leader s

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර තිරුවනාන්තපුරම් නුවරදී ඊයේ  (28 වැනිදා) පැවැති සිවුවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තර⁣ගයෙන් ලකුණු 30 ක ජයක් ලැබීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය.


මෙම ජයත් සමග තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 4-0 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත්ව සිටිති.

ජයග්‍රහණය සඳහා ලකුණු 222 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 191 ක් පමණි.

image f795a62f35

මින් පෙර පැවැති තරග 3 දී පිළිවෙළින් ලකුණු 121 කට, 128 කට සහ 112 කට දැවී ගිය ශ්‍රී ලංකා පිතිකාරිණියෝ, මෙම තරගයේදී ඉන්දීය පන්දු යවන්නියන්ට රිදෙන්න පහරදුන් නමුත් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ.

එහිදී පන්දු 37 කදී වේගවත් අර්ධ ශතකයන් ලබාගැනීමට නායිකා චමරි අතපත්තු (52) සමත් වූ අතර ඇගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. හසිනි පෙරේරා (33) සමග එක්ව ආරම්භක කඩුල්ල සඳහා පන්දු 34 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගූ චමරි, ඉන් නොනැවතී ඉමේෂා දුලානි (29) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 46 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවාය.

 

sl29083472342809340238
එහිදී පන්දු 20 කට මුහුණදුන් හසිනිගේ ඉනිමට හතරේ පහර 7 ක්ද, පන්දු 28 කට මුහුණදුන් ඉමේෂාගේ ඉනිමට හතරේ පහර 3 ක්ද ඇතුළත් විය. හර්ෂිතා සමරවික්‍රම පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 20 ක්, නිලක්ෂිකා සිල්වා පන්දු 11 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 23 ක්ද රැස්කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එම දස්කම් ප්‍රමාණවත් නොවීය.

මුල් තරග තුනේදීම කාසියේ වාසිය පරාජය වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉන්දීය කාන්තා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට සිදුවුවත්, මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන්දීය ක්‍රීඩිකාවන්ට පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියහ. ඒ අනුව නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 221 ක් රැස්කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.

Smriti Mandana 860x573

 

එහිදී ආරම්භ කඩුල්ල වෙනුවෙන් පන්දු 92 කදී ලකුණු 162 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමට ස්ම්‍රිති මන්දනා (80) සහ ෂෙ⁣ෆාලි වෙර්මා (79) සමත් වූහ. පන්දු පන්දු 48 කදී වාර්තා වූ මන්දනාගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 11 කින්ද, පන්දු 46 කදී වාර්තා වූ ෂෙෆාලිගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 12 කින්ද සමන්විත විය. රීචා ඝෝෂ් පන්දු 16 කින් 40 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

ඉන්දීය කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 2 කට 221

(ස්ම්‍රිති මන්දනා 80, ෂෙෆාලි වෙර්මා 79, රීචා ඝෝෂ් නොදැවී 40, හර්මන්ප්‍රීත් කෞර් නොදැවී 16)

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 191

(හසිනි පෙරේරා 33, චමරි අතපත්තු 52, ඉමේෂා දුලානි 29, හර්ෂිතා සමරවික්‍රම 20, නිලක්ෂිකා සිල්වා නොදැවී 23, වෛෂ්නවී ශර්මා 24/2, අරුන්දතී රෙඩ්ඩි 42/2)

(kelimandala |ශානුක අරවින්ද)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්