ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇතිවූ සිදුවීම්වලින් පසුව ඉන්දියාව හා පාකිස්තානය අතර තරග සැලසුම් කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසට හිටපු එංගලන්ත නායක මයිකල් ඇතර්ටන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට උපදෙස් දී තිබෙනවා.
කණ්ඩායම් අටක් සහභාගි වූ 2025 ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් 28 වැනි දින අවසන් වුනේ ඉන්දියාව විසින් පාකිස්තානය පරාජය කරමින්. කෙසේ වෙතත්, මේ තරගාවලිය සම්බන්ධයෙන් සැමවිටම මතකයට නැගෙනු ඇත්තේ එහි හටගත් අශෝභන හා වැරදි සිදුවීම්.
පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරය හා සින්දූර් මෙහෙයුමෙන් පසුව මේ කණ්ඩායම් දෙක අතර අමනාපයක් හටගෙන තිබුණා.
මේ සිද්ධි දාමයේ පළමුවැන්න ප්‍රදර්ශනය වුනේ සැප්තැම්බර් 14 වැනිදා සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන පාකිස්තානය සමග අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමෙන්.
අනතුරුව හැරිස් රවුෆ්, ෆහීම් අෂ්රෆ් සහ සහිබ්සාඩා ෆර්හාන් ඉන්දියාව ට එරෙහිව පැවති ‘සුපිරි හතර’ තරගයේදී මතභේදාත්මක හා ප්‍රකෝප කිරීමේ අංග චලනය කිරීමක නිරත වුනා. තරගාවලිය අවසන් වුනේ ඉන්දියා කණ්ඩායම ආසියානු ක්‍රිකට් කවුන්සලය හා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මෙන්ම පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ද වන මෝසින් නක්විගෙන් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) තරගාවලියන් හි ඉන්දියාව හා පාකිස්තානය අතර තරග සකස් කිරීම සඳහා ආර්ථිකමය හා තානාපති සබඳතාවන්ගේ හේතු තිබීමට ඉඩ ඇතත්, මේ රටවල් දෙක අතර සබඳතා පිරිහෙමින් තිබෙන බැවින් ඔවුන් අතර තරග සැලසුම් කිරීමේ සුවිශේෂී ක්‍රමය අවසන් කිරීමට කාලය පැමිණ ඇතැයි ඇතර්ටන් ‘ද ටයිම්ස්’ පුවත්පතේ ඔහුගේ කොලමේ සටහන් කර තිබෙනවා.
“මේ තරගවල තිබෙන දුලබතාව මධ්‍යයේත් එය විශාල ආර්ථික බලයක් රැගෙන යන තරගයක්. ICC තරගාවලියන්හි තරග විස්තර ප්‍රචාරය කිරීමේ අයිතීන්වලට මෙතරම් වටිනාකමක් තිබීමට එක හේතුවක් තමයි එය. 2023-27 වඩාත්ම ආසන්න අයිතීන් චක්‍රයේ වටිනාකම ඩොලර් බිලියන 3කට ආසන්නයි” යනුවෙන් ඔහු ලියා තිබෙනවා.
ඉන්දියාව හා පාකිස්තානය 2013 වසරේ සිට පැවති සෑම ICC තරගාවලියකදී ම එකිනෙකා මුණගැසී තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව හා පාකිස්තානය තෙවතාවක් මුණගැසුනු අතර ඒ තරග තුනම ජය ගත්තේ ඉන්දියාව.
මයිකල් ඇතර්ටන්
කෙසේ වෙතත්, මේ රටවල් දෙක අතර ක්‍රිකට් සබඳතා දැන් පැහැදිලිවම පළල් දේශසීමා නොඉවසුම් ගතියට හේතුවන ක්‍රියාවක් බවට පත්ව තිබෙන බවට ඇතර්ටන් සලකනවා.
තමන්ගේ මුදල්මය වාසිය තකා මේ කණ්ඩායම් දෙක අතර තරග සකස් කරන බවට ඔහු ICCය විවේචනයට ලක්කර තිබෙනවා.
“ක්‍රිකට් ක්‍රීඩාව විදේශීය රටවල් අතර සබඳතාව සඳහා වන වාහනයක් ලෙසින් තිබුනා නම්, එය දැන් පැහැදිලිවම වඩාත් විශාල උණුසුම් තත්ත්වයක් හා ප්‍රචාරයක් සඳහා වන ක්‍රියාවක් බවට පත්ව තිබෙනවා. එහෙත් වැදගත් ක්‍රීඩාවකට ආර්ථිකමය වශයෙන් සරිලන පරිදි තරගාවලියක තරග සකස් කිරීමේ කුඩා නිදොස් බවක් තිබෙනවා. නමුත් දැන් මේ දෙරට අතර තිබෙන ප්‍රතිවාදිත්වය වෙනත් ආකාරවලින් ප්‍රදර්ශනය වී තිබෙන බැවින් ඒ වෙනුවෙන් ඇත්තේ වඩාත් අඩු යුක්තියක්” ඇතර්ටන් සඳහන් කරනවා.
“ICC තරගාවලියන්ට පෙර පවත්වන මීළඟ තරග විස්තර ප්‍රචාරක චක්‍රයේ අයිතීන් හා කණ්ඩායම් කොටස් කිරීමේ කුසපත් ඇදීම විනිවිදභාවයෙන් යුක්ත විය යුතුයි. එහිදී මේ කණ්ඩායම් දෙක සෑම අවස්ථාවකම මුණගැසෙන්නේ නැත්නම්, එය ඒ විදියටම තිබුනාවේ” යනුවෙන් ඔහු වැඩිදුරටත් ලියා තිබෙනවා.(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







