leader s

එදා මෙදා තුර පැවති ලොව විශාලතම මැරතන් තරගය බවට 2025 වසරේ පැරිස් මැරතන් තරගය පත්ව තිබෙනවා.


මීට මසකට පෙර ලෝකයට අසන්නට ලැබුනේ 2025 ලන්ඩන් මැරතන් තරගය ලොව ඔ්නෑම තැනක මෙතෙක් පැවති ලොකුම මැරතන් තරගය බවට පත්වීමට අපේක්ෂා කරන බව. එහි ඉලක්කය වූයේ 2024 නොවැම්බර් මාසයේ නිව්යෝක් සිටි මැරතන් තරගය 55,646 දෙනෙක් අවසන් කරමින් තබා තිබෙන වර්තමාන ලෝක වාර්තාව අභිබවා ගොස් 56,000 දෙනෙක් තරගය අවසන් කිරීම.

එහෙත් සියලු අවධානය ලන්ඩන් මැරතන් වෙත යොමුව තිබෙද්දී තවත් මැරතන් තරගයක් ඊට පෙර එම ලෝක වාර්තාව ඩැහැගෙන තිබෙනවා. ඒ, 2025 පැරිස් මැරතන් තරගය.

gtwet435

මේ වසරේ ලන්ඩන් මැරතන් තරගයට සති දෙකකට පෙර අප්‍රේල් 13 වැනි ඉරිදා පැවති පැරිස් මැරතන් තරගයට සහභාගි වීම පිණිස තරගකරුවන් මිනිය නොහැකි තරම් විශාල පිරිසක් පැරිස් නුවරට ගලා ආ අතර ඔවුන් අතරින් 56,950 දෙනෙක් තරගය අවසන් කළා. මෙය ලන්ඩන් මැරතන් තරගය මේ වසරේ සැමරීමට බලාපොරොත්තු වන තරග අවසන් කරන සංඛ්‍යාවට වඩා 1,000කට ආසන්න  වැඩිවීමක්.

පැරිස් මැරතන් තරග ලේඛනයට අනුව, තරගයට සහභාගි වූ 57,000කට ආසන්න ප්‍රමාණයෙන් අඩකට වැඩි පිරිසක් (සියයට 51) මැරතන් තරගයකට ප්‍රථම වතාවට සහභාගි වූ අය. මෙයින් පමණක් පෙන්නුම් කරන්නේ සැතපුම් 26.2ක් දුර මේ තරගය ලොව රටවල් පුරා වර්ධනය වෙමින් තිබෙන ආකාරය. තරගය අවසන් කළ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් (සියයට 33) සමන්විතව තිබුනේ ජාත්‍යන්තර ධාවකයන්ගෙන්. සෙමෙන් එහෙත් ස්ථිරවම කාන්තා සහභාගිත්වය ඉහළ යමින් කාන්තාවන් වැඩි පිරිසක් දැන් පැරිස් මැරතන් තරගයට සහභාගි වෙමින් සිටිනවා. මේ වසරේ එම තරගය අවසන් කළ ධාවකයන්ගෙන් සියයට තුනකට වඩා මඳක් අඩු (සියයට 31) ප්‍රමාණයක් කාන්තාවන්ව සිටි අතර මෙය 2024දී සියයට 28 හා 2023 වසරේදී සියයට 26 සිට ඉහළ යාමක්.

පැරිස් මැරතන් තරගය ලෝකයේ ප්‍රධානතම මැරතන් තරග හතෙන් (Abbott World Marathon Majors) එකක් නොවූව ද, සංඛ්‍යානමය වශයෙන් පෙන්වන පරිදි එය කොහෙත්ම සුළු හෝ ජනප්‍රිය නොවන ඉසව්වක් නෙවෙයි. ඇත්තෙන්ම, පැරිස්  මැරතන් තරගය සහභාගිවන්නන්ගේ සංඛ්‍යා ලේඛන සටහනේ මුදුනට පිවිසි පළමු අවස්ථාව මෙය නෙවෙයි.

පසුගිය වසරේදී, 2024 පැරිස් මැරතන් තරගයේ අවසාන රේඛාව ධාවකයන් 53,899 දෙනෙක් පසුකළ අතර එය ඒ අවස්ථාවේ තනි මැරතන් තරගයක් එතෙක් වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් සම්පූර්ණ කළ මැරතන් තරගය බවට පත්වුනා. මෙය 2019 නිව්යෝක් සිටි මැරතන් තරගය විසින් වසර කිහිපයක් තිස්සේ රඳවා ගෙන සිටි තරගය අවසන් කළ 53,627 වාර්තාව යන්තමින් අභිබවා යාමක්.

කෙසේ වෙතත්, 2024 පැරිස් මැරතන් තරගයේ එම වාර්තාව ඉක්මනින්ම පසු කිරීමට එම වසරේ සැප්තැම්බරයේ පැවති 50 වැනි බර්ලින් මැරතන් තරගයට හැකිවූයේ එදා 54,154 දෙනෙක් තරගය සම්පූර්ණ කළ බැවින්. ඉක්බිති, මාස දෙකකට පසුව, කළින් සඳහන් කළ පරිදි, 2024 නිව්යෝක් සිටි මැරතන් තරගය නැවත වාර්තාව හිමිකර ගත්තා.

ලෝක ප්‍රසිද්ධ මැරතන් තරගවලට සහභාගි වන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් තිබෙන මේ යුගයේ 2025 පැරිස් මැරතන් තරගය ඔවුන්ගේ ලෝක වාර්තාව කොතරම් දුරට රැකගෙන සිටීද යන්න අවිනිශ්චිතයි. නමුත් 6,000ක් පමණ වූ එම තරගයේ ධාවකයන් පරිත්‍යාගශීලී ආයතන 300කට පමණ යුරෝ මිලියන පහකට ආසන්න මුදලක් රැස්කර දීමට සමත් වීම විශේෂත්වයක්.

warnan Gunasekara (සටහන | වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්