leader s

ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් ලබන වසරේ පෙබරවාරි - මාර්තු පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිරික්සුම් තරගය පැවැත්වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය නිවේදනය කරනවා.


‌නව ක්‍රීඩාංගණයේ මේ පළමු පිරික්සුම් තරගය පැවැත්වීමට නියම කරගෙන තිබුනේ 2026 ජනවාරි 14 වැනි දිනයේයි. එහෙත් ඩිට්වා සුළි සුළඟින් බාධා පැමිණීම නිසා එම තරගය මෙන්ම ක්‍රීඩාංගණයේ නියමිත ඉදිකිරීම් කටයුතු ද තාවකාලිකව නතර වුණා.

යාපනයේ මන්ඩතිවු හි ගොඩනැගෙමින් තිබෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (JICS – Jaffna International Cricket Stadium) ඉදිකිරීමේ කටයුතු දැන් යළිත් ආරම්භ වී සැලසුම් කළ පරිදි සිදුවෙමින් තිබෙන බව SLC ආයතනය ප්‍රකාශ කරනවා.

සැලසුම් කරගෙන තිබෙන ආකාරයට නියමිත කාලසීමාව ඇතුළත ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරනවා.

Stadium

 

JICS පිටිය ඉදිවන්නේ අක්කර 48ක භූමියක. එහි මීටර් 80 දක්වා දුරකට දික් කෙරුනු හතරේ සීමාවන් සමග මධ්‍ය තණතීරු 10ක් තිබෙනවා.

යාපනයේ අක්කර 138ක භූමි ප්‍රදේශයක ක්‍රීඩා නගරයක් ගොඩනැගීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන සංකල්පයේ කොටසක් වශයෙනුයි මේ ක්‍රීඩාංගණයේ ඉදිකිරීමේ කටයුතු සිදුවන්නේ.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ වැදගත් කාර්යයක් මේ ක්‍රීඩාංගණයෙන් ස්ථාපනය වන අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ගමන් මඟ වැඩසටහන සමග එකට යන ක්‍රියාවලියක්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්