leader s

අ‌‌‌මෙරිකානු ක්‍රීඩාවේ කාන්තා අංශයේ තරග කිරීම සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ

විධායක නියෝගයෙන් ධෛර්යමත්ව සිටින ජාත්‍යන්තර බොක්සිං සංගමය (IBA) ඉමාන් කලීෆ් සහ ලින් යූ-ටින් යන මතභේදාත්මක බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනාට 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) ට එරෙහිව නඩු මගට බැසීමට තීරණය කර තිබෙනවා.

මේ පුවත එළිදක්වා තිබෙන්නේ IBA විසින් සඳුදා නිකුත් කළ නිවේදනයකින්. බොක්සිං ක්‍රීඩකයන්ගේ ස්ත්‍රී - පුරුෂ බව හඳුනා ගැනීම පිණිස මෑත වසරවලදි නිවැරදි ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් තමන්ගේ නිර්ණායකයන්ට අනුව සුදුසු නොවන ක්‍රීඩිකාවන් කාන්තා ශූරතාවලියන් හි තරග කිරීම තහනම් කිරීමට ක්‍රියා කර ඇති බවත් එම සංගමය විශ්වාස කරනවා.

මේ කාරණාව පදනම් කරගෙන, ජාත්‍යන්තර බොක්සිං සංගමය 2023 ලෝක ශූරතාවලිය සඳහා කලීෆ් ට සහ ලින් ට තරග කිරීම තහනම් කළ අතර එම ක්‍රීඩිකාවන් දෙදෙනාගේ නුසුදුසුකම පිළිබඳව සංගමය විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට දන්වා තිබියදීත් ඔවුන් මේ ක්‍රීඩිකාවන් දෙදෙනා ට පැරිස් ඔලිම්පික් වරම් ලබා දුන්නා. 

17f62563fe675961101cfa154c1d7d2aඋමර් ක්‍රෙම්ලෙෆ් (Umar Kremlev)
එහි ප්‍රතිඵලයක් ලෙස කලීෆ් හා ලින් ඔවුන්ගේ බොක්සිං අංශවල රන් පදක්කම් දිනා ගත්තා. IOCය ගත් මේ තීරණය අසාධාරණ බවත් එමගින් ක්‍රීඩිකාවන්ට අයිතිවීමට තිබූ අවස්ථාවන් අහිමි කළ බවත් IBAයේ මතය වී තිබෙනවා.

මේ අනුව, පැරිස් ඔලිම්පික් බොක්සිං තරගාවලියට මේ නුසුදුසු ක්‍රීඩිකාවන් දෙදෙනාට සහභාගි වීමට මං විවර කළ IOCයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නිල පැමිණිල්ලක් ස්විට්සලන්ත නීතිපති Stefan Blatter හමුවේ ගොනු කරන බව රුසියාවේ උමර් ක්‍රෙම්ලෙෆ් (Umar Kremlev)ගේ සභාපතිත්වයෙන් යුත් IBA ප්‍රකාශ කර තිබෙනවා. IBAය ඔවුන්ගේ මූල්‍ය පාලන කටයුතු විනිවිදභාවයකින් තොරව පවත්වා ගෙන යන බවට චෝදනා කළ IOCය, ඔලිම්පික් බොක්සිං තරගාවලියේ පාලක මණ්ඩලය ලෙස එම සංගමයට තිබූ තත්ත්වය 2023 වසරේදී අහෝසි කළා. 

ආන්දෝලනාත්මක ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාව ඔලිම්පික් පදක්කමක් සහතික කර ගනී

 

ස්විට්සලන්ත නීතිය යටතේ, තරගාවලියට සහභාගි වන තරගකාරියන්‌ගේ ආරක්ෂාවට අවදානමක් ගෙන එන ඔ්නෑම ක්‍රියාවක් පරීක්ෂණයක් කැඳවීමට සුදුසු වන අතර එය අපරාධ නඩු පැවරීමකට ද පදනමක් කර ගැනීමට හැකියාවක් තිබෙන බවට IBAය විශ්වාස කරනවා. එම බොක්සිං සංගමය මෙවැනි ම පැමිණිලි ප්‍රංශයේ හා අමෙරිකාවේ නීතිපතිවරුන් හමුවේ ද ගොනු කිරීමට තීරණය කර තිබෙනවා.

“ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගය කාන්තාවන්ගේ ක්‍රීඩාවේ අවංකත්වය ආරක්ෂා කිරීම සඳහා වන IBA උත්සාහය තහවුරු කරනවා” යනුවෙන් ක්‍රෙම්ලෙෆ් පවසනවා. 

