leader s

අප්‍රේල් මස අග චීනයේ සන්යා නුවර පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල (6th Asian Beach Games Sanya 2026) සඳහා ශ්‍රී ලංකාවෙන් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව සූදානම් වනවා.

 

මේ ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ආසියානු ඔලිම්පික් කවුන්සලය හා සන්යා ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව සංවිධානය කළ කණ්ඩායම් ප්‍රධානීන්ගේ (Chefs-de-Mission) පළමු සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සහභාගි වුනේ එම සූදානම් කටයුතු තවත් ඉදිරියට ගෙන යමින්.

bea 3

 

මේ සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL) නියෝජනය කරනු ලැබුවේ එම කමිටුවේ සාමාන්‍යාධිකාරී ලාල් වික්‍රමතුංග හා ‘Sanya 2026’ සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී සමිත් තිලිණ විසින්.

මේ නියෝජනයෙන්, ශ්‍රී ලංකාව ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන වෙරළ ක්‍රීඩා උළෙලට පෙර පරිපූර්ණ සූදානම තහවුරු කරන ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරුණා.

ආසියාවේ ජාතික ඔලිම්පික් කමිටු 36ක නියෝජිතයන් මේ දෙදින සම්මන්ත්‍රණයට එක්වුණා.

 

bea 4

ක්‍රීඩා 14ක් සහ ඉසව් 15කින් සමන්විත 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙළ ලබන වසරේ අප්‍රේල් 22 සිට 30 දක්වා චීනයේ සන්යා නගරයේදී පැවැත්වෙනවා. මෙහිදී ආසියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වාර්තාගත 3,798 දෙනෙක් පදක්කම් 63ක් වෙනුවෙන් තරග කිරීමට නියමිතයි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්