වයසට අභියෝග කරමින් නිරන්තරයෙන් ඉතිහාසය අලුතින් ලියමින් සිටින සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ 40 වැනි වියේ පසුවන්නෙකු
ලෙස සිය පළමු ගෝලය වාර්තා කර තිබෙනවා.
රොනාල්ඩෝගේ අල්-නසර් කණ්ඩායම අද උදේ අල්-ෆෙයිහා කණ්ඩායම ගෝල් 3-0කින් පරාජය කළ අතර එහිදී රොනාල්ඩෝ සහ ඔහුගේ කණ්ඩායමට මෑතකදී එක්වූ යොන් දුරාන් (Jhon Duran) ගෝල් ලබා ගත්තා.

එහෙත් මේ තරගය වඩාත් වැදගත් වූයේ රොනාල්ඩෝ ට. සිය ක්‍රීඩා දිවියේ 924 වැනි ගෝලය වාර්තා කළ රොනාල්ඩෝ දැන් අවුරුදු 17 සිට 40 දක්වා සෑම වයසකදී ම ගෝල් ලබා ගැනීමට සමත්ව සිටිනවා.
රොනාල්ඩෝ සමග ක්‍රීඩා කිරීමට ලැබීම සිහිනයක් බව අල්-නසර් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගයේදී ගෝල් ද්විත්වයක් ලබා ගත් ඩුරාන් පවසනවා.
“මම ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ එක්ක ගොල් ලබා ගනිමින් ප්‍රීතිවනවා” ඩුරාන් කියනවා.
රොනාල්ඩෝගේ මේ අලුත්ම ජයග්‍රාහී ක්‍රියාව අවබෝධ කර ගැනීම අපහසු වන්නේ විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයන් සෑහෙන ප්‍රමාණයක් 40 වැනි වියට පැමිණීමට බොහෝ කාලයකට පෙර ක්‍රීඩාවෙන් සමුගත් බැවින්.
මේ පෘතුගාල පුරාවෘත්තයට ඔහුගේ ක්‍රීඩා දිවියේ අවසන් කාලයේදී ඩොලර් මිලියන 250ක් වටිනා ගිවිසුමකින් සෞදි අරාබියේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම වටහා ගැනීමට අසීරු අනෙක් කාරණාවයි.

කෙසේ වෙතත්, සෞදියට ඔහුගේ පැමිණීම තවත් විශිෂ්ට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ම අනුගමණය කරනු දක්නට ලැබුණා පමණක් නොව රොනාල්ඩෝ ඔහු වඩාත්ම හොඳින් කරන ක්‍රියාව වන ගෝල් ලබා ගැනීම ද දිගටම කරගෙන යන ආකාරය ප්‍රදර්ශනය වී තිබෙනවා.
සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ මේ ක්‍රීඩා වාරයේ තරග 18කදී රොනාල්ඩෝ ගෝල් 16ක් ලබා ගෙන සිටිනවා.
ඔහුගේ ශාරීරික දක්ෂකම සහ මේ වයසේදී ඔහුගේ අධිෂ්ඨානය කලාතුරකින් එන විස්මයජනක දෙයක් බව පැරිසියේ Skema ව්‍යාපාර අධ්‍යයන පාසලේ ක්‍රීඩාව සහ භූ දේශපාලනික ආර්ථික මහාචාර්ය Simon Chadwick සඳහන් කරනවා.
“වයසත් එක්ක, කෙනෙකුගේ ශාරීරික දක්ෂතාව අඩු වෙනවා. ඒ නිසා සෞදි අරාබි සල්ලි අරගෙන හෙමින් සීරුවේ මාරුවෙලා යන එක රොනාල්ඩෝ ට කරන්න තියෙන වඩාත්ම පහසු දෙයයි” මහාචාර්යවරයා පවසනවා.
“නමුත්, එසේ නොකර ඔහු දිගටම ප්‍රදර්ශනය කරන අභිරුචිය හා පාපන්දුවට තිබෙන දැඩි ආශාවෙන් කියැවෙන්නේ අපි සාමාන්‍යයෙන් නොදකින පරිපූර්ණ වෘත්තීය ක්‍රීඩකයෙක්, ඉතාමත් තදින් ආශාවක් දක්වන ක්‍රීඩකයෙක් හා ශාරීරිකව අධිෂ්ඨානයෙන් පිරුණු ක්‍රීඩකයෙක් ගැන.

එහෙත් රොනාල්ඩෝ තවමත් ගෝල් ලබා ගැනීමේ කදිම ශාරීරික තත්ත්වයෙන් සිටිය ද, මේ පුරාවෘත්ත ක්‍රීඩකයාගේ තරග බිමෙන් සමුගැනීම තිබෙන්නේ වැඩි ඈතක නෙවෙයි. එය පසු කාලයක සිදුවනවාට වඩා ළඟදී සිදුවනු ඇති බවටයි බොහෝ දෙනාගේ මතය.
අල්-නසර් ක්‍රීඩා සමාජය සමග තිබෙන රොනාල්ඩෝගේ කොන්ත්‍රාත්තුව ජූනි මාසයේදී අවසන් වීමට නියමිතයි. සෞදි අරාබියේ ඔහුගේ ක්‍රීඩාව තවදුරටත් කරගෙන යාමට ඔහු අදහස් කරගෙන සිටිනවාද යන්න තවමත් ස්ථිර වී නැහැ.
නමුත් මේ සුපිරි පාපන්දු තරුව ඔහුගේ ඇදහිය නොහැකි ක්‍රීඩා දිවිය අවසන් කරනවාද එසේත් නැත්නම් මේ තරග වාරයෙන් එහා ගෙන යනවාද යන කාරණය කෙසේ වෙතත්, පියෙකු ලෙස පැත්තකට වී ගතකළ යුතුව තිබෙන ජීවිතයේ සැඳෑ සමයට විරෝධය පාමින් ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ තවමත් ක්‍රීඩා කරනු දැකීමට තරම් තමන් වාසනාවන්තයින් වී සිටින බව පාපන්දු ක්‍රීඩා ලෝලීන් දන්නවා.
සබැඳි ලිපි :
'Siiiiiuuuuu' හඬ නංවමින් නිරාවරණය වූ ටයිම්ස් චතුරස්‍රයේ රොනාල්ඩෝ ප්‍රතිමාව
රොනාල්ඩෝගේ 40 වැනි උපන්දිනයට විස්මයජනක කේක්ගෙඩියක්
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






