leader s

සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට ඔහුගේ 40 වැනි උපන්දිනය වෙනුවෙන් ලැබුනේ අනෙක් අයට සිහිනෙන් පමණක් දැකිය හැකි කේක්ගෙඩියක්. එය ඔහු සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ ක්‍රීඩා කරන අල්-නසර් ක්‍රීඩා සමාජයේ අතිවිශිෂ්ට නිර්මාණයක්.

පෙබරවාරි 5 වැනිදා ට යෙදී තිබුණු රොනාල්ඩෝගේ උපන්දිනය වෙනුවෙන් එම ක්‍රීඩා සමාජය පිළිගැන්වූ කේක්ගෙඩිය ස්තර තුනකින් සාදා තිබූ අතර එය අලංකාර කර තිබුණේ ඇත්තෙන්ම විශේෂ වූ අතිරේක දේවල් තුනක් එකතු කිරීමෙන්.

ronald3කේක්ගෙඩිය ඉදිරිපිට රන් පැහැයෙන් යුත් ඉතා රසවත්ව දිස්වුනු ‘බැලන් ඩෝ’ සම්මාන පහක් තිබුණා. එය වටා ඇතුළට ගිල්වා තිබුණේ රොනාල්ඩෝගේ ළමා කාලයේ හැඟීම්බර පිංතූර.

කේක්ගෙඩිය ඉහළින් තිබුණේ රොනාල්ඩෝගේ ගෝල් 923 (තවත් එකතු වෙමින් තිබෙනවා) මතක සටහන් නැවත සිහිගන්වන, තම හිසට උඩින් පහරක් එල්ල කරන අයුරු ප්‍රදර්ශනය වන කුඩා ආකෘතියක්.

තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන රොනාල්ඩෝ, ඔහු සාමාන්‍යයෙන් අනුභව කිරීමෙන් වැළකෙන කාබොහයිඩ්‍රේට්වලින් පිරුණු කේක්ගෙඩිය දෙස ඇස් දීගෙන සිනහ වෙන ඡායාරූප අල්-නසර් ක්‍රීඩා සමාජය විසින් පෝස්ට් කර තිබුණා.

පවුම් මිලියන 64ක් වටිනාකමකින් යුතුව අල්-නසර් කණ්ඩායමට එක්වූ ඉදිරිපෙල ක්‍රීඩක ජෝන් ඩුරාන් ඇතුළු රොනාල්ඩෝගේ කණ්ඩායම් සගයන් ඔහු වටකර ගෙන සිටින අයුරු අනෙක් ඡායාරූපවලින් දිස්වුණා.

 

AA1ytszA
ක්‍රීඩා ලෝලීන් දිගටම සුභ පතමින් මේ ඡායාරූපවලට ප්‍රතිචාර දක්වද්දී රොනාල්ඩෝ තමාගේ විශේෂ දිනය සම්බන්ධයෙන් ඔහුගේ අදහස ප්‍රකාශ කළා.

තම පෙම්වතිය වන ජෝජීනා රොඩ්රීගෙස් සමග සුහදශීලිව සිටින ඡායාරූපයක් පෝස්ට් කරමින් පෘතුගාල පාපන්දු තරුව මෙසේ කීවා: “මවිත කරවන උපන්දින පණිවුඩවලට ඔබ සියලු දෙනාටම ස්තූතියි!”

“පවුලේ අය හා මිතුරන් සමග ලස්සන දවසක් ගත කළා. මීට වඩා හොඳ දවසක් ගැන හිතන්න බැහැ.”

AA1yvB4N

 

තවත් වසරක් හෝ දෙකක් හෝ තුනක් ක්‍රීඩා කිරීම තවමත් කළ හැකි දෙයක් යැයි තමා විශ්වාස කරන බව රොනාල්ඩෝ මේ සතියේ පැවති සම්මුඛ සාකච්ඡාවලදී අනාවරණය කර තිබුණා. එහෙත් රොනාල්ඩෝ දැන් පැමිණ සිටින්නේ ඔහුගේ ක්‍රීඩා ගමනේ ඉම් සලකුණක් වන උපන්දිනයකට බවට බොහෝ දෙනා කල්පනා කරද්දී, තරග පිටියේ තම අනාගතය පිළිබඳව ඔහු සිටියේ උපේක්ෂා සහගතව. 

