ජයග්‍රාහිකාවෝ - ජයග්‍රාහකයෝ
කෙන්යාවේ 32 හැවිරිදි ඉලියාස් යෝගා මුතෝනි කොළඹ සිට මීගමුව දක්වා ඊයේ පැවති 19 වැනි ‘කොළඹ මැරතන්’ ජාත්‍යන්තර තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. ඔහූ වාර්තා කළ කාලය පැය 2යි මිනිත්තු 25යි තත්පර 35ක්.
මීට පෙර පැවති මේ මැරතන් තරගවල කෙන්යානු ආධිපත්‍යය මෙවර පළමු ස්ථානයට පමණක් සීමා වීම විශේෂත්වයක් වූයේ දෙවැනි හා තෙවැනි ස්ථාන දෙක ම ශ්‍රී ලාංකිකයන් විසින් හිමිකර ගැනීම නිසා. මේ ස්ථාන දෙක අත්කර ගත්තේ යුද හමුදාව නියෝජනය කළ මැරතන් ක්‍රීඩකයන්.

කාලතුවක්කු රෙජිමේන්තුවේ කේ ෂන්මුගේෂ්වරන් දෙවනි ස්ථානය හිමිකර ගත්තේ පැය 2යි මිනිත්තු 26යි තත්පර 30ක කාලයක් සටහන් කරමින්. විජයබා රෙජිමේන්තුවේ උදාර චානක රූපසිංහ ට තෙවැනි ස්ථානයට පත්වීමට පැය 2යි මිනිත්තු 27යි තත්පර 02ක් ගතවුනා.
කොළඹ මැරතන් තරගයේ ජයග්‍රාහිකාව ද කෙන්යානු ජාතිකයෙක්. පැය 2යි මිනිත්තු 58යි තත්පර 09කින් කාන්තා තරගය ජය ගත්තේ කැරොලයින් චෙරෝනෝ. පිරිමි තරගයේ මෙන්ම කාන්තා තරගයේ ද දෙවැනි හා තෙවැනි ස්ථන හිමිකර ගත්තේ ශ්‍රී ලාංකිකයින්.

එච්.එම්.හේරත් පැය 3යි මිනිත්තු 03යි තත්පර 20ක් සටහන් කරමින් දෙවැනි ස්ථානයට ද, එම්.චමිලා සිරිවර්ධන පැය 3යි මිනිත්තු 26යි තත්පර 12ක් ගත කරමින් තෙවැනි ස්ථානයට ද පත්වුනා.
මීගමුව වෙරළ උද්‍යානයේදී පදක්කම් ප්‍රදානය සිදු කෙරුනේ මේ තරගය සංවිධානය කළ ලංකා ස්පෝට්රයිසන් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.


(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
සබැඳි පුවත් :
රටවල් 35කින් තරගකරුවන් 1200කට වැඩි පිරිසක්: හය වසරක නිහැඬියාවකින් පසුව ‘කොළඹ මැරතන්’ ජාත්‍යන්තර තරගය ඉරිදා (05) මීගමුවට







