leader s

ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් ලබන මස මුල ඇරඹෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය සහභාගි වන තරග සඳහා ප්‍රවේශ පත් එම කණ්ඩායම්වල නායකයන්ට නිල වශයෙන් පිරිනැමීම ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා.

එහි පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්තාන තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාවේ ඊයේ පළමු තරගය ආරම්භ වීමට පෙර දෙපිලේ නායකයින් මේ ප්‍රවේශ පත් ලබා ගත්තේ ජාත්‍යන්තර තරග විස්තර නිවේදකයන් වන රසල් ආනොල්ඩ් සහ ආමීර් සොහේල් අතින්.

 

Match Ticket Handover to the Captains

පෙබරවාරි 7 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයේ ආරම්භක තරගය සඳහා වන ප්‍රවේශ පත්‍රය පාකිස්තාන නායක සල්මාන් අඝා ලබා ගත්තා.

 

Match Ticket Handover to the Captains 1

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ආරම්භක තරගය පැවැත්වෙන්නේ අයර්ලන්තය ට එරෙහිවයි. පෙබරවාරි 8 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත එම තරගයේ ප්‍රවේශ පත්‍රය ශ්‍රී ලංකා නායක දසුන් ශානක ලබා ගත්තා.

පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා පැවැත්වෙන 2026 T20 ලෝක කුසලාන තරග ප්‍රවේශ පත් Tickets.CricketWorldCup.com ඔස්සේ මාර්ගගතව ක්‍රීඩා ලෝලීන්ට මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටිනවා.

 

cricket

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්