leader s

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වන චොකලට් පැහැති පදක්කම වෙනුවෙන්

එංගලන්තය ට එරෙහිව මයාමි ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට තම කණ්ඩායමට අවශ්‍ය නැති බව පිළිගන්නා ප්‍රංශ පුහුණුකරු ඩිඩීඒ ඩේෂෝම් එහෙත් එම ලෝකඩ පදක්කම දිනා ගැනීම ඔවුන්ගේ රාජකාරිය බව පවසනවා.

මේ තරගය සඳහා ක්‍රීඩා කිරීමට එංගලන්තය ට හෝ ප්‍රංශය ට අවශ්‍ය නැතත් මෙය මිත්‍ර තරගයක් නොවන බවත් ලෝකඩ පදක්කම සුරක්ෂිත කර ගැනීම සඳහා තමාගේ කණ්ඩායමට යුතුකමක් තිබෙන බවත් ඩේෂෝම් එම තරගය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවේ කියා සිටියා.

“මේ තරගයේදී මට වගකීමක් තියෙනවා. මෙය මිත්‍ර තරගයක් නෙවෙයි. මෙය තෙවැනි ස්ථානය සඳහා වන තරගයක්. ක්‍රීඩකයින්, කාර්ය මණ්ඩලය හා මට මේ අවසන් අරමුණ කරා යාමේ රාජකාරියක් තියෙනවා. එය අවසාන තරගයට වඩා වැදගත්කමෙන් අඩුයි. මේ තරගය ක්‍රීඩා කරන්න එංගලන්තයට උවමනා නැහැ. අපටත් එහෙමයි. ඒත් අපි දැන් මේ අවස්ථාවට ඇවිත් ඉන්නවා” යනුවෙන් ප්‍රංශ පුහුණුකරු ප්‍රකාශ කළා.

ප්‍රංශයේ අවධානය යොමුව තිබෙනනේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට බව පැවසූ ඩේෂෝම්, ජාතික කමිසය පැලඳීම සමග ඒ ඉලක්කය සාර්ථක කර ගැනීමේ වගකීම ද පැවරෙන බව අවධාරණය කළා. මේ තරගය ප්‍රංශ පුහුණුකරු වශයෙන් තමාගේ අවසාන තරගය බව කී ඔහු අවසානය ළංව තිබුනත් ජීවිතය ගලා යන බව සඳහන් කළා.

අවසන් පූර්ව තරගයේ පරාජයෙන් පසුව තෙවැනි ස්ථානයේ තරගය ක්‍රීඩා කිරීමට ප්‍රංශ ක්‍රීඩකයින් අකමැති වුනත් ලෝකඩ පදක්කම දිනා ගැනීම මගින් ඉවත්ව යන පුහුණුකරුට ජයග්‍රාහී සමුගැනීමක් ලබා දීමට තම කණ්ඩායම අදිටන් කරගෙන සිටින බව ආරක්ෂක පෙල ක්‍රීඩක ඉබ්‍රාහිම් කොනටේ කියනවා.

එංගලන්තය ට ද ලෝකඩ පදක්කමේ තරගය සඳහා ක්‍රීඩා කිරීමට උවමනාවක් නැතැයි එංගලන්ත පුහුණුකරු තොමස් ටූහල් කලින්ම කියා තිබුණා.  

“අපේ කිසිම ක්‍රීඩකයෙකුට හෝ කිසිම ප්‍රංශ ක්‍රීඩකයෙකුට මේ තරගය ක්‍රීඩා කිරීමේ උවමනාවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය ලෝක කුසලාන අවසාන තරගයට ක්‍රීඩා කරන්නයි. ඒ ඉලක්කය කරා යන්න අපි අපට කළ හැකි හැම දෙයක්ම කෙරුවා. හැමෝම ක්‍රීඩා කරන්නේ ලෝක කුසලානය දිනා ගන්නයි. නමුත් මෙහෙම තමයි අන්තිමට සිද්ධ වුනේ”

යනුවෙන් ටූහල් තම කණ්ඩායමේ වේදනාකාරී අවසන් පූර්ව පරාජයෙන් පසුව ප්‍රකාශ කර තිබුණා.

