leader s

ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු හා ජනිත් ලක්ෂාන්

සෞදි අරාබියේ පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (16) පස්වරුවේ පැවති තරගයකින් රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු සමත් වූවාය.

බාලිකා මීටර 100 ඉසව්වෙන් තරගකළ ඇය තත්. 11.92කින් තරගය අවසන් කර මෙම පදක්කම දිනාගැනීමට සමත් විය.

මෙහි රන් පදක්කම චීනයටත්, ලෝකඩ පදක්කම ඉන්දියාවටත් හිමිවිය.

මීට අමතරව ඊයේ පස්වරුවේම පැවති මීටර 1500 තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත විසින් දිනාගත්තේය.

විනාඩි 3.59.47කින් සිය ඉසව්ව අවසන් කර අචින්ත මෙම පදක්කමට ළඟාවිය.

මෙහි රන් පදක්කම කටාර් රාජ්‍යයට හිමි වූ අතර, රිදී පදක්කම දිනාගැනීමට සමත් වූයේ ලෙබනන් ක්‍රීඩකයෙකු විසින්ය.

ජනිත් ලක්ෂාන්ගෙන් රිදී පදක්කමක්

 

janith ජනිත් ලක්ෂාන්

ශ්‍රී ලංකාවේ ජනිත් ලක්ෂාන් මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ තුන්පිම්ම බාලක ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ය.

6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේ සත්කාරකත්වයෙන් පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ ජනිත් ලක්ෂාන් එහි තුන්පිම්ම ඉසව්වට සහභාගී වෙමින් රිදී පදක්කම දිනා ගත්තේ ය.

ඔහු එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාවය මීටර 15යි දශම 1යි 0කි.

එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මීටර 15යි දශම 5යි 3ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ චීනයේ දොං සියුඈන්.

චීනයේම මා බෝයු ලෝකඩ පදක්කම දිනා ගත්තේ , මීටර 14යි දශම 9යි 7ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් ය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්