන්න බියවන්න එපා.” 

“අප්‍රිකාවේ කාන්තාවන් නැගී සිටිමින් නායකත්වය දීමටත්, නායකත්වය ලබා දීමට බිය නොවීමටත් හා වෙනස් ආකාරයකින් නායකත්වය ලබා දීමට බිය නොවීමටත් කාලය පැමිණ තිබෙනවා” යනුවෙන් ඇය ප්‍රකාශ කරනවා.

මේ තනතුරට තරග කරන ළාබාලතම අපේක්ෂකයා ලෙසින් කවෙන්ට්‍රි ඇය ගැන විස්තර කරන්නේ තමා “වැඩිහිටි පරම්පරාව හා තරුණ පරම්පරාව අතර මංසන්ධියක්” බව කියමින්. මේ තත්ත්වය නිසා ඇයට නව තාක්ෂණය වැළඳ ගෙන, නිතරම විකසනය වෙමින් පවතින ඩිජිටල් ලෝකයේ උචිත ලෙස රැඳී සිටීමට හැකියාවක් ලැබී තිබෙනවා.

 

ඉමාන් කලීෆ්: බොක්සිං ක්‍රීඩිකාවන්ගෙන් සමාව අයැදින්නැයි බොක්සිං ප්‍රධානියා  ඔලිම්පික් ප්‍රධානියාට කියයි

 

IOC සභාපති ධූරය සඳහා තිබෙන තරගයේ තවත් ප්‍රධාන මාතෘකාවක් වනු ඇත්තේ ලිංගභේදය. 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නොමැකෙන ලෙසින් සටහන් වූ මතභේදය වූයේ ඉමාන් කලීෆ් හා ලින් යූ-ටිං බොක්සිං ක්‍රීඩිකාවන් අරබයා හටගත් ස්ත්‍රී-පුරුෂ සුදුසුකම පිළිබඳ අවුල. මේ හේතුවෙන් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන් සඳහා වන සංකීර්ණ නීති හා නිර්ණායක ප්‍රශ්නයට විසඳුම් සෙවීම වේගවත් වී තිබෙනවා. 

‌ඉතාම ඉහළින් මූලිකත්වය දිය යුතුව තිබෙන මේ ගැටලුව සම්බන්ධයෙන් කවෙන්ට්‍රි ඇගේ මතය මෙසේ ප්‍රකාශ කරනවා.

 

PHO10958412.retouche 1024x682 1

“අපේ තරගාවලියන්හි එක සමාන අවස්ථාවන් හා සාධාරණත්වය තහවුරු කිරීම අපේ වගකීමයි. මා දැක තිබෙන වෛද්‍ය හා විද්‍යා පර්යේෂණ වාර්තා එක් කිරීම හෝ කාන්තා අංශයේ තරග කිරීමට සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ඉඩ දීම මත පදනම්ව මෙය කළ හැකි බවට මම විශ්වාස කරන්නේ නැහැ. සංක්‍රාන්ති ක්‍රීඩිකාවන්ට කාන්තා තරගවලදී වැඩි ශක්තියකින් යුත් හැකියාවක් තිබෙන බව ඉතා පැහැදිලියි. කාන්තාවන්ට සමාන විය යුතු අවස්ථාවන් පැහැර ගැනීමට ඔවුන්ට හැකියි. මෙය වෙනස් කිරීම සඳහා නව ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.”

ක්‍රීඩිකාවන්ට ලැබෙන සහයෝගය වර්ධනය කිරීමට හා තරගවලට පැමිණෙන මවුවරුන් රැකබලා ගැනීම පිණිස වෙන්වූ කාමරයක්  හඳුන්වා දීම තම අරමුණ බව ද ඇය කියා සිටිනවා. “මෙය විශිෂ්ට වැඩපිළිවෙලක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැමිණීම සඳහා මවුවරුන්ට අපි උදව් කරනවා. ඒ අමතර ගුවන් ප්‍රවේශ පත්‍රයේ වියදම අපි දරණවා!”

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්