“අපේ ක්‍රියාවන්ගේ අරමුණ වී තිබෙන්නේ බොක්සිං ක්‍රීඩාවේ ලිංගභේදයේ සමාන බව තහවුරු කිරීමයි. ජාත්‍යන්තර බොක්සිං සංගමයේ උදාහරණය අනුගමණය කරන ලෙස අපි අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වලින් ඉල්ලා සිටින්නේ මේ කාරණය පිළිබඳව කතා කර අපේ ක්‍රීඩිකාවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමේ ශක්තිමත් තැනක අප සිටින නිසා” යනුවෙන් ඔහු ප්‍රකාශ කරනවා.

 

IBA President Umar Kremlev right SGCEO Chris Roberts OBE left e1721921493424

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ තීරණය නිසා තමන්ට අසාධාරණයක් සිදුවූ බවට කල්පනා කරණ බොක්සිං ක්‍රීඩිකාවන් එම කමිටුවේ සභාපති තොමස් බාහ් (Thomas Bach) හා එහි ක්‍රීඩා අධ්‍යක්ෂ කිට් මැක්කොනල් (Kit McConnel) හා ඔවුන්ගේ අදාළ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ක්‍රෙම්ලෙෆ් එම ක්‍රීඩිකාවන් උනන්දු කරනවා. “මෙය පැහැදිලිවම මානව අයිතීන් උල්ලංඝණය කිරීමක් හා දඬුවම් කළ යුතු අපරාධයක් වන බැවින්, මේ නඩු කටයුතුවලදී අපේ බොක්සිං ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සම්පූර්ණ නීති සහාය IBA විසින් නොමිලේ ලබා දෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය අණ කළොත්, බාහ් සම්පූර්ණ වගකීම බාරගෙන සිදුකළ හානිවලට වන්දි ගෙවිය යුතුයි” ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. 

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනපති වීම ලෝක ක්‍රීඩාවට බලපාන හැටි

 

ජාත්‍යන්තර බොක්සිං සංගමය දීර්ඝ කාලයක් තිස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදයට නටමින් සිටිනවා. පසුගිය සතියේ අමෙරිකානු ජනාධිපතිවරයා ඔහුගේ විධායක නියෝගය නිකුත් කළ අවස්ථාවේ සමහර ක්‍රීඩිකාවන් උදාහරණ ලෙස දක්වමින් කතා කළා. ඔහුට අනුව, ‌මේ ක්‍රීඩිකාවන් කාන්තාවන් ලෙස ක්‍රීඩා නොකළ යුතුයි. මොවුන් අතර ට්‍රම්ප් විසින් පිරිමියෙක් ලෙස සඳහන් කරන  ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් ද සිටිනවා.

සාමාන්‍යයෙන් පිරිමින්ට පමණක් තිබෙන ඉහළ මට්ටමේ ටෙස්ටොස්ටරෝන් හා XY ක්‍රෝමසොම අඩංගු බවට ලිංගීය පරීක්ෂණවල පෙන්නුම් කිරීම හේතුවෙන් නවදිල්ලියේ පැවති 2023 ලෝක කාන්තා බොක්සිං ශූරතාවලියට කලීෆ් හා ලින් සහභාගි වීම IBA විසින් වළක්වනු ලැබුවා. IBA විසින් සිදුකළ මේ පරීක්ෂණ වැරදි සහ නීතිවිරෝධී බවට ලේබල් කරමින් IOCය මේ ක්‍රීඩිකාවන් දෙදෙනාට පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීමට අවසර ලබා දුන්නේ ඔවුන් ක්‍රීඩිකාවන් ලෙස උපත ලැබීමත්, ඔවුන්ගේ විදෙස් ගුවන් බලපත්‍රවල කාන්තාවන් ලෙස සටහන්ව තිබීමත් හා ඔවුන් සැමවිටම කාන්තාවන් ලෙස තරග කර තිබීමත් සැලකිල්ලට ගනිමින්.

 

අනෙක් කාන්තාවන් වගේම මමත් ගැහැනියක්' : රන් දිනාගත් කලීෆ් වෛර කරන්නන්ට කියයි
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මේ තීරණයට ස්තූතිවන්ත වන්නට ඉමාන් කලීෆ් කිලෝග්‍රෑම් 66 බොක්සිං කාන්තා අංශයේ ඇගේ පළමු හා එකම ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තේ තමන් වෙත එල්ල වූ විවේචන විඳ දරා ගනිමින්. ලින් යූ-ටින් කිලෝග්‍රෑම් 57 කාන්තා බොක්සිං රන් පදක්කම දිනා ගත්තා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්