35 වැනි වරට පැවති යෞවන ක්‍රීඩා උළෙලේ - Youth Sports Fest 2025 - යාපනය දිස්ත්‍රික්කයේ ජවන හා පිටිය ශූරතාව
දිනා ගැනීමට තෙලිප්පායි ප්‍රාදේශීය මණ්ඩලය සමත් වුනා. අනුශූරතාව පේදුරුතුඩුව ප්‍රාදේශීය මණ්ඩලයට හිමිවූ අතර තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ නල්ලූර් ප්‍රාදේශීය මණ්ඩලය.
2025 යෞවන ක්‍රීඩා උළෙලේ පළමු දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල ආරම්භ වුනේ යාපනයෙන්. ඇල්ෆ්‍රඩ් දොරෙයි අප්පා ක්‍රීඩාංගණයේ පැවති මේ ඉසව්වට යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වුනා. කණ්ඩායම් තරග අවසන් වීමෙන් පසුව පැවති මලල ක්‍රීඩා තරගවලිනුයි මේ දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ සමාප්තිය සටහන් වුනේ.
ප්‍රාදේශීය ක්‍රීඩා උළෙලන් අවසානයේ දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් පසුව ජාතික ක්‍රීඩා උළෙල දෙසැම්බර් මාසයේ පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







