දෙසැම්බර් මස 1 වැනිදා ඇරැඹෙන 2025 ලංකා ප්‍රිමිය ලීග් - Lanka Premier League 2025 (LPL) - ක්‍රිකට් තරගාවලියට
ප්‍රථම වතාවට ඉන්දියා ක්‍රීඩකයන් සහභාගි වනු ඇති බවට වාර්තා වනවා.
‘පී.ටී.අයි.’ පුවත් සේවයට අනුව, ඉන්දියා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් 6 වැනි වතාවට පැවැත්වෙන මේ තරගාවලියට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. කෙසේ වෙතත්, එම ක්‍රීඩකයන්ගේ නම් තවමත් හෙළිදරව් කර නැහැ.
“පළමු වතාවට ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ලංකා ප්‍රිමිය ලීගයට සහභාගි වනු ඇතැයි බලාපොරොත්තු වනවා. ඔවුන්ගේ නම් ළඟදීම අනාවරණය කරාවි. මේ එක්වීම මගින් ඉන්දියා කලාපයේ ක්‍රිකට් ලෝලීන් අතර අලුත්ම ප්‍රබෝධයක් හටගනීවි” යනුවෙන් මාධ්‍ය නිවේදනයක දැක්වෙනවා.
මේ විස්සයි20 තරගාවලිය තරග 24කින් සමන්විත වන අතර ලීග් තරග 20ක් හා පිළිමළුන් පිටුදැකීමේ තරග 4ක් ඊට ඇතුළත්. තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ සහ දඹුල්ලේ රංගිරි දඹුල්ල යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







