උදා වූ නව වසර මුල සිදුවන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය රජයේ Rebuilding Sri Lanka වැඩසටහන ප්‍රවර්ධන කිරීම සඳහා වෙන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මේ අනුව, ජාත්‍යන්තර විස්සයි20 තරග තුනකින් සමන්විත එම තරගමාලාවෙන් උපයන ආදායම එම වැඩසටහනේ අරමුදලට පරිත්‍යාග කිරීමට නියමිතයි.
ලබන මස ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේ වැදගත් තරගාවලියක් ලෙස සැලකෙන මේ ශ්‍රී ලංකා - පාකිස්තාන විස්සයි20 තරග තුන ජනවාරි 7, 9 හා 11 යන දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඩිට්වා සුළිසුළඟෙන් ඇති වූ විනාශයෙන් මිදීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන ප්‍රතිසංවිධාන උත්සාහයන්ට සහාය වීම පිණිස ශම්මි සිල්වා ගේ මූලිකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මේ තීරණය ගෙන තිබෙනවා.
මීට අමතරව, තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ #VisitSriLanka යන හෑෂ් ටැගය ප්‍රවර්ධනය කිරීම සඳහා ද මේ තරගමාලාව යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







