leader s

නැට් ස්කයිව-බ්‍රන්ට් නායිකාවගේ වාර්තාගත පස්වැනි කාන්තා ලෝක කුසලාන ශතකය හා සොෆී එක්ල්ස්ටෝන් දඟ පන්දු යවන්නියගේ ලකුණු 17කට කඩුලු 4ක අතිවිශිෂ්ට ප්‍රහාරය මත එංගලන්තය කොළඹදී ඊයේ ශ්‍රී ලංකාව ලකුණු 89කින් පරාජයට පත්කළා.


මේ ජයග්‍රහණයත් සමග එංගලන්තය දැන් පැවැත්වෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට සමත් වුණා.

පළමුව පන්දුවට පහර දීම පිණිස එංගලන්තය කැඳවීමෙන් පසුව, ස්කයිව-බ්‍රන්ට් ලකුණු 3ක් පමණක් ලබා ගෙන සිටියදී දුන් උඩ පන්දුව රැක ගැනීමට අපොහොසත් වීම ශ්‍රී ලංකාව ට පසුතැවිල්ලක් බවට පත්වූයේ ඇය පන්දුවකට ලකුණක් බැගින් වන පරිදි ලකුණු 117ක් රැස් කරගෙන එංගලන්තය තරගකාරී 253-8ක මුළු ලකුණු සංඛ්‍යාවකට ගෙන ගිය බැවින්.

Copy of Nat Sciver Brunt 100 runs VK91731

 

14 වැනි ඕවරයේ ඉනෝකා රණවීරගේ පන්දුවට ස්කයිව-බ්‍රන්ට් ‘ෂෝට් මිඩ්-විකට්’ ස්ථානයට දුන් උඩ පන්දුව රැක ගැනීමට උදේශිකා ප්‍රබෝධනී අසමත් වීම ශ්‍රී ලංකාව ට තීරණාත්මක සාධකයක් බවට පත්වුනා. ඒ වන විට මුළු ලකුණු ප්‍රමාණය සටහන්ව තිබුනේ 63-2ක් ලෙස.

එම වරදට අනුකම්පා විරහිතව ශ්‍රී ලංකාව ට දඬුවම් කළ ස්කයිව-බ්‍රන්ට් නායිකා ඉනිමක නිරත වෙමින් පන්දු 117කින් ලකුණු 117ක් රැස් කළේ හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ද එල්ල කරමින්.

 

Copy of Nat Sciver Brunt c 50 runs VK99560

ඕවර 40කට පසුව එංගලන්තය ලකුණු 179කට කඩුලු 6ක් බිඳ වැටී තරගය ප්‍රබෝධමත් සමබර තත්ත්වයට පත්ව තිබුණා. එහෙත් එංගලන්ත නායිකාව ඇගේ පිතිහරඹයේ වේගය නියමාකාරයෙන් වැඩි කළේ අවසාන ඔ්වර පහේදී ලකුණු 49ක් එංගලන්ත ඉනිමට එක් කරමින්. එංගලන්තය ට කඩුලු දෙකක් ‘පවර් ප්ලේ’ ඕවර ඇතුළත අහිමි වූව ද, ස්කයිව-බ්‍රන්ට් සහ හීදර් නයිට් පන්දු 74කින් ලකුණු 60ක සබඳතාවක් ගොඩනගමින් ඉනිම ස්ථාවර කළා.

Copy of Chamari Athapaththu VK94146

පිළිතුරු ඉනිමේදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව හා ප්‍රධාන පිතිකාරිනිය වන චමරි අතපත්තු ලකුණු 7ක් රැස් කරගෙන සිටියදී හය වැනි ඕවරයේ පාදයේ ආබාධයකට ලක්ව ස්ට්‍රෙචරයකින් පිටියෙන් ඉවතට ගෙන ගිය ද, ඇගේ ආරම්භක පිතිකරණයේ සහායිකාව වන හසිනි පෙරේරා (35) හා හාෂිතා සමරවික්‍රම (33) ලකුණු 58ක සබඳතාවක් මගින් ඉලක්කය හඹා යාම ස්ථාවර මට්ටමකට ගෙන ආවේ මුළු ලකුණු 95-1ක උද්යෝගිමත් තත්ත්වයකට ශ්‍රී ලංකාව ගෙන එමින්.

එහෙත්, ලකුණු 15කට දැවී යාමට පෙර අතපත්තු නැවතත් පිටියට පිවිස සිටීම මධ්‍යයේත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පසු පෙල දක්වා ගැඹුරට පිතිකරණ දක්ෂතාවක් නැතිකම හේතුවෙන් ඕවර 45.4කදී ලකුණු 164කට සියලු දෙනා දැවී ගියා.

මෙහිදී ලොකුම විනාශය සිදුකළේ එක්ල්ස්ටෝන්. ලොව අංක 1 පන්දු යවන්නිය වන ඇගේ පන්දු ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා කඩුලු තුනක් ඕවර හතරක් ඇතුළත ලකුණු අටකට බිඳ වැටුනා. විස්මිත ඕවර දහයකදී ඇය හසිනි, හාෂිතා, කවීශා ඩිල්හාරි සහ අතපත්තුව දවාලුවේ ඉලක්කය හඹා යාමේ ශ්‍රී ලංකා උත්සාහය කඩා බිද දමමින්.

Copy of Sophie Ecclestone VK93965

 

ස්කයිව-බ්‍රන්ට් ඇගේ තුන් ඉරියව් දක්ෂතාව ද ප්‍රදර්ශනය කරමින් ඕවර පහක් යවා ලකුණු 25කට කඩුලු 2ක් ලබා ගත් අතර චාලි ඩීන් ද දස්කම් දක්වමින් ඕවර නවයකදී ලකුණු 47කට කඩුලු 2ක් බිඳ හෙලුවා.

ඊට කළින්, පළපුරුදු වමත් දඟ පන්දු යවන්නී ඉනෝකා රණවීර ලකුණු 33කට කඩුලු 3ක් ලබා ගත්තේ ලකුණු ලබා නොදුන් ඕවරයකදී ලබා ගත් කඩුලු දෙකක් ද ඊට ඇතුළත් කර ගනිමින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්