leader s

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන (ඕවර 50) ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියා.


මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කොටසට ඇතුළත්ව සිටින අතර එම කොටසේ අනෙකුත් කණ්ඩායම් වන්නේ නේපාලය, ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය යි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ මූලික වටයේ තරග නේපාලය ට එරෙහිව දෙසැම්බර් 13 වැනිදාත්, ඇෆ්ගනිස්තානය සමග දෙසැම්බර් 15 වැනිදාත්, බංග්ලාදේශය ට එරෙහිව දෙසැම්බර් 17 වැනිදාත් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Copy of VK99776
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ කොළඹ රාජකීය විදුහලේ විමත් දින්සාර යි. මහනුවර කිංස්වුඩ් විදුහලේ කවිජ ගමගේ උපනායකයා ලෙස නම් කර තිබෙනවා.

මේ තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා මුල් සංචිතයට යාපනය සාන්ත ජෝන්ස් විදුහලේ කුගාතස් මතුලාන් නම් කර තිබුන ද, ඉකිලියේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මේ සංචාරයට එක් නොවූ අතර ඔහු දැන් එම ආබාධයෙන් සුව වීමේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මතුලාන් වෙනුවට වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ පා දඟ පන්දු යවන්නකු වන හිමාල් රවිහන්ස 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

 

Copy of VK99752 3
ශ්‍රී ලංකා සංචිතය:

විමත් දින්සාර - නායක (කොළඹ රාජකීය විදුහල), කවිජ ගමගේ - උපනායක (මහනුවර කිංස්වුඩ්), ඩිමන්ත මහවිතාන (මහනුවර ත්‍රිත්ව), විරාන් චමුදිත (මාතර සාන්ත සර්වේශස්), දුල්නිත් සිගේරා (කොළඹ මහානාම), චාමික හීනැටිගල (කොළඹ මහානාම), ආදම් හිල්මි (මහනුවර ත්‍රිත්ව), චමරිඳු නෙත්සර (මාතර සාන්ත සර්වේශස්), කිත්ම විදානපතිරණ (කොළඹ ආනන්ද), සෙත්මික සෙනෙවිරත්න (මහනුවර ත්‍රිත්ව), සනුජ නිඳුවර (කුරුණෑගල සාන්ත ආනා), හිමාල් රවිහන්ස (වෙන්නප්පුව ජෝසප් වාස්), රසිත් නිම්සර (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල), විග්නේෂ්වරන් ආකාශ් (යාපනය හාට්ලි), තරුෂ නවෝද්‍ය (කොළඹ සහිරා).

 

cricket 12

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්