leader s

පළමු වතාවට ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන පළමු ආසියානු දැල්පන්දු (පිරිමි) තරගාවලියේ සහභාගිත්වයට මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිදු සූදානමක් පළ කර නැතැයි වාර්තාවේ.


මේ වන ශ්‍රී ලංකාවේ දැල්පන්දු (නෙට්බෝල්) පරිපාලනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයේ පවතින අතර පළමු ආසියානු දැල්පන්දු (පිරිමි) තරගාවලිය ලබන පෙබරවාරි 5 සිට 12 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වේ.

ඒ සදහා පාකිස්තානය හැරෙන්නට කලාපයේ සෙසු රටවල් අටක් මේ වන විටත් සහභාගිත්වය සනාථ කර තිබේ.

 

Sunil Kumara 1200x675px 26 05 25 1000x600ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

කෙසේවූවත් ඊට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය පිළිබදව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ දැනුවත් කළ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ මෙරටින් කණ්ඩායමක් සහභාගි කිරීමට පියවර ගන්නා බවයි.

එහෙත් තරගාවලිය ආසන්නයට පැමිණ තිබියදි ඒ සදහා මෙතෙක් කිසිදු පූර්ව සූදානමක් ක්‍රීඩා අමාත්‍යාංශය පළ කර නැතැයි එහි ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය සැප්තැම්බර් 19 වැනිදා ජිබොල්ටාවේදී ආරම්භ වූ ලෝක කුසලාන යොවුන් දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අවසන් මොහොතේ අසාර්ථක වූයේ ඒ සදහා ක්‍රීඩා අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් දැක්වූ උදාසීන සූදානම බවට චෝදනා එල්ල විය.

 

nt57
ක්‍රීඩා අමාත්‍යාංශයේ උදාසීනත්වයෙන් ආසියානු පිරිමි දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයටත් එයම සිදු වනු ඇතැයි දේශීය දැල්පන්දු කේෂ්ත්‍රයේ පාර්ශව වෙතින් මේ වන විට බිය පළවී තිබේ.

වසර 2024 මැයි 30 වැනිදා සිට ක්‍රියාකාරීත්වය අත් හිටුවා තිබෙන ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය කැදවීමේ අරමුණින් මේ වන විට නාමයෝජනා කැදවා අවසන් කර තිබේ. එහෙත් නිලවරණය පැවැත්වෙන දිනයක් මෙතෙක් ප්‍රකාශවී නැත. එම තත්වය වසර 2026 ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර දැල්පන්දු තරග සහභාගිත්වයට දැඩි බලපෑමක් කෙරෙන සිදුවීමක් බවට පත්ව තිබේ.

වසර 2027 - සිඩ්නි ලෝක දැල්පන්දු කුසලාන තරගාවලියට ආසියානු කලාපයෙන් නිර්දේශ ලබන රටවල් දෙක තීරණය වන මීළග ආසියානු දැල්පන්දු තරගාවලිය ලබන අගෝස්තු 7 සිට 17 වැනිදා දක්වා හොං කොං රාජ්‍යයේදී පැවැත්වේ.

ඒ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් කොරියාවේදී පැවැති ආසියානු දැල්පන්දු සම්මේලන සැසි වාරය නියෝජනය කළ ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න වසර 2026 ට නියමිත දකුණු ආසියානු වයස16 න් පහළ දැල්පන්දු තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට කැමැත්ත පළ කර සිටියේය.

එසේවූවත් දැල්පන්දු සම්මේලනය ස්ථාපිත කෙරෙන තුරු එකී කිසිදු ජාත්‍යන්තර තරග සහභාගිත්වයකට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අවිනිශ්චිත තත්වයකට පත්ව ඇතැයිද වැඩි දුරටත් වාර්තාවේ.

( kelimandala | නාමල් පතිරගේ)

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්