අමෙරිකානු වෘත්තීය මල්ලවපොර ප්‍රවර්ධනයක් වන WWE (World Wrestling Entertainment) වළල්ලේ වසර 20ක් පුරා පෙලහර පෑමෙන් පසුව ජෝන් සීනා දෙසැම්බර් 14 වැනිදා (අමෙරිකාවේ දෙසැම්බර් 13) එම තරග බිමෙන් සමුගන්නවා.
17 වතාවක් ලෝක ශූරයා ලෙස කිරුළු පැළඳූ අමෙරිකාවේ සීනා ඔහුගේ දශක දෙකක පුරාවෘත්තමය මල්ලවපොර ක්‍රීඩා දිවිය අවසන් කරන්නේ ඔස්ට්‍රේලියානු මල්ලවපොර ශූරයෙකු වන GUNTHER සමග වොෂිංටන් නුවර Capital One සටන් බිමේ දෙසැම්බර් 13 රාත්‍රියේ පැවැත්වෙන තරගමාලාවේ ප්‍රධාන තරගයට සහභාගි වෙමින්.

වොෂිංටන් නගරයේ අවසන් තරගයක් 48 හැවිරිදි ජෝන් සීනා ට හොඳින් ගැලපෙනවා. වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවේ එක් වඩාත්ම හඳුනන චරිතයක් වන ඔහු පසුගිය දශක දෙක තිස්සේ ගණන් කළ නොහැකි තරමට තරගවලට සහභාගි වෙමින් බොහෝ ජයග්‍රහණ අත්කර ගෙන තිබෙනවා. R-Truth නමින් හඳුන්වන තරගකරුවාට එරෙහිව සිය WWE ශූරතාව රැකගත් අමතක නොවන රාත්‍රියක්ද මීට ඇතුළත් වනවා. තමාගේ අද්විතීය ක්‍රීඩා දිවිය අමෙරිකාවේ අගනගරයේදී අවසන් කිරීම දැනටමත් උද්වේගයෙන් පිරී තිබෙන රාත්‍රියකට ෙඑතිහාසික බරක් එක් කරනවා.
‘බොක්සිං වළල්ලේ ජනරාල්’ යනුවෙන් ජනප්‍රිය Gunther අද තරගයට පිවිසෙන්නේ WWE හි එක් වඩාත්ම සිත්ගන්නාසුලු සටන්කරුවෙකු ලෙසිනුයි. ශූරතාවලියන් ගණනාවක් ජයග්‍රහණය කර සිටින ඔහු අතිශයින් දරුණු හා තරග වළල්ල තුළ විධිමත් ක්‍රීඩාවක යෙදෙන තරගකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. මේ තරගය ජෝන් සීනාගේ උරුමයේ ගිනිසිළුව WWE හි වර්තමානය හා අනාගතය නියෝජනය කරන සුපිරි තරුවකට බාරදෙන සංකේතාත්මක මොහොතක් ලෙස හැඳින්වෙනවා.
සීනාගේ මේ සමුගැනීමේ තරගය සඳහා ඇති ඉල්ලුම අසාමාන්‍ය එකක් වී තිබෙන්නේ ප්‍රවේශ පත්වල මිල ගණන් විසින් මේ අවස්ථාවේ වැදගත්කම පිළිබිඹු කරන බැවින්.
පළමු පේලියේ ආසන පැකේජයන් ඩොලර් 25,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සටන් බිමේ හැම තැන ම තිබෙන ආසනවල මිල ගණන් ද ඩොලර් 1000 ඉක්මවා ගොස් තිබෙනවා.
Capital One මල්ලවපොර වළල්ලේ විදුලි ආලෝකයන් අවසන් වතාවට ජෝන් සීනා මත දිලිසෙද්දී, දෙසැම්බර් 13 වැනි දිනය WWE ඉතිහාසයේ එක් අමතක නොවන රාත්‍රියක් ලෙසින් ඉතිහාසගත වනවා. මීට අමතරව, වොෂිංටන් ක්‍රීඩා හා විනෝදකාමී ලෝලීන් වසර ගණනාවක් තුළ දුටූ වඩාත්ම මිල අධික ප්‍රවේශ පත් සහිත තරගය ද මෙය වනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







