leader s

තුර්කියේ පාපන්දු තරග සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලූ පාපන්දු ක්‍රීඩකයින් 29 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 46 දෙනෙක් අත්අඩංගුවට

ගන්නා ලෙසට ඉස්ටාන්බුල් නුවර පැමිණිල්ලේ නීතිඥ කාර්යාලය නියෝග කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් ක්‍රීඩකයින් අතර සිටින 27 දෙනෙක් ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් සහභාගි වූ තරගවල ම ඔට්ටු අල්ලා ඇතැයි රජයේ නීතිඥ කාර්යාලය නිවේදනය කරනවා.

මෙයින් එක් ක්‍රීඩකයෙකු වන Metehan Baltaci වර්තමාන තුර්කි ශූරයින් වන Galatasaray කණ්ඩයම වෙනුවෙන් ක්‍රීඩා කරන්නෙක් බව එම කාර්යාලය සඳහන් කරනවා. ‌ඔට්ටු ඇල්ලීමේ අපකීර්තිය වෙනුවෙන් මේ ක්‍රීඩකයාට මාස නවයක තරග තහනමක් මේ මස මුලදී පනවා තිබෙනවා.

තුර්කි පාපන්දු තරගවල නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීම පිළිබඳ පරීක්ෂණවලින් මුළු තුර්කි පාපන්දු ක්ෂේත්‍රයම කම්පනයට පත්ව සිටින්නේ තුර්කියේ ඉහළම සුපර් ලීග් කොටසේ තරග කරන පාපන්දු සමාජයක් වන Eyupspor හි සභාපතිවරයා ද සමග පාපන්දු තරග විනිසුරුවන් හය දෙනෙකු ද නඩුව ඇසෙන තුරු හිර අඩස්සියේ තැබීම හේතුවෙන්.

තමන්ගේ ම කණ්ඩායම්වල තරගවලට ඔට්ටු තැබූ සෙසු ක්‍රීඩකයින් 26 දෙනා කවුරුන්ද යන්න පැමිණිලි කාර්යාලය හෙළි කර නැතත්, තවත් ප්‍රධාන ඉස්ටාන්බුල් පාපන්දු සමාජයක් වන Fenerbahce නියෝජනය කරන Mert Hakan Yandas ක්‍රීඩකයා වෙනත් කෙනෙකුගේ ගිණුමක් හරහා ඔට්ටු අල්ලා ඇතැයි පැවසෙනවා.

අත්අඩංගුවට ගැනීමේ නියෝගයේ නම් කර ඇති පුද්ගලයින් 46 දෙනාගෙන් මේ දක්වා 35 දෙනෙක් රඳවා ගෙන සිටින බව නීතිඥ කාර්යාලය කියනවා. මෙයින් පස් දෙනෙකු සිටින්නේ විදෙස්ගතවයි.

එම නියෝගය මගින් ඉලක්ක කර තිබෙන පුද්ගලයින් අතර 2023-2024 ක්‍රීඩා වාරයේදී තමන්ගේ තෙවැනි කොටසේ කණ්ඩායම් දෙක අතර පැවති තරගයක ප්‍රතිඵලයට බලපෑම් කිරීමට උත්සාහ කළ පාපන්දු සමාජ සභාපතිවරුන් දෙදෙනෙකු ද සිටිනවා.

එම තරගය පරීක්ෂකයන්ගේ අවධානයට ලක්ව තිබෙන්නේ කිසිම කණ්ඩායමක් ගෝලයක් ලබා ගැනීම සඳහා  එකම උත්සාහයක් හෝ නොගත් නිසා බවට තුර්කි මාධ්‍ය වාර්තා කරනවා. මේ මුළු පරීක්ෂණය ආරම්භ වුනේ එතැනින් බවට පුවත්පත් කිහිපයක්ම සඳහන් කර තිබෙනවා.

මේ දක්වා, සුපර් ලීගයේ 25 දෙනෙකු ඇතුළුව තුර්කි පාපන්දු ක්‍රීඩකයින් 1,000කට වැඩි දෙනෙකුට තුර්කි පාපන්දු සම්මේලනය විසින් තරග තහනම් පනවා තිබෙන අතර ‌මේ දඬුවම් දින 45 සිට මාස 12 දක්වා වන පරාසයක තිබෙනවා.

මේ ක්‍රීඩකයින් අතර විදෙස් ජාතිකයෙකුව සිටින්නේ මාස 12කට ක්‍රීඩා කිරීමේ තහනමක් ලැබූ Konyaspor කණ්ඩායමේ සෙනෙගාල් ඉදිරි පෙල ක්‍රීඩක Alassane Ndao පමණයි.

ක්‍රීඩකයින් 900කට වැඩි බහුතරය තෙවැනි හා සිවු වැනි කොටසේ තරග කරන අයයි.

ඔක්තෝබර් මාසයේදී තුර්කි පාපන්දු සම්මේලනය තරග ඔට්ටු ඇල්ලූ තරග විනිසුරුවන් 150කට ආසන්න පිරිසකට තහනම් නියෝග පැනවූ අතර මේ සියලු දෙනාවම දැන් සේවයෙන් පහකර තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්