leader s

තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුවක් සහ අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙළඳසේවා ක්‍රිකට් සංගමයේදී ඊයේ පැවැත්වුනා.

සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ වෙළඳ අධ්‍යක්ෂ ජන්මීශ් ඇන්තනි, ප්‍රවර්ධන කළමනාකරු කේ.ඩී.එස්.කනිෂ්ක, වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති තුෂාන් අමරසූරිය, උපසභාපති සිරෝෂ ගුණතිලක හා තරගාවලි කමිටුවේ සභාපති ලක්මාල් ද සිල්වා මේ අවස්ථාවට සහභාගි වුනා.

 

දීර්ඝ කාලයක් තිස්සේ පවත්වා ගෙන එන ‘සිංගර් - වෙළඳසේවා ක්‍රිකට් සංගමය’ සුපර් ප්‍රිමිය ලීගයේ -Singer – MCA Super Premier League 2025 - පිළිමලුන් පිටුදැකීම හා විස්සයි20 අවසන් මහා තරග මෙවර ප්‍රථම වතාවට පැවැත්වෙන්නේ විදුලි ආලෝක මධ්‍යයේ.

 

m 3

වෙළඳසේවා ක්‍රිකට් සංගමයට ඉතාමත්ම අවශ්‍ය මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 32 වැනි වතාවට. මෙහි පළමු අදියර වූ ලීග් තරගාවලිය දැනටමත් අවසන්ව තිබෙන අතර දෙවන අදියර වන පිළිමලුන් පිටුදැකීමේ වටයේ ද ඉතිරිව තිබෙන්නේ අවසාන තරගය පමණයි. මැලිබන් බිස්කට්ස් හා හේලීස් සමූහ යන කණ්ඩායම් අතර එම තරගය ලබන 24 වැනිදා මේට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.

හේලීස් කණ්ඩායම අවසාන තරගයට පිවිසියේ සී.ඩී.බී. පිල ලකුණු 63කින් පරාජය කරමින්. මැලිබන් බිස්කට්ස් කණ්ඩායම අවසාන තරගයට සුදුසුකම් ලැබුවේ ෆෙයාෆස්ට් රක්ෂණ සමාගම පිල කඩුලු 8කින් පරදවමින්.

පිළිමලුන් පිටුදැකීමේ අදියරේදී විශේෂ දක්ෂතා දෙකක් වාර්තා වී තිබෙනවා. දෙවැනි අවසන් පූර්ව තරගයේදී ෆෙයාෆස්ට් රක්ෂණ සමාගම කණ්ඩායමට එරෙහිව මැලිබන් බිස්කට්ස් කණ්ඩායමේ දුෂාන් හේමන්ත ඔ්වර 8.4ක් යවමින් ලකුණු 29ක් පමණක් ලබා දී කඩුලු 8ක් බිඳ හෙලු අතර පළමු අවසන් පූර්ව තරගයේදී හේලීස් සමූහ ආයතනයේ රමේෂ් මෙන්ඩිස් සී.ඩී.බී. පිලට එරෙහිව හයේ පහර 11ක් සහ හතරේ පහර 8ක් සමග පන්දු 137කින් නොදැවී ලකුණු 153ක් වාර්තා කළා.

m 2
ලීග් තරගාවලියේදී සී.ඩී.බී. කණ්ඩායම අපරාජිතව සිටිමින් නව ලීග් ජයග්‍රාහකයා බවට පත්වුනා.

තෙවැනි අදියර වන විස්සයි20 තරගාවලිය මේ මස 1 වැනිදා ඇරැඹුනු අතර එහි අවසන් පූර්ව තරග ලබන 21 වැනිදා පවත්වා අවසන් තරගය 28 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ෆෙයාෆස්ට් රක්ෂණ, මැලිබන් බිස්කට්ස් හා ඩේවිඩ් පීරිස් සමූහ ආයතනය යන කණ්ඩායම් ‘ඒ’ කොටසට ඇතුළත්ව සිටින අතර හේලීස් සමූහ ආයතනය, සී.ඩී.බී හා බී.බී.කේ. යන කණ්ඩායම් ‘බී’ කොටසට ඇතුළත්.

ලීග් තරගාවලියේ වීරයාට වසර 2000 සිට පැවත එන සම්ප්‍රදායකට අනුව Singer LED රූපවාහිනියක් පිරිනැමෙන බව සංවිධායකයින් පවසනවා. මීට අමතරව ලීග් තරගාවලියේ හොඳම පිතිකරු සහ හොඳම පන්දු යවන්නාට ද, පිළිමලුන් පිටුදැකීමේ අවසාන තරගයේ වීරයාට ද, විස්සයි20 තරගාවලියේ හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා සහ අවසාන තරගයේ වීරයාට ද විශේෂ තිළිණ ප්‍රදානය කෙරෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්