තමාගේ ක්‍රීඩා ජීවිතය කොතරම් දුරට පවතීද යන්න පිළිබඳව තමාගේ තැකීමක් නැති බව රොනාල්ඩෝ කියනවා. ඉලක්කම් හතරට පිවිසීම සඳහා අවශ්‍ය තවත් ගෝල් 77 ගැන ඔහු එතරම් කලබල වෙන්නේ නැහැ.

“මම ගෝල් 1,000ක් ලබා ගත්තොත් නියමයි. එහෙම නොවුනොත්, ඒකත් හොඳයි” රොනාල්ඩෝ කියනවා.

 

රොනාල්ඩෝ තවමත් ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුව මුදුනේ

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ චැම්පියන්ස් ලීගය සිවු වතාවක් ජයග්‍රහණය කර තිබෙන අතර ඒ සියලු ජයග්‍රහණ ලබා ගත්තේ රෙආල් මැඩ්රිඩ් කණ්ඩායම සමග. ඊට අමතරව ලා ලීගා ශූරතා දෙකක් ද එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් දිනා ගත් ඔහු ප්‍රිමිය ලීග් කිරුළු තුනක් මැන්චෙස්ට යුනයිටඩ් කණ්ඩායම සමග හිමිකර ගත්තා. 

යීවෙන්චස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් Serie A ශූරතා දෙකක් ද තමාගේ කුසලාන රාක්කයට එක්කර ගැනීමට ඔහු සමත් වුණා. 

එමෙන්ම, උපන්දින කේක් ගෙඩියේ නියෝජනය කෙරුණු පරිදි ‘බැලන් ඩෝ’ සම්මාන පහක් ද හිමිකර ගත් රොනාල්ඩෝ පස් වතාවක් වසරේ ලෝක ක්‍රීඩකයා ලෙස නම් කෙරුණා. එබැවින්, අවම වශයෙන් ගෞරව දිනා ගැනීම අතින් බලන විට, ජීවිතය පටන් ගන්නේ වයස 40දී යන තර්කයට රොනාල්ඩෝ පරිපූර්ණ විෂනාශක ඖෂධයක්. එහෙත් උණුසුම් විවාදයන් අවශ්‍ය අයට කලහකාරී යමක් කීමට රොනාල්ඩෝ යොදා ගෙන තිබෙන්නේ පැහැදිලිවම හොඳ අවස්ථාවක්. 

 

වයසට යන රොනාල්ඩෝගෙන් තවත් හපන්කමක්
“මෙතෙක් බිහිවූ හොඳම ක්‍රීඩකයා” තමා බවට අවධාරණය කරමින් ඔහු “එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා කවුද?” යන සදාතන ප්‍රශ්නය නැවත අවුස්සා තිබෙනවා.

“මම වේගවත්, මම ශක්තිමත්, මම මගේ හිසෙන්, වම් කකුලෙන් ගෝල් ලබා ගන්නවා. වෙනත් කිසිම ක්‍රීඩකයෙක් කිසිම යුගයක මට වඩා සම්පූර්ණ වී නැහැ” යනුවෙන් රොනාල්ඩෝ සඳහන් කරනවා.

“ඔබ පේලේ, ලයනල් මෙසී හා ඩියෙගෝ මැරඩෝනා ට වඩා කැමති වෙන්න පුළුවනි. මට ඒක තේරුම් ගන්න පුළුවන්... මම ඒකට ගරු කරනවා. නමුත් ඉතිහාසයේ හොඳම ක්‍රීඩකයා මමයි. ආයෙ ඒකෙ දෙකක් නැහැ!”

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්