leader s

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක නම් කර තිබෙනවා.

හිටපු නායක චරිත් අසලංක ක්‍රීඩකයෙකු ලෙස ලෝක කුසලාන සංචිතයේ රැඳී සිටිනවා. අමතර සිවු වැනි කඩුලු රකින්නෙකු, ආරම්භක පිතිකරුවෙකු හා මුල් පෙල පිතිකරුවෙකු ලෙස නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා සංචිතයට නැවත එක්ව සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත්ව සිටිය ද, ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් අද ප්‍රකාශයට පත් කෙරු‌නේ කලින් සිටි තේරීම් කමිටුව නම් කළ සංචිතය ම යි.

මින් ඉදිරියට ක්‍රීඩකයන්ගේ දුර්වලතාවන් පිළිබඳ වගකීම පුහුණුකරුවන් පිට ද පැවරෙනවා.

පාසලෙන් නික්ම යන අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් නව දීර්ඝ කාලීන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරෙනවා.
 


මේ කරුණු අනාවරණය වුනේ T20 World Cup 2026 වෙනුවෙන් ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ උදේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීයි.

එහිදී කරුණු දැක්වූ නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, පිතිකරණයේදී අසලංක ලකුණු අතර නොසිටීම හා ඔහුට වඩා දසුන් ශානක ට තිබෙන ලෝක කුසලාන තුනක පළපුරුද්ද සැලකිල්ලට ගනිමින් ශානකව ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමට තීරණය කළ බව කියා සිටියා.
 
708A1003
“අසලංක ට වඩා ශානක ට පළපුරුද්ද තියෙනවා. ඔහු විස්සයි20 ලෝක කුසලාන දෙකකට හා එක්දින ලෝක කුසලානයකට ක්‍රීඩා කර තිබෙනවා. වර්තමානයේ චරිත් ලකුණු අතර නැහැ. එයාට පිතිහරඹයේ යෙදෙන්න නිදහස් මනසක් ලබා දිය යුතුයි. නායකත්වයේ වගකීමෙන් නිදහස් වුනාම එයා නැවත ලකුණු අතරට ඒවි කියා අපි අපේක්ෂා කරනවා. දසුන් කණ්ඩායමේ සිටින්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසිනුයි. මම තේරීම් කමිටුවෙන් ඉවත් වන විට කණ්ඩායමේ නායකයා වශයෙන් සිටියේත් දසුන්. චරිත් ගැනත් සැලසුම් අපට තිබුණා” යනුවෙන් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
උපුල් තරංගගේ මූලිකත්වයෙන් යුත් හිටපු තේරීම් කමිටුව විසින් තෝරා ගත් ශ්‍රී ලංකා සංචිතයේ කිසි වෙනසක් සිදු නොකළ බව වික්‍රමසිංහ පැවසුවා.

“පුහුණුකරු සනත් ජයසූරිය සමග සාකච්ඡා කිරීමෙන් පස්සේ සංචිතයේ වෙනස්කම් සිදු කරන්න මේක වෙලාව නොවන බව අපි තීරණය කළා.”

නිරෝෂන් දික්වැල්ල සංචිතයට ඇතුළත් කර තිබෙන්නේ නුවන් තුෂාර, කුසල් මෙන්ඩිස් හා කුසල් ජනිත් පෙරේරා ට අමතරව සිවු වැනි කඩුලු රකින්නෙකු ලෙස බවත් මීට අමතරව ඔහු ආරම්භක හෝ මුල් පෙල පිතිකරුවෙකු ලෙසත් සංචිතයේ සිටිනු ඇති බවත් තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කළා.
 
708A1179

මින් ඉදිරියට පුහුණුකරුට ද ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩාවේ වගකීම පැවරෙන බවත් මෙතෙක් බැණුම් ඇසුවේත් අස්වීමට සිදුවුනේත් තේරීම් නිලධරීන්ට පමණක් බවත් ඔහු පෙන්වා දුන්නා.

“උදාහරණයක් ලෙස ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව අපි ඉලක්ක කරනවා. ක්‍රීඩකයන් නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටමේ නොසිටියොත් ඊට වගකිය යුත්තේ ඒ පුහුණුකරුයි.”
දිගු කාලීන සැලසුමක් වශයෙන් පාසලෙන් නික්ම යන ක්‍රීඩකයන් 45 දෙනෙකුගෙන් පමණ යුත් සංචිතයක් පිහිටුවීමට තේරීම් කමිටුව අදහස් කර සිටින බව ද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළා.
 
588566656 1299545632210550 7697358648021938873 n
“අපි මේ පාසල් හැරයන ක්‍රීඩකයන්ව කඳවුරකට ගෙන ඔවුන්ට ඉංග්‍රීසි භාෂාව හා IT තාක්ෂණය පුහුණු කර ක්‍රිකට් ක්‍රීඩා සමාජවලදී වැඩි පුහුණුවක් ලබා දෙනවා. ඔවුන්ගේ ක්‍රීඩාව වඩාත් මුවහත් කර ගන්නේ කෙසේද කියලා අපි ඔවුන්ව පුහුණු කරනවා. මේ ක්‍රමයෙන් තව අවුරුදු පහක් යනකොට අපට වඩා හොඳ ක්‍රීඩකයන් සිටීවි” යැයි තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා මූලික සංචිතය:

602399328 18499387633074775 7734972361573393478 n
දසුන් ශානක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ජනිත් ලියනගේ, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, නුවන් තුෂාර, ඉෂාන් මාලිංග, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මදුශාන්, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මදුශංක, මහීෂ් තීක්ෂණ, දුශාන් හේමන්ත, විජයකාන්ත් වියාස්කාන්ත්, ට්‍රැවීන් මැතිව්.
cricket 111

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්