leader s

උන්හිටිතැන් අහිමි වූ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සහාය වීම පිණිස කැපවුණු ඉන්දියාව, එංගලන්තය හා ඔස්ට්‍රේලියාවෙන් සමන්විත කාර්ය සාධක බලකායක් ජගත් ක්‍රිකට් කවුන්සලය (IOC) ප්‍රථම වතාවට පිහිටුවා තිබෙනවා.

ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට තරග බිමේ මෙන්ම ඉන් පිටත සමාජයේ ද දියුණු වෙමින් ඉදිරියට යාම සඳහා සහාය වීම පිණිස ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI), එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) සහ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය (CA) සමග ලෝක ක්‍රිකට් පාලකයන් ප්‍රථම වතාවට අත්වැල් බැඳගෙන සිටිනවා.

iodyuwnierudxwsuv4rb
ටලිබාන්වරු 2021 වසරේ ඇෆ්ගනිස්තානයේ බලයට පැමිණීමෙන් පසුව කාන්තාවන් ක්‍රීඩා කිරීම නීතියෙන් තහනම් කළා. එදා සිට ඔවුන්ගේ කාන්තා කණ්ඩායම කිසිම ජාත්‍යන්තර තරගයක පෙනී නොසිටි අතර මේ ක්‍රීඩිකාවන්ගෙන් වැඩි දෙනෙක් රටෙන් පලා ගොස් ඔස්ට්‍රේලියාවේ පදිංචි වුනා. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය අහෝසි කරන ලෙසට එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ලොව නොයෙකුත් ආයතන ICCයෙන් ඉල්ලා තිබුන ද එය බීරි අලින්ට වීණා වාදනය කිරීම වැනි දෙයක් බවට මෙතෙක් පත්ව තිබුනා. මෑතකදී පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලිය අතරතුර බ්‍රිතාන්‍යයේ සමහර දේශපාලනඥයින් ඇෆ්ගනිස්තානය සමග තිබෙන එංගලන්ත තරගය වර්ජනය කරන ලෙසට පවා ඉල්ලා සිටියා.

ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට කෙළින්ම මුදලින් සහාය වෙමින් ඔවුන්ට ඔවුන් ආදරය කරන ක්‍රීඩාවේ දිගටම නියැලීම සඳහා අවශ්‍ය සම්පත් ලැබෙන බවට තහවුරු කිරීම පිණිස කැපවුණු අරමුදලක් ස්ථාපිත කරන බව ICCය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ උපරිම හැකියාවන්ට පිවිසීමට උපකාර කිරීම පිණිස නවීන පුහුණුව, ලෝක මට්ටමේ පහසුකම් හා සැලසුම් සහගත උපදෙස් ලබා දෙන පරිපූර්ණ උසස් මට්ටමේ ක්‍රීඩා කිරීමේ වැඩසටහනක් ලබා දීමට මේ අරමුදල ක්‍රියා කරනු ඇතැයි එම නිවේදනයේ සඳහන්.

396813.6

“තමන් මොන තත්ත්වයේ සිටියත් සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම දීප්තිමත්ව ක්ෂේත්‍රයට අන්තර්ගතව සිටීමේ අවස්ථාව  වර්ධනය කිරීමට අපි කැපවී සිටිනවා. අපේ වටිනා හවුල්කරුවන් සමග මේ කාර්ය සාධක බලකාය හා අරමුදල දියත් කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. මේ මුල පිරීමෙන්‌ පිළිබිඹු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ව්‍යාප්තිය මෙන්ම සමගිය, ප්‍රත්‍යස්ථිතිය හා අපේක්ෂාව ප්‍රබෝධමත් කිරීමට ඊට තිබෙන බලය වෙනුවෙන් අපේ තිබෙන නොසැලෙන කැපවීම” යනුවෙන් ICC සභාපති ජේ ෂා පවසනවා.

ECB සභාපති රිචඩ් ගෝඩ් මෙසේ ප්‍රකාශ කරනවා: “ICCයේ මේ නව ආරම්භයට සහාය වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ රටේ ක්‍රීඩා කිරීමට නොහැකිව තිබියදීත් ඔවුන්ට ශක්තිමත්ව නැගිටින්න සහාය ලබා දීම සඳහා තේරුමක් ඇති අරමුදලක අවශ්‍යතාව ගැන අපි මීට පෙර හඬ නගා තිබෙනවා.”

 

file photo afghanistan women s xi players pose for a team photo during the cricket match between afghanistan women s xi and cri
“ගෝලීය සරණාගත ක්‍රිකට් අරමුදලට මීට පෙර සැලකිය යුතු මුදලකින් අපි දායක වීමෙන් පසුව, ICCය ගත් මේ ධනාත්මක පියවර ඊටත් වඩා දුර යනු ඇතැයි අපි උනන්දුවෙන් බලා සිටිනවා.”

“අපට උවමනා වන්නේ ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිගටම ලොව සියලුම කාන්තාවන් හා තරුණියන්ගේ බලාපොරොත්තුවේ ආලෝකය වී සිටිනවා දකින්නයි!”



warnan Gunasekara
 (සටහන | වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්