ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මූලික පදනම හා ආධුනික පාපන්දුව සඳහා වන කමිටුවට
(FIFA Grassroots and Amateur Football Committee) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පත්කර තිබෙනවා.
මේ ගෞරවාන්විත පත්වීම වාර්තා වන්නේ උමාර් මහතාගේ කාල්පනික නායකත්වය යටතේ ශ්‍රී ලාංකේය පාපන්දුව පසුගිය මාස 18 තිස්සේ සීඝ්‍ර දියුණුවක් ලබමින් සිටින අවස්ථාවක වීම විශේෂත්වයක්. ඔහුගේ උපායශීලී සහ නිර්භීත ප්‍රවේශය මත ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩාව පරිවර්තන යුගයකට එළඹ සිටින්නේ එහි වෘත්තීයතාව, පාලනය හා ක්‍රීඩාව අලුත් මට්ටමකට පිවිසෙමින්.

ජාතික පාපන්දු කණ්ඩායම හා සුපිරි පාපන්දු ව්‍යුහය වෘත්තිමය තත්ත්වයකට ගෙන ඒමේ සභාපති උමාර්ගේ නිර්දය අවධානය ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ නැගී එන පාපන්දු බලවේගයක් බවට පත්කර තිබෙනවා. ඔහුගේ නවීන කළමනාකරණ ශෛලිය හා ඉදිරියට කල්පනා කිරීමේ ප්‍රතිපත්තීන් ක්‍රීඩාවට ගෙනැවිත් තිබෙන්නේ නව ප්‍රාණයකින් යුත් ශක්තියක් මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමක්.
සැලකිය යුතු මට්ටමේ දියුණුවක් පෙන්නුම් කර තිබෙන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා තවමත් තරගකාරීව සිටින එකම දකුණු ආසියානු රට ලෙසින් රැඳී සිටිනවා. මෙය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ හා වෘත්තීමය සැලසුම් හරහා අත්කර ගත් සාර්ථකත්වයට හොඳ සාක්ෂියක්.
FIFA නව තනතුරත් සමග ජස්වර් උමාර් මහතා දැන් ඔහුගේ පළපුරුද්ද සහ ප්‍රවීණතාව පාපන්දු ක්‍රීඩාවේ මූලික පදනම හා ආධුනික පාපන්දුව ගෝලීය මට්ටමින් නංවාලීම පිණිස යොදවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. උමාර් මහතාගේ මේ නව පත්වීමෙන් ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ ඔහුගේ වැඩිවෙමින් තිබෙන බලපෑම හා ලොව පුරා ක්‍රීඩාව අර්ථවත් සංවර්ධනයක් සඳහා ප්‍රබෝධ කිරීමකට ඔහු සතුව තිබෙන පෙළඹවීමේ ශක්තිය පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තබා ඇති විශ්වාසය පැහැදිලිව පෙන්නුම් කරනවා.
“පාපන්දු ක්‍රීඩාව ගොඩනැගිය යුත්තේ එහි මූලික පදනමේ සිටයි. මූලික හා ආධුනික මට්ටමේ බලායනය කිරීමෙන් අනාගත පරම්පරාවන් සඳහා පෝෂිත සාර්ථකත්වයක් තහවුරු වනවා” යනුවෙන් නව පත්වීම ලැබීමෙන් පසුව උමාර් මහතා කියා සිටියා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







