leader s

අප්‍රිකානු රටවල් අතර පැවති ‘අප්‍රිකානු කුසලාන’ (Africa Cup of Nations - AFCON) පාපන්දු තරගාවලියේ මූලික වටයෙන්ම

ඉවතට විසිවුනු ගැබෝන් (Gabon) නමැති මධ්‍යම අප්‍රිකානු දේශයේ ජාතික පාපන්දු කණ්ඩායම එරට රජය විසින් නැවත දන්වන තුරු තාවකාලිකව තහනම් කර තිබෙනවා. මෙය රටක ආණ්ඩුවක් විසින් කෙළින්ම ක්‍රීඩාවට මැදිහත්වීමක් බව ක්‍රීඩා විචාරකයින් චෝදනා කරනවා.

ඉදිරිපෙල ක්‍රීඩක Pierre-Emerick Aubameyang හා ගැබෝන් පාපන්දු නායක Bruno Ecuele Manga ට ජාතික කණ්ඩායමේ තෝරාගැනීම්වලට ඉදිරිපත් වීම තහනම් කර තිබෙන අතර පුහුණු මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා.

xcvdsg| Pierre-Emerick Aubameyang & Bruno Ecuele Manga
AFCON තරගාවලියේ සියලු තරග පරාජය වීමෙන් පසුව ගැබෝන් කණ්ඩායම ‘එෆ්’ කොටසේ අවසන් ස්ථානයට පත්වුණා. ඔවුන් අයිවරි කෝස්ට් සමග පැවති අවසන් තරගයේ ගෝල් 2-0කින් ඉදිරියෙන් සිටිය ද අවසානයේ ක්‍රීඩාව කඩාවැටෙමින් පරාජයට පත්වුණා,

dvsdf
ජාතික පාපන්දු කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවීමෙන් පසුව ගැබෝන් රජය නිකුත් කළ නිවේදනය ජාතික රූපවාහිනියෙන් කියැවූයේ මහ හඬකින්. එහිදී කණ්ඩායමේ ක්‍රීඩාව ‘නින්දිතයි’ යනුවෙන් හැඳින්වූ එම නිවේදනය Aubameyang සහ Ecuele Manga ගැබෝන් රට නියෝජනය කිරීමෙන් ඉවත් කර ඇතැයි ප්‍රකාශ කළා. තරග 105කට ක්‍රීඩා කර තිබෙන Ecuele Manga රට වෙනුවෙන් වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයා වන අතර ගෝල් 41ක් වාර්තා කර ඇති Aubameyang ඔවුන්ගේ වැඩිම ගෝල් ලාභියා වනවා.

සිය ක්‍රීඩා දිවිය තුළ ගැබෝන් වෙනුවෙන් තරග 30කට වැඩි ප්‍රමාණයකට ක්‍රීඩා කර දැන් ගැබෝන් පාපන්දුවේ ප්‍රධාන පුහුණුකරුව සිටින Thierry Mayouma, කණ්ඩායමේ තාක්ෂණික මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසුව ඔහුගේ තනතුරෙන් ඉවත් වුණා.

xcvdfdf| ගැබෝන් පාපන්දුවේ ප්‍රධාන පුහුණුකරු Thierry Mayouma
පසුගිය නොවැම්බරයේ නයිජීරියාව ට එරෙහිව පැවති තීරණාත්මක සුදුසුකම් ලැබීමේ අවසන් පූර්ව තරගය පරාජය වෙමින් ගැබෝන් මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අසමත් වුණා. ගැබෝන් කණ්ඩායම ඔවුන්ගේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග දහයෙන් අටක් ජයග්‍රහණය කළ ද ඔවුන් එම තරග වටය අවසන් කළේ ඔවුන් අයත්ව සිටි කොටසේ පෙරමුණට පිවිසි අයිවරි කෝස්ට් කණ්ඩායමට ලකුණක් පිටුපසින් සිටිමින්.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්