එංගලන්ත පුහුණුකරු විවේචනයට අමෙරිකානු ජනාධිපතිවරයාත් එක්වෙයි

zdsdfdf

මේ අතර, ආජන්ටිනාව ට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේදී එංගලන්ත පුහුණුකරු තොමස් ටූහල් විසින් නායක හැරී කේන් ආක්‍රමණශීලී ක්‍රීඩකයෙකුගේ සිට ආරක්ෂාකාරී ක්‍රීඩකයෙකු ලෙසට හැරවීම සම්බන්ධයෙන් නැගී එන චෝදනාවන්ට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එක්ව සිටිනවා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ පසෙකින් තබා ගෙන ට්‍රම්ප් කුළුණේදී කතා කළ ට්‍රම්ප්, ආක්‍රමණශීලී කේන්ව එසේ ඵලදායී නොවන ආකාරයෙන් මෙහෙයවනු දැකීම මඳක් අසාමාන්‍ය බව කියා සිටියා.

ගෝල් 1-0කින් ලබා ගෙන සිටි පෙරමුණ නාස්ති කරමින් එංගලන්තය ගෝල් 1-2කින් ආජන්ටිනාව ට පරාජය වූ අතර එහිදී ලියොනල් මෙසී එංගලන්ත හදවත් බිඳ දැමුවේ එම ජයග්‍රාහී ගෝල් දෙක ලබා ගැනීමට සහාය වෙමින්.

එහෙත් තරගයේ දෙවැනි භාගයේ මුල සිටම ඉතාමත් ආරක්ෂාකාරී ක්‍රීඩාවකට යොමු වෙමින් එක් ගෝලයක වාසිය මත රැඳී සිටීම ගැන ටූහල් දැඩි විවේචනයට ලක්ව සිටිනවා.

නායක කේන් මේ තරගාවලියේ මීට පෙර ගෝල් හයක් ලබා ගෙන සිටියත් ඔහු තරගයේ වැඩි වේලාවක් පසුපස කලාපයේ ක්‍රීඩා කරනු දර්ශනය වුණා.
මීට මාස 18කට පෙර හැරී කේන් සමග ගොල්ෆ් ක්‍රීඩා කළ ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවසුවා.
 
“මාත් එක්ක ගොල්ෆ් ක්‍රීඩා කළ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් එංගලන්තයේ ඉන්නවා. ඒ හැරී. ඔහු අගේ ඇති පුද්ගලයෙක්.”

“එයාව ආරක්ෂක ක්‍රීඩකයෙක් බවට පත් කිරීමෙන් ඔවුන් වැරැද්දක් සිදු කළා වෙන්න පුළුවනි. ඒත් ඉතිං, මම මොනවද පාපන්දුව ගැන දන්නේ?”

“ඔවුන් තරගයේ පෙරමුණ ගත්තා. ඔවුන් ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයාව ආරක්ෂාකාරී ක්‍රීඩාවේ දැමුවා. ඊට පස්සේ කොහොම හරි...”

“නමුත් මම මොනවද පුහුණු කිරීම ගැන දන්නේ? ඒක ටිකක් අසාමාන්‍යයි.”
                        
මලානික වූ නික්ම යාමක්
එංගලන්තය හා ප්‍රංශය මේ බියකරු තෙවැනි-ස්ථාන ගැටුමට පිවිසෙන්නේ අවසන් පූර්ව වටයේ අත්විඳි පරාජයේ තුවාල තවමත් පැසවෙමින් තිබියදී. මේ තුවාල ඔවුන් විසින් ම සිදුකර ගත් ඒවා බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා.

මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර දක්වා වූ ගමනේදී අතිවිශිෂ්ට කණ්ඩායම බවට පත්ව සිටි ප්‍රංශය අවසානයේදී ස්පාඤ්ඤයේ ‘මාස්ටර්’ මට්ටමේ උපායශීලී ක්‍රීඩාව හමුවේ හඳුනා නොගත් කණ්ඩායමක් බවට පත්වෙමින් ගෝල් 2-0ක පරාජයක් ලැබුවා.

එංගලන්තය ලෝක කුසලාන ශෝකයේ ඔවුන්ගේ දීර්ඝ කාලීන ඉතිහාසයට තවත් පරිච්ඡේදයක් එක් කරමින් තරගයේ ඔවුන්ගේ මුල් පියවර හා පෙරමුණ ආජන්ටිනාවට යටත් කර දී ගෝල් 2-1කින් පරාජයට පත්වුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්