leader s

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි සතිය යටතේ සී.සී.සී. ක්‍රීඩා සමාජය සම කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ශතක දෙකක් සහ අර්ධ ශතක 10 ක් වාර්තා කිරීමට දෙපිලේ පිතිකරුවෝ සමත් වූහ.


සී.සී.සී. කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 21 ක් සමග ලකුණු 155 ක්ද, කමිඳු මෙන්ඩිස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 114 ක්ද රැස්කරමින් එම ශතක දෙකට හිමිකම් කීහ. සී.සී.සී. ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 267 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.

එහිදී ධනංජය ද සිල්වා (88), පවන් රත්නායක (77), නායක සොනාල් දිනූෂ (නොදැවී 55) සහ සහන් කෝසල (81) සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන්ද, සංගීත් කුරේ (50), නායක ධනංජය ලක්ෂාන් (74), ඇන්ජලෝ මැතිව්ස් (93), දුනිත් වෙල්ලාලගේ (50), මුදිත ලක්ෂාන් (නොදැවී 60) සහ කවිෂ්ක අංජුල (නොදැවී 55) කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගත්හ.

608422848 1306980011467112 69315694138636743 n
මෙම තරගයද සමග සිවුවැනි සතිය යටතේ කොළඹ, හම්බන්තොට සහ කුරුණෑගල යන නගරවලදී පැවැති තරග 5 ක් ජය පැරදුමෙන් තොරව නිමාවය පත්විය. එහිදී නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේ ඉනිම් දෙකේදීම ශතක වාර්තා කිරීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ජනිත් ලියනගේ (107 සහ 102) සමත් විය. එම තරගයේදීම බ්ලූම්ෆීල්ඩ් පිලේ මිනෙත් ප්‍රේමරත්නද (103) ශතකයක් ලබා ගත්තේය.

ඔවුන්ට අමතරව පානදුර කණ්ඩායමේ විෂ්ව චතුරංග (111) හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිවත්, බී.ආර්.සී. කණ්ඩායමේ ප්‍රමෝද් මධුවන්ත (125) බදුරලිය කණ්ඩායමට එරෙහිව ශතක ලබාගත්හ. සී.සී.සී. - කෝල්ට්ස් තරගයේදී වාර්තා වූ අර්ධ ශතක 10 ට අමතරව සිවුවැනි සතියේදී ජය පැරදුමකින් තොරව නිමාවට පත්වූ සෙසු තරග 4 දී තවත් අර්ධ ශතක 19 ක් වාර්තා විය.

එහිදී කෝල්ට්ස් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් (93) සී.සී.සී. කණ්ඩායම හමුවේද, හලාවත මේරියන්ස් කණ්ඩායමේ කසුන් විදුර (98) පානදුර කණ්ඩායම හමුවේද, එන්.සී.සී. කණ්ඩායමේ කමිල් මිෂාර (91) කුරුණෑගල යොවුන් කණ්ඩායම හමුවේද ශතක පෙනි පෙනී සිටියදී දැවී ගියහ.

 

606051311 1306979714800475 3698696283089952698 n
කොළඹ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
සී.සී.සී. සහ කොල්ට්ස් අතර තරගය


සී.සී.සී පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 595
(ලසිත් කෲස්පුල්ලේ 155, කමිඳු මෙන්ඩිස් 114, ධනංජය ද සිල්වා 88, පවන් රත්නායක 77, සොනාල් දිනූෂ නොදැවී 55, සහන් කෝසල 81, අකිල ධනංජය 106/3, දුනිත් වෙල්ලාලගේ 144/2)

කෝල්ට්ස් පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 453
(රවිඳු රෂාන්ත 47, සංගීත් කුරේ 50, ධනංජය ලක්ෂාන් 74, ඇන්ජලෝ මැතිව්ස් 93, දුනිත් වෙල්ලාලගේ 50, මුදිත ලක්ෂාන් නොදැවී 60, කවිෂ්ක අංජුල නොදැවී 55, නිෂාන් පීරිස් 130/2, විෂ්ව ප්‍රනාන්දු 62/2) 

image 2475975fa2
කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
නුගේගොඩ සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය


බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 320
(මිනෙත් ප්‍රේමරත්න 31, රොන් චන්ද්‍රගුප්ත 32, ජනිත් ලියනගේ 107, රවිඳු ප්‍රනාන්දු 38, ළහිරු මධුෂංක 41, දුවිඳු තිලකරත්න 20, අනුක් ප්‍රනාන්දු 40/3, මධුක ලියනපතිරණ 70/3, සුවත් මෙන්ඩිස් 35/2)

නුගේගොඩ පළමු ඉනිම - සියලු දෙනා දැවී 271  
(මධුක ලියනපතිරණ 60, තිලකරන්ත සම්පත් 40, කෙවින් පෙරේරා 54, රාහුල් ගුණසේකර 73, දුවිඳු තිලකරත්න 53/4, ජෙෆ්රි වැන්ඩසේ 58/2, රවිඳු ප්‍රනාන්දු 68/2)

බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 265
(මිනෙත් ප්‍රේමරත්න 103, රොන් චන්ද්‍රගුප්ත 28, ජනිත් ලියනගේ 102, අනුක් ප්‍රනාන්දු 25/2, මධුක ලියනපතිරණ 56/2)

නුගේගොඩ දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 123
(කෙවින් පෙරේරා 51, රවිඳු ප්‍රනාන්දු 44/5, ජෙෆ්රි වැන්ඩසේ 53/2)

කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් සහ පානදුර අතර තරගය


image 977f3fbe3b

මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 322
(ලසිත් ලක්ෂාන් 53, සම්මු අෂාන් 24, කසුන් විදුර 98, උදයවංශ පරාක්‍රම 30, තික්ෂිල ද සිල්වා 39, සිතුම් දිසානායක 20, මහිත් පෙරේරා 16/2, දුෂාන් හේමන්ත 52/2, අසංක මනෝජ් 93/2)

පානදුර පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 326  
(කාංචන ද ලිවේරා 44, විෂ්ව චතුරංග 111, දුෂාන් විමුක්ති 57, සසිඳු මල්ෂාන් 48, දුෂාන් හේමන්ත නොදැවී 20, තික්ෂිල ද සිල්වා 67/3, සම්මු අෂාන් 92/3)

මේරියන්ස් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 211  
(තරිඳු අමරසිංහ 37, සම්මු අෂාන් 77, කසුන් විදුර නොදැවි 52, දුෂාන් විමුක්ති 45/3, දුෂාන් හේමන්ත 41/2)

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී. සහ කුරුණෑගල යොවුන් අතර තරගය


කුරුණෑගල යොවුන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 217  
(ධනුෂ්ක ධර්මසිරි 21, දිල්හාර පොල්ගම්පල 34, ලක්ෂාන් එදිරිසිංහ 74, දිනුෂ්ක මාලන් 32, කවිඳු පතිරණ 48/5, ළහිරු කුමාර 25/3)

එන්.සී.සී. පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 301
(කමිල් මිෂාර 91, සහන් ආරච්චිගේ 64, කවින් බණ්ඩාර 38, ළහිරු කුමාර 22, ළහිරු ජයරත්න 54/3, සමීර සඳමාල් 49/2, දිනුෂ්ක මාලන් 70/2, චාමිකර එදිරිසිංහ 104/2)

එන්.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 306  
(ගයාන් මධුෂංක 77, දිල්හාර පොල්ගම්පල 58, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 82, සමීර සඳමාල් 31, සහන් ආරච්චිගේ 59/2)

607595167 1306979161467197 550672580252056131 n
කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී
බදුරලිය සහ බී.ආර්.සී. අතර තරගය


බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 290

(දිල්ෂාන් ද සොයිසා 78, රොස්කො තටීල් 40, විනුර දුල්සර 56, අලංකාර අසංක 59, මොහොමඩ් සිරාස් 76/5, සහන් අදීෂ 49/2)

බී.ආර්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 256  
(රිසිර වීරසේකර 25, ප්‍රමෝද් මධුවන්ත 125, යසිරු රොද්‍රගූ 53, චානක කොමසාරු 56/4, අලංකාර අසංක 65/3, මාලින්ද පුෂ්පකුමාර 56/2)

බදුරලිය දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 57  
(දිල්ෂාන් ද සොයිසා 22, රුමේෂ් බුද්ධික 21, ශෂික දුල්ෂාන් 14/3)


(kelimandala | ශානුක අරවින්ද)
 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්