leader s

ඇන්තනි ජොෂුවා මයාමි නගරයේ අද උදේ පැවති (අමෙරිකාවේ රාත්‍රිය) හෙවිවේට් බොක්සිං තරගයේ හය වැනි වටයේදී විනාශකාරී දකුණත් පහරකින් ජේක් පෝල් බිම හෙලුවා. ඒ පහරින් පෝල්ගේ හක්ක කැඩුනා.


යූටියුබය ඔස්සේ බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස ජනප්‍රියත්වයට පත්වූ ජේක් පෝල්, දෙවරක් ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනා ගත් ජොෂුවා සමග කළ මේ සමබර නොවූ Netflix සටනේදී බොහෝ දෙනා අපේක්ෂා නොකළ පරිදි හය වැනි වටය දක්වා රැඳී සිටීමට සමත් වුණා. ජොෂුවාගේ දැවැන්ත ශරීරය ඉදිරියේ සමස්ත තරගයේ කිහිප වතාවක්ම බිම ඇද වැටුනු පෝල් හය වැනි වටයේදී ජොෂුවාගේ පහරවලින් සිවු වතාවක් බිම වැටුනා.

කෙසේ වෙතත්, වට අටකින් සමන්විත මේ තරගයේ දෙවැනි භාගය දක්වා නොනැසී සිටීමට පෝල් සමත් වුණා. බොහෝ දෙනා අනාවැකි පළ කළේ මේ තරගය පළමු වට දෙකෙන් ඔබ්බට නොයනු ඇති බවටයි. එහෙත් තරගයේ ආරම්භක අවස්ථාවන්හිදී ජොෂුවාගේ දකුණත් පහර කිහිපයක් චමත්කාරජනක අයුරින් මඟ හරින්න ජොෂුවා ට හැකිවුණා. කෙ‌සේ වෙතත්, පස් වැනි වටයේදී දෙවරක් පෝල්ව බිම හෙලූ ජොෂුවා හය වැනි වටයේදී ශක්තිමත් පහර වැලක් එල්ල කරමින් ප්‍රතිවාදියා බිම දැමුවා.



ජයග්‍රහණයෙන් පසුව ඇන්තනි ජොෂුවා ඔහුගේ දීර්ඝ කාලීන ප්‍රතිවාදියා වන ටයිසන් ෆියුරි ට තමා සමග සටනකට එන ලෙසට අභියෝග කළා.

තරගය අතරතුර තමාගේ හක්ක කැඩුනු බව කී පෝල්, ටික කලක් විවේක ගැනීමෙන් පසුව කෲසවේට් ලෝක කිරුළ සඳහා සටන් කරන බව කියා සිටියා.

 

AFP 20251220 2252801767 v1 HighRes JakePaulVAnthonyJoshuaFightNight 1766207097
හිටපු ලෝක හෙවිවෙට් බොක්සිං ශූරයෙක් බොක්සිං ක්‍රීඩාවේ ආධුනිකයෙකු සමග කළ මේ තරගය පිළිබඳව මුලින් නිවේදනය කෙරුණු අවස්ථාවේදී පටන් එය බොක්සිං විශාරදයින්ගේ හාස්‍යයට ලක්වුණා. පෝල් ට වඩා විශාල ජොෂුවාගේ ග්‍රහණයෙන් මිදීමට උත්සාහ කිරීමේදී පෝල් නිතර බිම ඇද වැටුනා. මෙසේ අපිළිවෙලට දිස්වූ තරගය පිළිබඳව තරගකරුවන් දෙදෙනාට සිවු වැනි වටයේදී අවවාද කිරීමට තරග විනිසුරුට සිදුවුණා.

“ක්‍රීඩා ලෝලීන් මුදල් ගෙවන්නේ මේ වගේ බාල තත්ත්වයේ තරගයක් නරඹන්න නෙවෙයි!” යනුවෙන් තරග විනිසුරු ජොෂුවා සහ පෝල් ට මතක් කර දුන්නා. තමා තරග කළ ආකාරය පිළිබඳව ජොෂුවා කලකිරීමට පත්ව සිටියා.

skysports anthony joshua jake paul 7115570

“මෙය මගේ හොඳම සටන් කිරීම නෙවෙයි” යනුවෙන් ඔහු පිළිගත්තා. “අවසන් ඉලක්කය වී තිබුනේ පෝල් ට රිදෙන්න ගහලා එයාව බිම දමන්නයි. මේ තරගයට පෙර සිටම ඉල්ලීම වී තිබුනේ එයයි. මගේ හිතේ තිබුනේත් එයයි. ඒත් ඒක කරන්න මම හිතුවට වඩා වැඩි කාලයක් ගතවුණා. නමුත් අවසානයේ මගේ දකුණු අතින් එල්ල වූ පහර ගමනාන්තය සොයා ගත්තා!”

 

warnan Gunasekara

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්