leader s

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කුසලානය හා පදක්කම් පිරිනැමීමේ උත්සවයේදී මෝසින් නක්වි ප්‍රදර්ශනය කළ අචල සහ අභිමානි ආකල්පය විශේෂ රන් පදක්කමකින් අගැයීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නක්වි ට කරච්චි නුවරදී ‘ෂහීඩ් සුල්‌ෆිකර් අලි භූතෝ විශිෂ්ටතා රන් පදක්කම’ - Shaheed Zulfiqar Ali Bhutto Excellence Gold Medal - ප්‍රදානය කෙරෙනු ඇතැයි වාර්තා වනවා. ඔහුට මේ පදක්කම පිරිනැමෙන්නේ ආසියානු කුසලාන අවසාන තරගයෙන් පසුව ඉන්දියාවේ බලවත් ඉල්ලීම්වලට එරෙහිව දැක්වූ ස්ථිර හා ප්‍රතිපත්තිමය මතය ට ගරු කිරීමක් ලෙස.

නක්වි ට මේ තිළිණය පිරිනමන බවට නිවේදනය කර තිබෙන්නේ කරච්චි බාස්කට්බෝල් සංගමයේ සභාපති නීතිඥ ගුලාම් අබ්බාස් ජමාල් විසින්. පාකිස්තාන ජනතා පක්ෂයේ සභාපති බිලවාල් භූතෝ සර්ඩාරි ප්‍රධාන අමුත්තා වනු ඇතැයි අපේක්ෂිත කරච්චි හි පැවැත්වෙන මහා උත්සවයකදී නක්වි ට මේ ගෞරවනීය පදක්කම ප්‍රදානය කෙරෙනු ඇතැයි වාර්තා වනවා.

india wc 250929

ආසියානු කුසලාන අවසාන තරගයේදී ඉන්දියාව කඩුලු පහකින් පාකිස්තානය පැරදවීමෙන් පසුව, ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති වන තමාගේ දෑතින් කුසලානය ලබා ගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළ නිසා එම කුසලානය රැගෙන නක්වි ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් පිටව ගියේ මාධ්‍යයේ ප්‍රධාන සිරස්තල මවමින්.


ඉන්දියා කණ්ඩායමට ආසියානු ක්‍රිකට් කුසලානය අවශ්‍ය නම් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ ඩුබායි ප්‍රධාන කාර්යාලයට පැමිණ එය තමාගෙන් ලබා ගන්නා ලෙසට නක්වි දන්වා තිබෙනවා.

 



warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්