leader s

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ  (04) පස්වරුවේ නිවේදනය කළේය.


ඒ අනුව නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් පත් කර ඇත.

ඔහු මෙම මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් එම ධුරයේ කටයුතු කිරිමට නියමිතය.

එමෙන්ම දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස රෙනේ ෆර්ඩිනන්ඩ්ස් පත් කර තිබේ.

ඔහුගේ ධුර කාලය ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා සිට වසර 02ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

mri76r7i67687

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්